ද්වීතීය කථාව 13:3-4
ද්වීතීය කථාව 13:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම දිවැසිවරයාට හෝ ස්වප්නකරුට හෝ සවන් නො දිය යුතු ය. මන්ද ඔබේ මුළු හදින් හා ඔබේ මුළු ජීවයෙන් තමන්වහන්සේට ඔබ ප්‍රේම කරත් දැයි දැනගන්නට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක. ඔබ අනුගමන කළ යුත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය; භය පක්ෂපාත විය යුත්තේ උන්වහන්සේට ය. උන්වහන්සේගේ අණ පිළිපදිමින්, උන්වහන්සේට කීකරු ව, උන්වහන්සේට සේවය කරන්න. උන්වහන්සේට ඇලුම් ව සිටින්න.
ද්වීතීය කථාව 13:3-4 Sinhala Revised Old Version (SROV)
ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද නුඹලා ප්‍රේමකරනවාදැයි දැනගන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සෝදිසිකරන සේක. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගොස්, උන්වහන්සේට භයව, උන්වහන්සේගේ ආඥා රක්ෂාකොට, උන්වහන්සේගේ හඬට කීකරුව, උන්වහන්සේට සේවයකර, උන්වහන්සේට ඇලුම්ව සිටින්න.
ද්වීතීය කථාව 13:3-4 Sinhala New Revised Version (NRSV)
එවැනි දිවැසිවරයෙකුගේ හෝ ස්වප්න තෝරන්නෙකුගේ හෝ කීම්වලට ඔබ සවන් නොදිය යුතු ය. මෙවැනි දේවලින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් ප්‍රේම කරන්නහු දැ යි උන් වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක. ඔබ හැම, දෙවි සමිඳාණන් වහන්සේ අනුව ගොස්, ගරුබිය දක්වා, උන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට, හඬට කීකරු වී උන් වහන්සේට වැඳුම්පිදුම් කොට, ඇළුම් ව සිටිය යුතු ය.
ද්වීතීය කථාව 13:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
එවැනි දිවැසිවරයෙකුගේ හෝ ස්වප්න තෝරන්නෙකුගේ හෝ කීම්වලට ඔබ සවන් නොදිය යුතු ය. මෙවැනි දේවලින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් ප්‍රේම කරන්නහු දැ යි උන් වහන්සේ ඔබ පරීක්ෂා කරන සේක. ඔබ හැම, දෙවි සමිඳාණන් වහන්සේ අනුව ගොස්, ගරුබිය දක්වා, උන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට, හඬට කීකරු වී උන් වහන්සේට වැඳුම්පිදුම් කොට, ඇළුම් ව සිටිය යුතු ය.
ද්වීතීය කථාව 13:3-4 New International Version (NIV)
you must not listen to the words of that prophet or dreamer. The LORD your God is testing you to find out whether you love him with all your heart and with all your soul. It is the LORD your God you must follow, and him you must revere. Keep his commands and obey him; serve him and hold fast to him.