ධර්මදේශකයා 1:1-11
ධර්මදේශකයා 1:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත්ගේ පුත්‍රයා වන යෙරුසලමේ රජු වූ දේශනාකරුගේ වචන: “නිරර්ථක ය! නිරර්ථක ය! මුළුමනින් ම නිරර්ථක ය! හැම දෙයක් ම නිරර්ථක යැ” යි දේශනාකරු පවසයි. හිරු යටදී වෙහෙස වී කරන ඔහුගේ මහන්සියෙන් මිනිසාට ඇති ප්‍රයෝජනය කුමක් ද? පරම්පරාවක් යයි; පරම්පරාවක් එයි. එහෙත් පොළොව සදහට ම පවතී. හිරු නැග එයි; හිරු බැස යයි; කඩිනමින් එය නැග එන තැනට ආපසු යයි. සුළඟ දකුණු දෙසට හමයි; එය වටේට උතුරට යයි; සුළඟ වටයෙන් වටයට හමා යමින්, සුළඟ එහි ගමන් පථයක යළි පැමිණෙයි. සියලු ගංගා සයුරට ගලයි; එහෙත් සයුර පිරී ඉතිරෙන්නේ නැත; ගංගා ඒවා පටන් ගත් තැනට ම ආපසු එයි. කෙනකු විසින් විස්තර කරන්නට බැරි තරම් හැම දෙයක් ම වෙහෙසකර ය; දැකීමෙන් ඇස සෑහීමට පත් නො වේ; ඇසීමෙන් කන ද නො පිරේ. කලින් තිබූ දේ, යළි ඇති වේ; පෙර කළ දෑ, යළි කරනු ලැබේ; අහසින් යට කිසිවක් අලුත් නැත. “මෙන්න! මේක අලුත් දෙයක්” ය කියා කීමට හැකි කිසිවක් තියේ ද? බොහෝ ඉහතදී එය මෙහි තිබිණ; අපේ කාලයට ඉස්සර එය මෙහි තිබී ඇත. පූර්වයේ සිටියවුන් ගැන සිහි කිරීමක් නැත; තවමත් එන්නට සිටින්නවුන් ගැන ද ඔවුනට පසුව පැමිණෙන්නවුන් විසින් සිහි නො කරනු ඇත.
ධර්මදේශකයා 1:1-11 Sinhala Revised Old Version (SROV)
දාවිත්ගේ පුත්‍රවූ යෙරුසලමේ රජවූ දේශනාකාරයාගේ වචනයි. නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශකතෙමේ කියන්නේය. මනුෂ්‍යයා ඉර යට ගන්නාවූ තමාගේ සියලුම වෙහෙසවලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුමුත් පොළොව සෑම කල්ම පවතින්නේය. තවද හිරු උදාවන්නේය, හිරු බැස යන්නේය, ඒක උදාවුණ තැනටම නැවත ඉක්මනින් පැමිණෙන්නේය. සුළඟ දකුණු දිගට ගොස් උතුරට හැරීයන්නේය; සුළඟ නිතරම ඒකේ මාර්ගයෙහි මාරු වෙවී ගොස් ඒකේ වටවූ ගමන්වලට නැවත පැමිණෙන්නේය. සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති. හැම දේම වෙහෙසින් පූර්ණය; මනුෂ්‍යයෙකුට ඒක විස්තරකරන්ට බැරිය. දැකීමෙන් ඇස තෘප්තියට පැමිණෙන්නේවත් ඇසීමෙන් කන පිරීයන්නේවත් නැත. මතු ඇතිවන්නේ තිබුණාවූ දේමය; කරන්ට තිබෙන්නේ කළාවූ දේමය. මෙසේ ඉර යට අමුතු දෙයක් නැත. මෙන්න, මේක අමුතුයයි මනුෂ්‍යයන් විසින් කියන්ට කිසිවක් ඇද්ද? ඒක අපට පළමුවෙන්වූ පුරාණ කාලවල තිබුණේය. පළමු සිටි අය ගැන සිහිවීමක් නැත; මතු පැමිණෙන පරම්පරා ගැනද ඉන් පසුව එන්නන් අතරේ සිහිවීමක් නොවන්නේය.
ධර්මදේශකයා 1:1-11 Sinhala New Revised Version (NRSV)
ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය: “සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි. මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද? එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි. හිරු උදා වෙයි, හිරු බැස යයි; එය උදා වූ තැනට ම යළිදු වහා පැමිණෙයි. සුළඟ දකුණ බලා හමයි, සුළඟ උතුර බලා හමයි; එය කැරකි කැරකී හමයි. වටරවුමෙහි හමා ගොස් නැවත මුල් තැනට ම පැමිණෙයි. සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි. හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි; ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි. මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය; මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත. “මෙන්න, මෙය අමුතු දෙයකැ”යි මිනිස්සු කියති. එහෙත්, එය අප උපදින්නටත් පෙර සිදු වූවකි. යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැත; මෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.
ධර්මදේශකයා 1:1-11 Sinhala New Revised Version 2018 (SNRV)

ධර්මදේශකයා 1:1-11 New International Version (NIV)
The words of the Teacher, son of David, king in Jerusalem: “Meaningless! Meaningless!” says the Teacher. “Utterly meaningless! Everything is meaningless.” What do people gain from all their labors at which they toil under the sun? Generations come and generations go, but the earth remains forever. The sun rises and the sun sets, and hurries back to where it rises. The wind blows to the south and turns to the north; round and round it goes, ever returning on its course. All streams flow into the sea, yet the sea is never full. To the place the streams come from, there they return again. All things are wearisome, more than one can say. The eye never has enough of seeing, nor the ear its fill of hearing. What has been will be again, what has been done will be done again; there is nothing new under the sun. Is there anything of which one can say, “Look! This is something new”? It was here already, long ago; it was here before our time. No one remembers the former generations, and even those yet to come will not be remembered by those who follow them.