ද්වීතීය කථාව 33:26-27
ද්වීතීය කථාව 33:26-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔබේ පිහිටට අහසේ නැගී යන්නා වූ, තම තේජසින් වලාකුළු පිට නැගී යන්නා වූ යෙෂුරූන්ගේ දෙවියන්වහන්සේට සමාන අන් කෙනකු නැත. සදාතන දෙවියන්වහන්සේ ඔබේ සරණයයි. සදාතනික බාහු ඔබට යටින් තිබේ. උන්වහන්සේ ඔබේ සතුරන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ, ‘ඔහු වනසනු’ කියමිනි.
ද්වීතීය කථාව 33:26-27 Sinhala Revised Old Version (SROV)
අහෝ යෙෂුරූන්, නුඹට උපකාර කරන්ට අහස පිටද ස්වකීය මහිමයෙන් වලාකුල් පිටද නැගී එන්නාවූ දෙවියන්වහන්සේට සමාන කෙනෙක් නැත. සදාකාල දෙවියන්වහන්සේ නුඹේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ නුඹ දරා සිටින්නෝය. නුඹ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා, ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.
ද්වීතීය කථාව 33:26-27 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක. සදාතන දෙවිඳාණෝ ඔබේ සරණය වේ! එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ. එතුමාණෝ ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක. ‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක.
ද්වීතීය කථාව 33:26-27 Sinhala New Revised Version 2018 (SNRV)
ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක. සදාතන දෙවිඳාණෝ ඔබේ සරණය වේ! එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ. එතුමාණෝ ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක. ‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක.
ද්වීතීය කථාව 33:26-27 New International Version (NIV)
“There is no one like the God of Jeshurun, who rides across the heavens to help you and on the clouds in his majesty. The eternal God is your refuge, and underneath are the everlasting arms. He will drive out your enemies before you, saying, ‘Destroy them!’