ධර්මදේශකයා 1:13-14
ධර්මදේශකයා 1:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහසින් යට කෙරෙන හැම දෙයක් ම ප්‍රඥාවෙන් විමසා, හැදෑරීමට මම කැපවුණෙමි. දෙවියන්වහන්සේ මිනිසුන් පිට පටවා ඇත්තේ මොන තරම් බැරි බරක් ද! හිරුට යටින් කෙරෙන හැම දෙයක් ම මම දුටිමි; ඇත්තෙන් ම ඒ හැම නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.
ධර්මදේශකයා 1:13-14 Sinhala Revised Old Version (SROV)
මම අහස යට කෙරෙන සියල්ල ගැන ප්‍රඥාවෙන් සොයා විභාගකරන්ට මාගේ සිත යොමුකෙළෙමි. ඒ වනාහි ව්‍යාවෘතවීමට දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබෙන අමාරු වැඩක්ය. ඉර යට කෙරෙන සියලු කර්මාන්ත දුටිමි; ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස්වූ උත්සාහයක්ද වේ.
ධර්මදේශකයා 1:13-14 Sinhala New Revised Version (NRSV)
මේ මිනිස් ලොවෙහි සිදු වන හැම දෙය ම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කෙළෙමි. දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිත ද? මේ මුළු මිනිස් ලොවේ කෙරෙන හැම දෙය මම දිටිමි; ඒ හැම දෙය ම නිස්සාර ය; සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් වැන්න.
ධර්මදේශකයා 1:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
මේ මිනිස් ලොවෙහි සිදු වන හැම දෙය ම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කෙළෙමි. දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිත ද? මේ මුළු මිනිස් ලොවේ කෙරෙන හැම දෙය මම දිටිමි; ඒ හැම දෙය ම නිස්සාර ය; සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් වැන්න.
ධර්මදේශකයා 1:13-14 New International Version (NIV)
I applied my mind to study and to explore by wisdom all that is done under the heavens. What a heavy burden God has laid on mankind! I have seen all the things that are done under the sun; all of them are meaningless, a chasing after the wind.