ධර්මදේශකයා 11:3-6
ධර්මදේශකයා 11:3-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වලාකුළු ජලයෙන් බර ව තිබෙන කල, පොළොවට වැහි වහී; ගහක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම වැටී තියේ. සුළඟ ගැන බලා සිටින්නන් වපුරන්නේ නැත; වලාකුළු ගැන බලා සිටින්නන් නෙළාගන්නේ නැත. සුළඟේ ගමන් මග ඔබ දන්නේ නැති සේ ම, මවකගේ ගර්භයේ කලලය සෑදෙන හැටි නො දන්නා සේ ම, සියල්ලේ මැවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ වැඩ ඔබට වටහා ගත නො හැක. ඔබගේ බීජ උදෑසන වපුරන්න; සවස ද ඔබේ දෑත එම කාරියෙන් නො වළකා ගන්න. මන්ද සඵල වන්නේ ඒවා ද මේවා ද නැති නම් ඒ දෙක ම එක සේ හරියා ද කියා ඔබ දන්නේ නැත.
ධර්මදේශකයා 11:3-6 Sinhala Revised Old Version (SROV)
වලාකුල් පිරී තිබෙන විට වැස්ස පොළොවට වැගිරෙන්නේය. ගසක් දකුණට හෝ උතුරට හෝ වැටුණොත් ඒක වැටෙන තැනම තිබෙයි. හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය. සුළඟේ මාර්ගය කොහේද කියාවත් ගර්භිණියගේ කුසේ ඇට සෑදෙන්නේ කෙසේද කියාවත් නුඹ නොදන්නාක්මෙන් සියල්ල කරන දෙවියන්වහන්සේගේ වැඩත් නුඹ නොදන්නෙහිය. උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය.
ධර්මදේශකයා 11:3-6 Sinhala New Revised Version (NRSV)
වැහි වලාකුළු පිරී තිබෙන විට පොළොවට වැසි වසියි; ගසක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම තිබෙයි. සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත. ගර්භණියකගේ කුසෙහි නව ජීවයක් සෑදෙන්නේ කෙසේ ද කියා ඔබ නොදන්නෙහි ය; එමෙන් ම හැම දෙය පිළියෙළ කරන දෙවියන් වහන්සේගේ වැඩ කටයුතු ඔබ නොදන්නෙහි ය. උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.
ධර්මදේශකයා 11:3-6 Sinhala New Revised Version 2018 (SNRV)
වැහි වලාකුළු පිරී තිබෙන විට පොළොවට වැසි වසියි; ගසක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම තිබෙයි. සුළඟ ගැන බලා සිටින්නා වපුරන්නේ නැත. වලාකුළු ගැන බලා සිටින්නා අස්වැන්න කපා ගන්නේ නැත. ගර්භණියකගේ කුසෙහි නව ජීවයක් සෑදෙන්නේ කෙසේ ද කියා ඔබ නොදන්නෙහි ය; එමෙන් ම හැම දෙය පිළියෙළ කරන දෙවියන් වහන්සේගේ වැඩ කටයුතු ඔබ නොදන්නෙහි ය. උදේ වරුවේ බීජ වපුරන්න, සවස් වරුවේත් වපුරන්න. ඉන් කොයි ඒවා සඵල වේ ද කියා වත්, දෙවගේ ම එක සේ සරු වේ ද කියා වත් ඔබ නොදන්නෙහි ය.
ධර්මදේශකයා 11:3-6 New International Version (NIV)
If clouds are full of water, they pour rain on the earth. Whether a tree falls to the south or to the north, in the place where it falls, there it will lie. Whoever watches the wind will not plant; whoever looks at the clouds will not reap. As you do not know the path of the wind, or how the body is formed in a mother’s womb, so you cannot understand the work of God, the Maker of all things. Sow your seed in the morning, and at evening let your hands not be idle, for you do not know which will succeed, whether this or that, or whether both will do equally well.