ධර්මදේශකයා 1:3-7 - Compare All Versions
ධර්මදේශකයා 1:3-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)
හිරු යටදී වෙහෙස වී කරන ඔහුගේ මහන්සියෙන් මිනිසාට ඇති ප්‍රයෝජනය කුමක් ද? පරම්පරාවක් යයි; පරම්පරාවක් එයි. එහෙත් පොළොව සදහට ම පවතී. හිරු නැග එයි; හිරු බැස යයි; කඩිනමින් එය නැග එන තැනට ආපසු යයි. සුළඟ දකුණු දෙසට හමයි; එය වටේට උතුරට යයි; සුළඟ වටයෙන් වටයට හමා යමින්, සුළඟ එහි ගමන් පථයක යළි පැමිණෙයි. සියලු ගංගා සයුරට ගලයි; එහෙත් සයුර පිරී ඉතිරෙන්නේ නැත; ගංගා ඒවා පටන් ගත් තැනට ම ආපසු එයි.
ධර්මදේශකයා 1:3-7 SROV (Sinhala Revised Old Version)
මනුෂ්‍යයා ඉර යට ගන්නාවූ තමාගේ සියලුම වෙහෙසවලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය. තවද හිරු උදාවන්නේය, හිරු බැස යන්නේය, ඒක උදාවුණ තැනටම නැවත ඉක්මනින් පැමිණෙන්නේය. සුළඟ දකුණු දිගට ගොස් උතුරට හැරීයන්නේය; සුළඟ නිතරම ඒකේ මාර්ගයෙහි මාරු වෙවී ගොස් ඒකේ වටවූ ගමන්වලට නැවත පැමිණෙන්නේය. සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.
ධර්මදේශකයා 1:3-7 NRSV (Sinhala New Revised Version)
මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද? එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි. හිරු උදා වෙයි, හිරු බැස යයි; එය උදා වූ තැනට ම යළිදු වහා පැමිණෙයි. සුළඟ දකුණ බලා හමයි, සුළඟ උතුර බලා හමයි; එය කැරකි කැරකී හමයි. වටරවුමෙහි හමා ගොස් නැවත මුල් තැනට ම පැමිණෙයි. සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි.
ධර්මදේශකයා 1:3-7 SNRV (Sinhala New Revised Version 2018)
මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද? එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි. හිරු උදා වෙයි, හිරු බැස යයි; එය උදා වූ තැනට ම යළිදු වහා පැමිණෙයි. සුළඟ දකුණ බලා හමයි, සුළඟ උතුර බලා හමයි; එය කැරකි කැරකී හමයි. වටරවුමෙහි හමා ගොස් නැවත මුල් තැනට ම පැමිණෙයි. සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි.
ධර්මදේශකයා 1:3-7 NIV (New International Version)
What do people gain from all their labors at which they toil under the sun? Generations come and generations go, but the earth remains forever. The sun rises and the sun sets, and hurries back to where it rises. The wind blows to the south and turns to the north; round and round it goes, ever returning on its course. All streams flow into the sea, yet the sea is never full. To the place the streams come from, there they return again.