ධර්මදේශකයා 11:8-10
ධර්මදේශකයා 11:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් කෙනකු ජීවත් වන බොහෝ වූ අවුරුදුවල ඔහු ඒ මුළු කාලය ම ප්‍රීතියෙන් ගත කරත්වා; අන්ධකාරයේ දවස් ගැන ඔහු සිත් යොමු කරත්වා; මන්ද ඒවා ද බොහෝ වනු ඇත. පැමිණෙන හැම දෙයක් ම නිරර්ථක ය. එම්බා යෞවනය, ඔබේ යෞවනයෙහි ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්හි දී ඔබේ හදවත ඔබට ප්‍රීතිය ගෙන දේවා. ඔබේ හදට රිසි මගෙහි, ඔබේ ඇසට ප්‍රිය පරිදි කටයුතු කරන්න; එහෙත් දෙවියන්වහන්සේ මේ සියල්ලෙහි දී ඔබ විනිශ්චයට ගෙනෙන වග මතක තබා ගන්න. එබැවින් කනස්සල්ල ඔබේ හදින් පලවා හැර, ඔබේ ගතේ කරදර ඉවත හෙළන්න; මන්ද යෞවනයත්, ශක්තියත් නිරර්ථක ය.
ධර්මදේශකයා 11:8-10 Sinhala Revised Old Version (SROV)
එසේය, මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා; එහෙත් ඔහු අඳුරු දවස් සිහිකෙරේවා, මක්නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵලකමක්ය. තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න. එසේ නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.
ධර්මදේශකයා 11:8-10 Sinhala New Revised Version (NRSV)
එසේ ය, මනුෂ්‍යයෙක් චිරාත් කාලයක් ජීවත් ව සිට ඔහු ඒ සියල්ලෙහි ප්‍රීති වේ වා! එහෙත්, අඳුරු දවස් එන බව ද ඒවා බොහෝ බව ද සිදු වන හැම දෙය ම නිසරු බව ද ඔහු අමතක නොකරාවා. තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න. ඔබේ සිතෙන් දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.
ධර්මදේශකයා 11:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
එසේ ය, මනුෂ්‍යයෙක් චිරාත් කාලයක් ජීවත් ව සිට ඔහු ඒ සියල්ලෙහි ප්‍රීති වේ වා! එහෙත්, අඳුරු දවස් එන බව ද ඒවා බොහෝ බව ද සිදු වන හැම දෙය ම නිසරු බව ද ඔහු අමතක නොකරාවා. තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න. ඔබේ සිතෙන් දුක් කරදර ඉවත ලා ජීවත්වන්න. මන්ද, යෞවන කාලයත්, වැඩි මහලු කාලයත් නිෂ්ඵල ය.
ධර්මදේශකයා 11:8-10 New International Version (NIV)
However many years anyone may live, let them enjoy them all. But let them remember the days of darkness, for there will be many. Everything to come is meaningless. You who are young, be happy while you are young, and let your heart give you joy in the days of your youth. Follow the ways of your heart and whatever your eyes see, but know that for all these things God will bring you into judgment. So then, banish anxiety from your heart and cast off the troubles of your body, for youth and vigor are meaningless.