ද්වීතීය කථාව 8:7-9
ද්වීතීය කථාව 8:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සරු සාර දේශයකට ඔබ ගෙන එන සේක. එය ඇළදොළ හා දිය පොකුණුවලින් ද මිටියාවත්වල හා කඳුවල ගලා හැලෙන දිය උල්පත්වලින් ද යුතු දේශයකි. එය තිරිඟු හා යව ද මිදි වැල් හා අත්තික්කා ගස් ද දෙළුම් ද ඔලීව තෙල් හා මී පැණි ද ඇති දේශයකි. එය, ආහාර හිඟ නො වන දේශයකි. ඔබට කිසිවකින් හිඟයක් නො වේ. ඒ දේශයේ ගල් පර්වත, යකඩ ය. එහි කඳු කැණ, ඔබට තඹ ලබා ගත හැකි ය.
ද්වීතීය කථාව 8:7-9 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය; එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය; ඒ දේශයේ නුඹට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී නුඹට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් නුඹට පිත්තල හාරාගන්ට පුළුවන.
ද්වීතීය කථාව 8:7-9 Sinhala New Revised Version (NRSV)
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි. එය තිරිඟු සහ යව ද, මිදි ද අත්තික්කා හා දෙළුම් ද, ඔලීව ද, තෙල් හා මී පැණි ද ඇති රටකි. හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන.
ද්වීතීය කථාව 8:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි. එය තිරිඟු සහ යව ද, මිදි ද අත්තික්කා හා දෙළුම් ද, ඔලීව ද, තෙල් හා මී පැණි ද ඇති රටකි. හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන.
ද්වීතීය කථාව 8:7-9 New International Version (NIV)
For the LORD your God is bringing you into a good land—a land with brooks, streams, and deep springs gushing out into the valleys and hills; a land with wheat and barley, vines and fig trees, pomegranates, olive oil and honey; a land where bread will not be scarce and you will lack nothing; a land where the rocks are iron and you can dig copper out of the hills.