ද්වීතීය කථාව 15:9-10
ද්වීතීය කථාව 15:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“හත් වන වසර, ණය කපා හරින වසර ළඟ ය” යන නපුරු සිතිවිල්ල රඳවා නො ගන්නට පරෙස්සම් වන්න. එසේ සිතා ඔබේ සහෝදර දුගියාට කිසිවක් නො දී, ඔහුට නො සලකා සිටීමෙන් වළකින්න; නැතහොත් ඔහු ස්වාමින්වහන්සේ වෙත ඔබට එරෙහිව කන්නලව් කරනු ඇත. එවිට ඒ පවට ඔබ වරදකරු වනු ඇත. ඔහුට දිය යුත්තේ නො කැමැත්තෙන් තොර ව, ත්‍යාගශීලී ව ය. ඒ හේතුවෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ සියලු කටයුතුවලට හා ඔබ අත ගසන හැම දේකට ආශිර්වාද කරන සේක.
ද්වීතීය කථාව 15:9-10 Sinhala Revised Old Version (SROV)
නුඹ මිදීමේ අවුරුද්දවූ සත්වෙනි අවුරුද්ද ළඟයයි කියමින් නුඹේ සිතේ දුෂ්ට කල්පනාවක් හටගෙන, නුඹේ දිළිඳු සහෝදරයාට නොදෙන ලෙස නුඹේ බැල්ම ඔහු කෙරෙහි අප්‍රසන්න වන බැවින් ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොරනොගසන හැටියටත්, එසේ නුඹ පිටට පාපය නොපැමිණෙන හැටියටත් බලාගන්න. නුඹ ඔහුට දෙන්ටම ඕනෑය, නුඹ ඔහුට දෙන විට නුඹේ සිතේ කනගාටුවක් නොවේවා. මක්නිසාද මේ කාරණය නිසා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ සියලු වැඩවලදීත් නුඹේ අත තබන සියල්ලේදීත් නුඹට ආශීර්වාදකරනවා ඇත.
ද්වීතීය කථාව 15:9-10 Sinhala New Revised Version (NRSV)
‘ණයෙන් මිදෙන අවුරුද්ද වන හත් වන අවුරුද්ද ආසන්න ය’යි යන දුෂ්ට හිතකට ඉඩ නොදෙන්න. ඔබේ දිළිඳු සහෝදරයා දෙස නපුරු ඇසකින් බලා, ඔහුට කිසිත් නුදුන් පසු ඔහු ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට මොරගැසුවොත්, එය ඔබට පාපයක් වනු ඇත. සිතේ කණගාටුවක් නැතිව, දෙන දේ ඔබ ඔහුට දිය යුතු ය; ඔබ එලෙස කරන්නහු නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සියලු වැඩ කටයුතුවලදීත්, ඔබ අත තබන සියල්ලෙහිදීත් ඔබට ආශීර්වාද කරන සේක.
ද්වීතීය කථාව 15:9-10 Sinhala New Revised Version 2018 (SNRV)
‘ණයෙන් මිදෙන අවුරුද්ද වන හත් වන අවුරුද්ද ආසන්න ය’යි යන දුෂ්ට හිතකට ඉඩ නොදෙන්න. ඔබේ දිළිඳු සහෝදරයා දෙස නපුරු ඇසකින් බලා, ඔහුට කිසිත් නුදුන් පසු ඔහු ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේට මොරගැසුවොත්, එය ඔබට පාපයක් වනු ඇත. සිතේ කණගාටුවක් නැතිව, දෙන දේ ඔබ ඔහුට දිය යුතු ය; ඔබ එලෙස කරන්නහු නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සියලු වැඩ කටයුතුවලදීත්, ඔබ අත තබන සියල්ලෙහිදීත් ඔබට ආශීර්වාද කරන සේක.
ද්වීතීය කථාව 15:9-10 New International Version (NIV)
Be careful not to harbor this wicked thought: “The seventh year, the year for canceling debts, is near,” so that you do not show ill will toward the needy among your fellow Israelites and give them nothing. They may then appeal to the LORD against you, and you will be found guilty of sin. Give generously to them and do so without a grudging heart; then because of this the LORD your God will bless you in all your work and in everything you put your hand to.