ද්වීතීය කථාව 2:24-25
ද්වීතීය කථාව 2:24-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ඉන්පසු, “දැන් අර්ණොන් දොරුවෙන් එතෙර වන්න; ඔන්න, හෙෂ්බෝන්හි රජු වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම ඔබේ අතට දී ඇත්තෙමි. එය අත්කර ගැනීම අරඹමින්, ඔහු හා සටන් වදින්න. අද දවසේ පටන් මම අහසින් යට වෙසෙන සියලු ජාතීන් ඔබ නිසා තැති ගැන්වීමටත්, භීතියට පත් කිරීමටත් පටන් ගනිමි. ඔබ ගැන අසන්නට ලැබෙන පුවත් නිසා ඔවුන් බියෙන් වෙවුලමින්, ඔබ නිසා කැලඹෙනු ඇතැ” යි කී සේක.
ද්වීතීය කථාව 2:24-25 Sinhala Revised Old Version (SROV)
නුඹලා නැගිට ගමන් ගෙන අර්ණොන් ඔයෙන් එතරට යන්න. බලව, මම හෙෂ්බොන්හි රජවූ අමෝරියවූ සීහොන්ද ඔහුගේ දේශයද නුඹ අතට දුනිමි. ඒක හිමිකර ගන්ට පටන්ගෙන ඔහුට විරුද්ධව යුද්ධ කරන්න. මුළු අහසින් යට සිටින සෙනඟවල් පිටට නුඹ නිසා තැතිගැන්ම හා භය පමුණුවන්ට අද දවසේ පටන්ගනිමි, ඔව්හු නුඹේ ප්රවෘත්තිය අසා නුඹ නිසා වෙවුලමින් අතිශයින් කැලඹෙන්නෝයයි කීසේක.
ද්වීතීය කථාව 2:24-25 Sinhala New Revised Version (NRSV)
“සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න. මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”
ද්වීතීය කථාව 2:24-25 Sinhala New Revised Version 2018 (SNRV)
“සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න. මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”
ද්වීතීය කථාව 2:24-25 New International Version (NIV)
“Set out now and cross the Arnon Gorge. See, I have given into your hand Sihon the Amorite, king of Heshbon, and his country. Begin to take possession of it and engage him in battle. This very day I will begin to put the terror and fear of you on all the nations under heaven. They will hear reports of you and will tremble and be in anguish because of you.”