දානියෙල් 9:18-19
දානියෙල් 9:18-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සවන් යොමා, ඇසුව මැනවි. අහෝ මගේ දෙවියන්වහන්ස, ඇස් ඇර බැලුව මැනවි, ඔබගේ නාමය දරන නගරය පාළුවට ගොස් ඇති සැටි; අප මෙසේ ඔබගෙන් අයැද සිටින්නේ, අපේ ම ධර්මිෂ්ඨකම නිසා නො වේ; ඔබගේ අනුපමේය දයාව නිසා ය. අහෝ ස්වාමිනි, සවන් දුන මැනවි! අහෝ ස්වාමිනි, කමා වුව මැනව! අහෝ ස්වාමිනි අසා, ක්රියා කළ මැනවි! අහෝ මගේ දෙවියන්වහන්ස, ඔබේ නාමය උදෙසා පමා නූව මැනවි. මන්ද ඔබේ පුරවරයත්, ඔබේ ජනතාවත් අමතනු ලබන්නේ ඔබේ නාමයෙනි.”
දානියෙල් 9:18-19 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කන් නමා ඇසුව මැනව; ඔබගේ ඇස් හැර අපේ අසරණකමද ඔබගේ නාමය දරන නුවරද බැලුව මැනව. මක්නිසාද අපේ කන්නලව් අප විසින් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන්නේ අපේ ධර්මිෂ්ඨකම් නිසා නොව ඔබගේ මහත් අනුකම්පාවල් නිසාය. ස්වාමීන්වහන්ස, ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, කමාවුව මැනව, ස්වාමීන්වහන්ස, ඇහුම්කන්දුන මැනව; මාගේ දෙවියන්වහන්ස, ප්රමාද නොවී, ඔබ නිසාම එය ඉෂ්ටකළ මැනව; මක්නිසාද ඔබගේ නුවරත් ඔබගේ සෙනඟත් ඔබගේ නාමය දරන්නෝයයි කීවෙමි.
දානියෙල් 9:18-19 Sinhala New Revised Version (NRSV)
මාගේ දෙවියන් වහන්ස, ඔබේ කන් යොමු කර ඇසු ව මැනව; ඔබේ ඇස් ඇර අපේ අසරණකම ද ඔබේ නාමය දරන නුවර ද බැලුව මැනව. මන්ද, අපේ කන්නලව් අප ඔබ ඉදිරියේ ඔප්පු කරන්නේ, අපේ ම ධර්මිෂ්ඨකමක් නිසා නොව, ඔබේ ම මහත් දයාව නිසා ය. සමිඳාණන් වහන්ස, ඇසුව මැනව, සමිඳාණන් වහන්ස, කමා වුව මැනව; සමිඳාණන් වහන්ස, සවන් දී ක්රියා කළ මැනව. මාගේ දෙවියන් වහන්ස, ඔබේ ගෞරවය උදෙසා ප්රමාද නුවුව මැනව. මන්ද, ඔබේ නුවරත්, ඔබේ සෙනඟත් ඔබේ නාමය දරන බැවිනි.”
දානියෙල් 9:18-19 New International Version (NIV)
Give ear, our God, and hear; open your eyes and see the desolation of the city that bears your Name. We do not make requests of you because we are righteous, but because of your great mercy. Lord, listen! Lord, forgive! Lord, hear and act! For your sake, my God, do not delay, because your city and your people bear your Name.”