ද්වීතීය කථාව 11:26-29
ද්වීතීය කථාව 11:26-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙන්න, මම අද ඔබ ඉදිරියේ ආශිර්වාදයක් හා ශාපයක් තබමි. අද මා ඔබට දෙන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාවනට කීකරු වුවහොත්, ආශිර්වාදය ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාවනට ඔබ අකීකරු වී, ඔබ නො දත් අන් දෙවිවරුන් පසු පස යෑමෙන්, අද මා ඔබට අණ කරන මාර්ගයෙන් ඔබ ඉවත හැරී ගියහොත්, ශාපය ය. හිමි කර ගැනීමට ඔබ ඇතුළු වන දේශයට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගෙන ගිය කල, ඔබ ගෙරිසීම් කන්ද මතදී ආශිර්වාදයත්, ඒබාල් කන්ද මතදී ශාපයත් ප්රකාශයට පත් කළ යුතු ය.
ද්වීතීය කථාව 11:26-29 Sinhala Revised Old Version (SROV)
මම අද නුඹලා ඉදිරියෙහි ආශීර්වාදයක් ශාපයක්ද තබමි; ආශීර්වාදය වන්නේ මා අද නුඹලාට අණකරන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට නුඹලා කීකරුවුණොත්ය. ශාපය වන්නේ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරු නොවී, නුඹලා නාඳුනන අන් දෙවිවරුන් අනුව යමින්, මා විසින් අද නුඹලාට අණකරන මාර්ගයෙන් අහක්ව ගියොත්ය. තවද නුඹ හිමිකරගන්ට ඇතුල්වෙන දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පැමිණෙවු කල්හි ගෙරිසීම් කන්ද පිට ආශීර්වාදයද ඒබාල් කන්ද පිට ශාපයද තබන්න.
ද්වීතීය කථාව 11:26-29 Sinhala New Revised Version (NRSV)
“මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි. මම අද දින ඔබට නියම කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට ඔබ කීකරු වන්නහු නම්, එය ආශීර්වාදයක් වන්නේ ය. දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය. ඔබ අයිති කරගන්නට යන දේශයට දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගෙනා කල, ගෙරිසිම් කන්ද මත ආශීර්වාදය ද ඒබාල් කන්ද මත සාපය ද ප්රකාශ කළ යුතු ය.
ද්වීතීය කථාව 11:26-29 Sinhala New Revised Version 2018 (SNRV)
“මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි. මම අද දින ඔබට නියම කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත්වලට ඔබ කීකරු වන්නහු නම්, එය ආශීර්වාදයක් වන්නේ ය. දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය. ඔබ අයිති කරගන්නට යන දේශයට දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගෙනා කල, ගෙරිසිම් කන්ද මත ආශීර්වාදය ද ඒබාල් කන්ද මත සාපය ද ප්රකාශ කළ යුතු ය.
ද්වීතීය කථාව 11:26-29 New International Version (NIV)
See, I am setting before you today a blessing and a curse— the blessing if you obey the commands of the LORD your God that I am giving you today; the curse if you disobey the commands of the LORD your God and turn from the way that I command you today by following other gods, which you have not known. When the LORD your God has brought you into the land you are entering to possess, you are to proclaim on Mount Gerizim the blessings, and on Mount Ebal the curses.