ද්වීතීය කථාව 23:3-4
ද්වීතීය කථාව 23:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අම්මොන් ජාතිකයකු හෝ මෝවබ් ජාතිකයකු හෝ ඔවුන්ගෙන් පැවතෙන්නකු හෝ දස වන පරපුර දක්වා ස්වාමින්වහන්සේගේ සභාවට ඇතුළත් නො විය යුතු ය. මන්ද ඔබ ඊජිප්තුවෙන් පිට ව එන අතරේ රොටිත්, වතුරත් ගෙන, ඔවුන් ඔබ හමුවට ආවේ නැති බැවිනි. ඔබට ශාපයක් ප්රකාශ කරන්නට ඔවුහු මෙසපොතාමියාහි පෙතෝර්හි බෙයෝර්ගේ පුත් බාලාම් ද කුලියට ගත්හ.
ද්වීතීය කථාව 23:3-4 Sinhala Revised Old Version (SROV)
අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය. මක්නිසාද නුඹලා මිසරයෙන් ආ කල්හි ඔවුන් මාර්ගයේදී කෑමත් වතුරත් රැගෙන නුඹලාගේ පෙරමගට නා නිසාත් නුඹට ශාපකරන පිණිස මෙසොපොතාමියේ පෙතෝර්හි සිට බෙයොර්ගේ පුත්රවූ බාලාම් නුඹලාට විරුද්ධව කුලියට ගත් නිසාත්ය.
ද්වීතීය කථාව 23:3-4 Sinhala New Revised Version (NRSV)
“අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. ඔවුන් නොයා යුත්තේ, ඔබ මිසර දේශයෙන් නික්ම එන විට, මාර්ගයේ දී ඔබට ඔවුන් ආහාර පාන නුදුන් නිසාත්, ඔවුන් ඔබට විරුද්ධ ව සාප කරනු සඳහා මෙසොපොතාමියේ පෙතෝර් නගරයේ බෙයෝර්ගේ පුත් බාලාම් කුලියට ගත් නිසාත් ය.
ද්වීතීය කථාව 23:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
“අම්මොනිය ජාතිකයෙකු වත්, මෝවබ් ජාතිකයෙකු වත්, මොවුන්ගෙන් පැවත එන අය වත්, දස වන පරම්පරාවේ දී වත් සමිඳාණන් වහන්සේගේ සභාවට නොයා යුතු ය. ඔවුන් නොයා යුත්තේ, ඔබ මිසර දේශයෙන් නික්ම එන විට, මාර්ගයේ දී ඔබට ඔවුන් ආහාර පාන නුදුන් නිසාත්, ඔවුන් ඔබට විරුද්ධ ව සාප කරනු සඳහා මෙසොපොතාමියේ පෙතෝර් නගරයේ බෙයෝර්ගේ පුත් බාලාම් කුලියට ගත් නිසාත් ය.
ද්වීතීය කථාව 23:3-4 New International Version (NIV)
No Ammonite or Moabite or any of their descendants may enter the assembly of the LORD, not even in the tenth generation. For they did not come to meet you with bread and water on your way when you came out of Egypt, and they hired Balaam son of Beor from Pethor in Aram Naharaim to pronounce a curse on you.