ද්වීතීය කථාව 28:29 - Compare All Versions

ද්වීතීය කථාව 28:29 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අන්ධයකු අඳුරේ අතපත ගාන්නාක් මෙන්, මද්දහනේදී ඔබ අතපත ගාමින් යනු ඇත. කරන හැම කාරියකදී ම ඔබ අසාර්ථක වන්නේ ය. දවසින් දවස ඔබ පීඩාවටත්, කොල්ලකෑමටත් ගොදුරු වනු ඇත. ඔබ මුදන්නට කිසිවකුත් නො වන්නේ ය.

ද්වීතීය කථාව 28:29 SROV (Sinhala Revised Old Version)

අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් නුඹ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, නුඹේ මාර්ගවලදී නුඹ සඵලනොවන්නෙහිය. නුඹ ගළවන්ට කිසිවෙකු නැතුව නුඹ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය.

ද්වීතීය කථාව 28:29 NRSV (Sinhala New Revised Version)

අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය.

ද්වීතීය කථාව 28:29 SNRV (Sinhala New Revised Version 2018)

අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය.

ද්වීතීය කථාව 28:29 NIV (New International Version)

At midday you will grope about like a blind person in the dark. You will be unsuccessful in everything you do; day after day you will be oppressed and robbed, with no one to rescue you.