ද්වීතීය කථාව 8:6-10 - Compare All Versions

ද්වීතීය කථාව 8:6-10 SROV (Sinhala Revised Old Version)

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ හොඳ දේශයකට පමුණුවනසේක. එය මිටියාවත්වලිනුත් හෙල්වලිනුත් නික්මෙන දිය ඔයවල්ද උල්පත්ද වැව්ද ඇති දේශයක්ය; එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය; ඒ දේශයේ නුඹට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී නුඹට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් නුඹට පිත්තල හාරාගන්ට පුළුවන. නුඹ කා තෘප්තියට පැමිණ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් යහපත් දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න.

ද්වීතීය කථාව 8:6-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපැදිය යුත්තේ, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරමින් හා උන්වහන්සේට ගෞරව කරමිනි. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සරු සාර දේශයකට ඔබ ගෙන එන සේක. එය ඇළදොළ හා දිය පොකුණුවලින් ද මිටියාවත්වල හා කඳුවල ගලා හැලෙන දිය උල්පත්වලින් ද යුතු දේශයකි. එය තිරිඟු හා යව ද මිදි වැල් හා අත්තික්කා ගස් ද දෙළුම් ද ඔලීව තෙල් හා මී පැණි ද ඇති දේශයකි. එය, ආහාර හිඟ නො වන දේශයකි. ඔබට කිසිවකින් හිඟයක් නො වේ. ඒ දේශයේ ගල් පර්වත, යකඩ ය. එහි කඳු කැණ, ඔබට තඹ ලබා ගත හැකි ය. මෙසේ ඔබ කා, බී, සෑහීමට පත් වූ කල, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් අනගි දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න.

ද්වීතීය කථාව 8:6-10 NRSV (Sinhala New Revised Version)

එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් පිළිපදිමින් උන් වහන්සේගේ මාර්ගයෙහි යමින් ගරුබිය පෑ යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි. එය තිරිඟු සහ යව ද, මිදි ද අත්තික්කා හා දෙළුම් ද, ඔලීව ද, තෙල් හා මී පැණි ද ඇති රටකි. හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන. ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”

ද්වීතීය කථාව 8:6-10 SNRV (Sinhala New Revised Version 2018)

එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් පිළිපදිමින් උන් වහන්සේගේ මාර්ගයෙහි යමින් ගරුබිය පෑ යුතු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි. එය තිරිඟු සහ යව ද, මිදි ද අත්තික්කා හා දෙළුම් ද, ඔලීව ද, තෙල් හා මී පැණි ද ඇති රටකි. හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන. ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”

ද්වීතීය කථාව 8:6-10 NIV (New International Version)

Observe the commands of the LORD your God, walking in obedience to him and revering him. For the LORD your God is bringing you into a good land—a land with brooks, streams, and deep springs gushing out into the valleys and hills; a land with wheat and barley, vines and fig trees, pomegranates, olive oil and honey; a land where bread will not be scarce and you will lack nothing; a land where the rocks are iron and you can dig copper out of the hills. When you have eaten and are satisfied, praise the LORD your God for the good land he has given you.