ද්වීතීය කථාව 8:2-6

ද්වීතීය කථාව 8:2-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උන්වහන්සේගේ ආඥා ඔබ පිළිපදින්නේ ද නැද්දැයි දැනගන්නට ඔබ යටහත් කරමින් හා පරීක්ෂා කරමින්, මේ හතළිස් අවුරුද්ද පුරා පාළුකරයේ මේ මුළු දුර ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට කෙලෙස මග පෙන්වූසේක් දැයි සිහිපත් කරන්න. උන්වහන්සේ ඔබ යටහත් කරමින්, ඔබ සාගින්නට පමුණුවා, ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නො දැන සිටි මන්නාවලින් ඔබ පෝෂණ කළ සේක. එසේ කළේ, මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, ස්වාමින්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින් ම ය යන වග ඔබට උගන්වනු සඳහා ය. මේ හතළිස් වසර අතර තුර, ඔබ හැඳ සිටි ඇඳුම් පරණ වුණේවත්, ඔබගේ පා ඉදිමුණේවත් නැත. එබැවින් මිනිහෙක් තම පුතු හික්මවන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ හික්මවන වග ඔබේ හදවතින් වටහා ගන්න. ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපැදිය යුත්තේ, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරමින් හා උන්වහන්සේට ගෞරව කරමිනි.

ද්වීතීය කථාව 8:2-6 Sinhala Revised Old Version (SROV)

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න. උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක. මේ සතළිස් අවුරුද්දේ නුඹේ වස්ත්‍ර නුඹ පිට පරණ නොවීය, නුඹේ පාද ඉදිමුණේ නැත. මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දඬුවම්කරන බව නුඹේ සිතින් කල්පනාකරන්න. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන්න.

ද්වීතීය කථාව 8:2-6 Sinhala New Revised Version (NRSV)

තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න. උන් වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරිය සේක. ඉන්පසු ඔබ වත්, ඔබේ පියවරුන් වත් නොදත් ‘මන්නා’ නමැති කෑමෙන් ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ මෙසේ කෙළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිඳාණන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලින් බව ඔබට උගන්වනු පිණිස ය. ඒ අවුරුදු සතළිස තුළ ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නො වී ය, ඔබේ පාද ඉදිමුණේ නැත. පියෙකු තම පුතා හික්මවන්නා සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතු ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් පිළිපදිමින් උන් වහන්සේගේ මාර්ගයෙහි යමින් ගරුබිය පෑ යුතු ය.

ද්වීතීය කථාව 8:2-6 Sinhala New Revised Version 2018 (SNRV)

තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න. උන් වහන්සේ ඔබ යටහත් බවට පමුණුවා සාගින්නෙන් යන්නට හැරිය සේක. ඉන්පසු ඔබ වත්, ඔබේ පියවරුන් වත් නොදත් ‘මන්නා’ නමැති කෑමෙන් ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ මෙසේ කෙළේ මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව සමිඳාණන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලින් බව ඔබට උගන්වනු පිණිස ය. ඒ අවුරුදු සතළිස තුළ ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නො වී ය, ඔබේ පාද ඉදිමුණේ නැත. පියෙකු තම පුතා හික්මවන්නා සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතු ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් පිළිපදිමින් උන් වහන්සේගේ මාර්ගයෙහි යමින් ගරුබිය පෑ යුතු ය.