ධර්මදේශකයා 12:4-6 - Compare All Versions

ධර්මදේශකයා 12:4-6 SROV (Sinhala Revised Old Version)

වීදියේ දොරවල් වසනු ලබන්නේය, ඇඹරීමේ ශබ්දය බාලවන්නේය, ඔහු කුරුල්ලාගේ හඬට නැගිටින්නේය, ගීතිකා කියන සෑම දූවරුද බෙලහීනවන්නෝය; ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය. රිදී ලනුව ලිහී රන් භාජනය පොඩිවෙන්ටත්, උල්පතේදී කළය බිඳෙන්ටත්, ළිඳේ චක්‍රය කැඩෙන්ටත්

ධර්මදේශකයා 12:4-6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට වීදියේ දොරවල් වසනු ලබයි, ඇඹරුම් හඬ අඩාල ව යයි, කුරුලන්ගේ නාදයට මිනිසුන් අවදි වෙයි, ඔවුන්ගේ සියලු ගීත නාද හීන වී යයි. මිනිසුන් ඉහළට හා වීදියේ අනතුරුවලට බය වෙයි, බාදම් ගසේ මල් හට ගනියි, පළඟැටියා තනි ව ඇදී යයි, තවදුරටත් ආශා පුබුදුවන්නේ නැත; ඉන්පසු මිනිසා තම සදාතනික නිවසට යන්නේ ය; වැලපෙන්නෝ වීදි ඔස්සේ යන්නෝ ය. එසේය, උන්වහන්සේ සිහි කරන්න රිදී රැහැන කැඩීයන්න පළමු, රන් බඳුන බිඳී යන්න පළමු, දිය පාර ළඟ කළය බිඳෙන්නට හා ළිඳේ බොලොක්කය කැඩෙන්නට පළමු

ධර්මදේශකයා 12:4-6 NRSV (Sinhala New Revised Version)

වීදියේ දොරවල් වසනු ලබන්නේ ය. ඇඹරීමේ ශබ්දය හීන වන්නේ ය. කුරුල්ලාගේ හඬට ද ඔහු අවදි වන්නේ ය. ගායිකාවන්ගේ ගී හඬ දුබල වන්නේ ය. ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය. එසේ වන්නේ, රිදී දාමය හා රන් බඳුන වැටී කැඩෙන්නටත්, දිය කඩිත්තේ කළය බිඳෙන්නටත්, ළිඳේ රෝදය කැඩෙන්නටත්

ධර්මදේශකයා 12:4-6 SNRV (Sinhala New Revised Version 2018)

වීදියේ දොරවල් වසනු ලබන්නේ ය. ඇඹරීමේ ශබ්දය හීන වන්නේ ය. කුරුල්ලාගේ හඬට ද ඔහු අවදි වන්නේ ය. ගායිකාවන්ගේ ගී හඬ දුබල වන්නේ ය. ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය. එසේ වන්නේ, රිදී දාමය හා රන් බඳුන වැටී කැඩෙන්නටත්, දිය කඩිත්තේ කළය බිඳෙන්නටත්, ළිඳේ රෝදය කැඩෙන්නටත්

ධර්මදේශකයා 12:4-6 NIV (New International Version)

when the doors to the street are closed and the sound of grinding fades; when people rise up at the sound of birds, but all their songs grow faint; when people are afraid of heights and of dangers in the streets; when the almond tree blossoms and the grasshopper drags itself along and desire no longer is stirred. Then people go to their eternal home and mourners go about the streets. Remember him—before the silver cord is severed, and the golden bowl is broken; before the pitcher is shattered at the spring, and the wheel broken at the well