දානියෙල් 6:3-5

දානියෙල් 6:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

පරිපාලනාධිපතීන් හා දේශාධිපතීන් අතරේ දානියෙල් තුළ පැහැදිලි ව දක්නට ලැබුණු විශිෂ්ට ගති ස්වභාව නිසා, අන් හැමට ඉහළින් මුළු රාජධානිය සඳහා ම දානියෙල් පත් කිරීමට රජු අදහස් කළේ ය. එබැවින් සෙසු පරිපාලනාධිපතීහු හා දේශාධිපතීහු රාජ්‍ය-කටයුතුවලදී දානියෙල්ගේ ක්‍රියා කලාපයේ ඔහුට එරෙහිව යම් චෝදනාවක් අල්ලා ගැනීමට වෑයම් කළහ. එහෙත් එවැන්නක් සොයා ගැනීමට ඔවුනට නො හැකි විය. ඔහු විශ්වාසවන්ත කෙනකු වූ නිසාත්, දූෂිත හෝ නො සැලකිලිමත් කෙනකු නො වූ නිසාත් ඔහු තුළ යම් දුර්ගුණයක් ඔවුන්ට හමු වූයේ නැත. අවසානයේදී ඔවුහු, “මොහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාළ යම් කරුණක් ගැන මිස, මේ දානියෙල්ට එරෙහි චෝදනාවකට හේතුවක් අපට කිසි දිනෙක හමු නො වනු ඇතැ” යි කීහ.

දානියෙල් 6:3-5 Sinhala Revised Old Version (SROV)

එකල මෙම දානියෙල් තුළෙහි උතුම් ආත්මයක් තිබුණු නිසා, ඔහු අමාත්‍යයන්ටත් දිසාපතීන්ටත් වඩා උතුම්විය; රජතෙමේ මුළු රාජ්‍යය කෙරෙහි ඔහු පත්කරන්ට සිතුවේය. එකල අමාත්‍යයෝද දිසාපතීහුද රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට සෙවුවෝය; නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකිවිය; මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි වරදක්වත් දෝෂයක්වත් සම්බ නොවීය. එවිට ඒ මනුෂ්‍යයෝ: ඒ දානියෙල්ගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේයයි කීවෝය.

දානියෙල් 6:3-5 Sinhala New Revised Version (NRSV)

දානියෙල්ට ඇති පුදුම කුශලතා නිසා, ඔහු ඇමතිවරුන්ටත්, දිශාධිපතීන්ටත් වඩා උත්කෘෂ්ට බව පෙනී ගියේ ය. එබැවින් රජතුමා මුළු රාජ්‍යය පාලනය කිරීම පිණිස දානියෙල් පත් කරන්නට අදහස් කෙළේ ය. මෙයට අසතුටු වූ ඇමතිවරු හා දිශාධිපතිවරු දානියෙල්ගේ පාලනයේ යම් වරදක් සොයන්නට මාන බැලුවෝ ය. එහෙත්, එවැනි කිසි ම වරදක් ඔවුන්ට සොයාගත නොහැකි විය. මන්ද, ඔහු විශ්වාසවන්ත ව කටයුතු කෙළේ ය. ඔහුගේ කිසි වරදක් වත්, දෝෂයක් වත් නො වී ය. එවිට ඔව්හු, “දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කරන පිණිස ඔහුගේ ආගම සම්බන්ධයෙන් යම් කරුණක් සොයා ගත්තොත් මිස, අන් කිසි කරුණක් අපට කිසි කලෙක සොයාගත නොහැකි ය”යි කී හ.