ධර්මදේශකයා 10:16-17
ධර්මදේශකයා 10:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කුඩා දරුවකු රජ ව සිටින්නා වූ ද දේශාධිපතීන් උදයෙන් ම සාද පවත්වන්නා වූ ද එම්බා දේශය, නුඹට දුක් පැමිණේ. උදාර ජන්මයක් ඇති අයකු රජ ව සිටින කල, දේශාධිපතීන් බේබදුකමට නො ව ශක්තිය සඳහා කලට වෙලාවට අහර ගන්නා කල එම්බා දේශය, නුඹ භාග්‍යවත් ය.
ධර්මදේශකයා 10:16-17 Sinhala Revised Old Version (SROV)
එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ! එම්බා දේශය, නුඹේ රජ වංශවත් දරුවෙක් වන විටද, නුඹේ අධිපතීන් ගිජුකමට නොව ශක්තිය පිණිස නිසි වේලාවට කෑම කන විටද, නුඹ වාසනාවන්තය!
ධර්මදේශකයා 10:16-17 Sinhala New Revised Version (NRSV)
එම්බා දේශය, ඔබේ රජු කටින් කිරි සුවඳ හමන දරුවෙකු ව සිටින විට ද ඔබේ අධිපතීන් රෑ පුරා කා බී ප්‍රීති වන විට ද ඔබේ විපත ළඟ ය. එම්බා දේශය, ඔබේ රජු වංශවත් උසස් කුලයක දරුවෙකු වන විට ද ඔබේ අධිපතීන් ගිජුකමින් නොකා සනීප ශක්තිය පිණිස නිසි වේලාවට පමණක් කෑම කන විට ද ඔබ වාසනාවන්ත ය!
ධර්මදේශකයා 10:16-17 Sinhala New Revised Version 2018 (SNRV)