ද්වීතීය කථාව 6:1-5
ද්වීතීය කථාව 6:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හිමි කර ගන්නට, යොර්දාන් ගඟින් එතෙර ව, ඔබ යන දේශයේදී ඔබ විසින් පිළිපදින පිණිස, ඔබට උගන්වන්නට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මට අණ කළ ආඥා ද නියෝග ද නියමයන් ද මේවා ය. මා ඔබට දෙන, උන්වහන්සේගේ සියලු නියෝග හා ආඥා පිළිපැදිය යුත්තේ, ඔබ ද ඔබගේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ ජීවත් ව සිටින තෙක් භය පක්ෂපාතී වන පිණිසත්, ඔබ දීර්ඝායු භුක්ති විඳින පිණිසත් ය. එම්බා ඉශ්‍රායෙල්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, කිරි හා පැණි ගලා යන දේශයේදී ඔබට සෙත සැලසෙන පිණිසත්, ඔබේ ජනගහනය බෙහෙවින් අධික වන පිණිසත්, ඒවාට සවන් දෙන්න; ඒවාට කීකරු වීමට වග බලා ගන්න. එම්බා ඉශ්‍රායෙල් මේ අසනු: ස්වාමින්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ ය; එක ම ස්වාමින්වහන්සේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ප්‍රේම කරන්න.
ද්වීතීය කථාව 6:1-5 Sinhala Revised Old Version (SROV)
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවෙන පිණිසත්, නුඹලා හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය. එබැවින් ඉශ්‍රායෙල්, නුඹට ශුභ සිද්ධවන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී නුඹලා අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න. එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එකම ස්වාමීන්වහන්සේ ය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේමකරන්න.
ද්වීතීය කථාව 6:1-5 Sinhala New Revised Version (NRSV)
“ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඉගැන්වීමට අණ කළ, අණපණත් ද නීති හා නියෝග ද මේවා ය. ඔබට දිවි ඇති තාක්, ඔබත්, ඔබේ පුත්‍රයාත්, පුත්‍රයාගේ පුත්‍රයාත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පාමින්, මා ඔබට අණ කළ උන් වහන්සේගේ සියලු ම නියෝග සහ අණපණත් රක්ෂා කළ යුතු ය. එසේ කළොත්, ඔබ චිරාත් කාලයක් ජීවත් වනු ඇත. එබැවින් ඉශ්රායෙල්වරුනි, සවන් දී ඒවා පිළිපදින්න. එසේ කළොත්, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයෙහි ඔබට ශුභසිද්ධිය සැලසෙනු ඇත; ගණනින් ඔබ බහුල ව වර්ධනය වනු ඇත. “ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේ ම පමණක් දෙවියන් වහන්සේ වන සේක. දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය.
ද්වීතීය කථාව 6:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
“ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඉගැන්වීමට අණ කළ, අණපනත් ද නීති හා නියෝග ද මේවා ය. ඔබට දිවි ඇති තාක්, ඔබත්, ඔබේ පුත්‍රයාත්, පුත්‍රයාගේ පුත්‍රයාත්, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පාමින්, මා ඔබට අණ කළ උන් වහන්සේගේ සියලු ම නියෝග සහ අණපනත් රක්ෂා කළ යුතු ය. එසේ කළොත්, ඔබ චිරාත් කාලයක් ජීවත් වනු ඇත. එබැවින් ඉශ්රායෙල්වරුනි, සවන් දී ඒවා පිළිපදින්න. එසේ කළොත්, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයෙහි ඔබට ශුභසිද්ධිය සැලසෙනු ඇත; ගණනින් ඔබ බහුල ව වර්ධනය වනු ඇත. “ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේ ම පමණක් දෙවියන් වහන්සේ වන සේක. දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතු ය.
ද්වීතීය කථාව 6:1-5 New International Version (NIV)
These are the commands, decrees and laws the LORD your God directed me to teach you to observe in the land that you are crossing the Jordan to possess, so that you, your children and their children after them may fear the LORD your God as long as you live by keeping all his decrees and commands that I give you, and so that you may enjoy long life. Hear, Israel, and be careful to obey so that it may go well with you and that you may increase greatly in a land flowing with milk and honey, just as the LORD, the God of your ancestors, promised you. Hear, O Israel: The LORD our God, the LORD is one. Love the LORD your God with all your heart and with all your soul and with all your strength.