ධර්මදේශකයා 1:1-3
ධර්මදේශකයා 1:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත්ගේ පුත්‍රයා වන යෙරුසලමේ රජු වූ දේශනාකරුගේ වචන: “නිරර්ථක ය! නිරර්ථක ය! මුළුමනින් ම නිරර්ථක ය! හැම දෙයක් ම නිරර්ථක යැ” යි දේශනාකරු පවසයි. හිරු යටදී වෙහෙස වී කරන ඔහුගේ මහන්සියෙන් මිනිසාට ඇති ප්‍රයෝජනය කුමක් ද?
ධර්මදේශකයා 1:1-3 Sinhala Revised Old Version (SROV)
දාවිත්ගේ පුත්‍රවූ යෙරුසලමේ රජවූ දේශනාකාරයාගේ වචනයි. නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකතෙමේ කියන්නේය. මනුෂ්‍යයා ඉර යට ගන්නාවූ තමාගේ සියලුම වෙහෙසවලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?
ධර්මදේශකයා 1:1-3 Sinhala New Revised Version (NRSV)
ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය: “සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි. මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද?
ධර්මදේශකයා 1:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය: “සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි. මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද?
ධර්මදේශකයා 1:1-3 New International Version (NIV)
The words of the Teacher, son of David, king in Jerusalem: “Meaningless! Meaningless!” says the Teacher. “Utterly meaningless! Everything is meaningless.” What do people gain from all their labors at which they toil under the sun?