ද්වීතීය කථාව 1:1-3
ද්වීතීය කථාව 1:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යොර්දානයට නැගෙනහිරින් වූ පාළුකරයේදී මෝසෙස් මුළු මහත් ඉශ්‍රායෙල් ජනයාට පැවසූ වදන් මෙසේ වෙයි: ඔහු මෙවදන් පැවසුවේ පසෙකින් පාරාන් ද අනෙක් පසින් තොෆෙල්, ලාබාන්, හසේරොත් හා දීසාහාබ් යන පුරවර ද අතරේ, සූෆ් ඉදිරිපිට අරාබා නිම්නයේදී ය. සේයිර් කඳුකර මාවත ඔස්සේ හොරේබ්හි සිට කාදෙෂ්-බර්නේය වෙත යෑමට දවස් එකොළහක් ගත වේ. හතළිස් වන වසරේ එකොළොස් වන මස, පළමු දින මෝසෙස්, ජනයා සම්බන්ධ ව ස්වාමින්වහන්සේ ඔහුට අණ දී තිබූ දෑ, ඉශ්‍රායෙල් ජනයාට ප්‍රකාශ කළේ ය.
ද්වීතීය කථාව 1:1-3 Sinhala Revised Old Version (SROV)
යොර්දානෙන් එගොඩ කාන්තාරයෙහි පාරාන්ද තොඵෙල්ද ලාබාන්ද හශේරොත්ද දී-සාහාබ්ද අතරේ සූඒ ඉදිරිපිට අරබා සමභූමියේදී මෝසෙස් විසින් සියලු ඉශ්‍රායෙල්වරුන්ට කියනලද වචන මේවාය. හොරේබ් සිට කාදෙෂ්-බර්නේයට සෙයිර් කඳුකර මාර්ගයෙන් එකොළොස් දවසක ගමන් දුරය. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්ට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔහු සතළිස්වෙනි අවුරුද්දේ එකොළොස්වෙනි මාසයේ පළමුවෙනි දින ඔවුන්ට කීවේය.
ද්වීතීය කථාව 1:1-3 Sinhala New Revised Version (NRSV)
ජොර්දාන් ගඟින් මෙගොඩ පාළුකරයේ දී මෝසෙස් සියලු ඉශ්රායෙල් ජනයා අමතා කී වචන මේ ය. මොවුන් සිටියේ සූප් නම් ස්ථානය ඉදිරිපිට, පාරාන් ද තොපෙල් ද ලාබාආන් ද හශේරොත් සහ දී-සාහාබ් ද යන නගරවලට මැදි වූ මිටියාවතෙහි ය. හොරෙබ් සිට කාදෙෂ්-බර්නේයට සේයිර් කඳුකර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට එකොළොස් දවසක් ගත වේ. සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය.
ද්වීතීය කථාව 1:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ජොර්දාන් ගඟින් මෙගොඩ පාළුකරයේ දී මෝසෙස් සියලු ඉශ්රායෙල් ජනයා අමතා කී වචන මේ ය. මොවුන් සිටියේ සූප් නම් ස්ථානය ඉදිරිපිට, පාරාන් ද තොපෙල් ද ලාබාආන් ද හශේරොත් සහ දී-සාහාබ් ද යන නගරවලට මැදි වූ මිටියාවතෙහි ය. හොරෙබ් සිට කාදෙෂ්-බර්නේයට සේයිර් කඳුකර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට එකොළොස් දවසක් ගත වේ. සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය.
ද්වීතීය කථාව 1:1-3 New International Version (NIV)
These are the words Moses spoke to all Israel in the wilderness east of the Jordan—that is, in the Arabah—opposite Suph, between Paran and Tophel, Laban, Hazeroth and Dizahab. (It takes eleven days to go from Horeb to Kadesh Barnea by the Mount Seir road.) In the fortieth year, on the first day of the eleventh month, Moses proclaimed to the Israelites all that the LORD had commanded him concerning them.