ද්වීතීය කථාව 32:16-18
ද්වීතීය කථාව 32:16-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තම විදෙස් දෙවිවරුන් මගින් උන්වහන්සේ ඊර්ෂ්යාවට පත් කළ ඔවුහු තම දේව පිළිම පිළිකුල මගින් උන්වහන්සේ කෝප ගැන්වූහ. දෙවිඳුන් නො වන ඔවුන් නො දැන සිටි දෙවි දේවතාවුන්ට, මෑතකදී පෙනී සිටි දෙවිවරුන්ට, ඔබේ පියවරුන් බිය නො වූ දෙවිවරුන්ට, දෙවි නො වන යක්ෂාත්මයනට ඔවුහු යාග පිදූහ. ඔබ ජනිත කළ පර්වතයාණන් අතැර දැමූ ඔබ, ඔබ ඉපැදූ දෙවියන්වහන්සේ අමතක කළේ ය.
ද්වීතීය කථාව 32:16-18 Sinhala Revised Old Version (SROV)
ඔව්හු අන් දෙවිවරුන් කරණකොටගෙන උන්වහන්සේ කෝප කළෝය, පිළිකුල් ක්රියාවලින් උන්වහන්සේ උදහස් කළෝය. දෙවියන්වහන්සේ නොවන දේවතාවන්ට, එනම් ඔවුන් නොදැන සිටියාවූ දෙවිවරුන්ට, අලුතෙන් පැමිණි අමුතු දෙවිවරුන්ට ඔව්හු පූජාකළෝය. නුඹලාගේ පියවරු ඒ දෙවිවරුන්ට භය නූණෝය. නුඹ ජාතක කළ පර්වතය නොසලකන්නෙහිය, නුඹ ඉපදෙවූ දෙවියන්වහන්සේ සිහි නැති කෙළෙහිය.
ද්වීතීය කථාව 32:16-18 Sinhala New Revised Version (NRSV)
අන් දෙවිදේවතාවන්ට වැඳ පුදා, නුරුස්සන ලෙස උන් වහන්සේ පෙළඹවූහ. පිළිකුල් ක්රියා කොට, එතුමන් උදහස් කළහ. දෙවිඳුන් නොවන, ඔවුන් නොහඳුනන, අලුතින් පැමිණි නව දෙවිවරුන් වන ඔවුන්ගේ පියවරුන් ගරුබිය නොපෑ යකුන් හට ඔව්හු පූජා කළහ. ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය.
ද්වීතීය කථාව 32:16-18 Sinhala New Revised Version 2018 (SNRV)
අන් දෙවිදේවතාවන්ට වැඳ පුදා, නුරුස්සන ලෙස උන් වහන්සේ පෙළඹවූහ. පිළිකුල් ක්රියා කොට, එතුමන් උදහස් කළහ. ඔව්හු දෙවිඳුන් නොවන, ඔවුන් නොහඳුනන, අලුතින් පැමිණි නව දෙවිවරුන් වන ඔවුන්ගේ පියවරුන් ගරුබිය නොපෑ යකුන් හට ඔව්හු පූජා කළහ. ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය.
ද්වීතීය කථාව 32:16-18 New International Version (NIV)
They made him jealous with their foreign gods and angered him with their detestable idols. They sacrificed to false gods, which are not God— gods they had not known, gods that recently appeared, gods your ancestors did not fear. You deserted the Rock, who fathered you; you forgot the God who gave you birth.