ධර්මදේශකයා 12:2-5

ධර්මදේශකයා 12:2-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

හිරු ද ආලෝකය ද සඳු හා තරු ද අන්ධකාර වන්නට කලිනි; වැස්සට පසු වලාකුළු ආපසු එන්නට කලිනි. එකල නිවසේ මුරට සිටින්නෝ වෙවුලන්නෝ ය; ශක්තිමත් පිරිමි නැමෙන්නෝ ය. ඉතා ස්වල්ප දෙනකු පමණක් බැවින් අඹරන්නියෝ ඇඹරුම් නවතති. කවුළු අතරින් බලන්නන්ට පැහැදිලි ව නො පෙනේ. එවිට වීදියේ දොරවල් වසනු ලබයි, ඇඹරුම් හඬ අඩාල ව යයි, කුරුලන්ගේ නාදයට මිනිසුන් අවදි වෙයි, ඔවුන්ගේ සියලු ගීත නාද හීන වී යයි. මිනිසුන් ඉහළට හා වීදියේ අනතුරුවලට බය වෙයි, බාදම් ගසේ මල් හට ගනියි, පළඟැටියා තනි ව ඇදී යයි, තවදුරටත් ආශා පුබුදුවන්නේ නැත; ඉන්පසු මිනිසා තම සදාතනික නිවසට යන්නේ ය; වැලපෙන්නෝ වීදි ඔස්සේ යන්නෝ ය.

ධර්මදේශකයා 12:2-5 Sinhala Revised Old Version (SROV)

ඉරත් එළියත් සඳත් තාරකාත් අඳුරුවන්නේය, වැස්සට පසුව වලාකුල් හැරී එන්නේය. ඒ කාලයෙහි ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය, බලවන්තයෝ නැමෙන්නෝය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නෝය; වීදියේ දොරවල් වසනු ලබන්නේය, ඇඹරීමේ ශබ්දය බාලවන්නේය, ඔහු කුරුල්ලාගේ හඬට නැගිටින්නේය, ගීතිකා කියන සෑම දූවරුද බෙලහීනවන්නෝය; ඔව්හු උස්වූ දෙයට භයවන්නෝය, භයානකකම්ද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළඟැටියා බරක් වන්නේය, ආශාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද වීදිවල ඇවිදින්නෝය.

ධර්මදේශකයා 12:2-5 Sinhala New Revised Version (NRSV)

ඒ කාලයේ දී ඉර, හඳ, තාරකාවල එළිය අඳුරු වන්නේ ය. වැහි වලාකුළු නොනැවතී එන්නේ ය. ඒ කාලයේ දී ගෙයි රැකවල්ලු වෙවුළන්නෝ ය; බලවන්තයෝ දුබල ව කුදු වන්නෝ ය; අඹරන්නෝ ස්වල්ප බැවින් ඇඹරීම නවතින්නේ ය; කවුළුවලින් බලන්නන්ගේ ඇස් අඳුරු වන්නේ ය. වීදියේ දොරවල් වසනු ලබන්නේ ය. ඇඹරීමේ ශබ්දය හීන වන්නේ ය. කුරුල්ලාගේ හඬට ද ඔහු අවදි වන්නේ ය. ගායිකාවන්ගේ ගී හඬ දුබල වන්නේ ය. ඔව්හු උස් දෙයට භය වන්නෝ ය. මාර්ගයෙහි ද බියජනක දේ වන්නේ ය. ඔබේ හිසකේ කොට්ටම්බා ගසේ මල් මෙන් සුදු වන්නේ ය. ඔබ පළඟැටියා මෙන් ගාටමින් යන්නෙහි ය. ඔබේ කායික ආසා පහ ව යන්නේ ය. මන්ද, මනුෂ්‍යයා තමාගේ සදාතන නිවෙසට යන්නේ ය. විලාප කියන්නෝ ද වීදිවල ඇවිදින්නෝ ය.

ධර්මදේශකයා 12:2-5 Sinhala New Revised Version 2018 (SNRV)