දානියෙල් 6:1-13
දානියෙල් 6:1-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රාජ්‍යය මුළුල්ලේ දේශාධිපතීන් එකසිය විසිදෙනකු පත් කිරීමට දාරෙයාවෙෂ් රජු මනාප විය. ඔවුනට ඉහළින් පරිපාලනාධිපතීන් තුන් දෙනෙකි; ඉන් එක් කෙනකු වූයේ දානියෙල් ය. රජුට අවැඩක් සිදු නො වන ලෙසට දේශාධිපතීන් වගකිව යුතු වූයේ, මෙම පරිපාලනාධිපතීන්ට ය. පරිපාලනාධිපතීන් හා දේශාධිපතීන් අතරේ දානියෙල් තුළ පැහැදිලි ව දක්නට ලැබුණු විශිෂ්ට ගති ස්වභාව නිසා, අන් හැමට ඉහළින් මුළු රාජධානිය සඳහා ම දානියෙල් පත් කිරීමට රජු අදහස් කළේ ය. එබැවින් සෙසු පරිපාලනාධිපතීහු හා දේශාධිපතීහු රාජ්‍ය-කටයුතුවලදී දානියෙල්ගේ ක්‍රියා කලාපයේ ඔහුට එරෙහිව යම් චෝදනාවක් අල්ලා ගැනීමට වෑයම් කළහ. එහෙත් එවැන්නක් සොයා ගැනීමට ඔවුනට නො හැකි විය. ඔහු විශ්වාසවන්ත කෙනකු වූ නිසාත්, දූෂිත හෝ නො සැලකිලිමත් කෙනකු නො වූ නිසාත් ඔහු තුළ යම් දුර්ගුණයක් ඔවුන්ට හමු වූයේ නැත. අවසානයේදී ඔවුහු, “මොහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාළ යම් කරුණක් ගැන මිස, මේ දානියෙල්ට එරෙහි චෝදනාවකට හේතුවක් අපට කිසි දිනෙක හමු නො වනු ඇතැ” යි කීහ. පසුව පරිපාලනාධිපතීහු හා දේශාධිපතීහු කණ්ඩායමක් වශයෙන් රජු හමුවට ගොස්, රජු ඇමතූහ: “දාරෙයාවෙෂ් රජතුමා සැම කල් දිනේවා! රාජ්‍යයේ පරිපාලනාධිපතීන්, ප්‍රදේශාධිපතීන්, දේශාධිපතීන්, උපදේශකයින් හා ආණ්ඩුකාරවරුන් වන අප සැවොම එකඟතාවක් ඇතිකර ගත්තා. රජතුමනි, ඉදිරි දින තිහ අතර තුර ඔබතුමාට හැර අන් දෙවි කෙනකුට හෝ යම් මිනිසකුට හෝ යමකු යාච්ඤා කළහොත් ඔහු සිංහ ගුහාවට හෙළනු ලබන බවට රජතුමා විසින් නියෝගයක් නිකුත් කොට, එම ආඥාව තදින් ක්‍රියාත්මක කළ යුතු ය යන්නයි ඒ. අහෝ රජතුමනි, මේදියානු හා පර්සියානුවන්ගේ අවලංගු කළ නො හැකි නීතියට අනුකූලව දැන් එම ආඥාව වෙනස් කළ නො හැකි වන සේ ලේඛනය අත්සන් කරන්න.” එබැවින් දාරෙයාවෙෂ් රජ එම ලේඛනය හා ආඥාව අත්සන් කළේ ය. එම ලේඛනය අත්සන් තැබූ වග දැනගත් දානියෙල්, තම නිවසට පිවිස, යෙරුසලම දෙසට මුහුණ ලූ ජනෙල් සහිත තම උඩු මහල් කාමරයට ගියේ ය. වෙනදා මෙන් සුපුරුදු පරිදි, දවසට තුන් වරක් තම දෙවියන්වහන්සේ ඉදිරියේ දණ ගැසූ ඔහු ස්තුති පුදමින් යාච්ඤා කළේ ය. එකල කණ්ඩායමක් වශයෙන් පැමිණි ඒ මිනිස්සු, දානියෙල් ඔහුගේ දෙවියන්වහන්සේට යාච්ඤා කරමින් ද ආයාචනා කරමින් ද සිටිනු දුටුවහ. එබැවින් රජු හමුවට ගිය ඔවුහු, රාජ ආඥාව ගැන කතා කරමින්, “අහෝ රජතුමනි, ඉදිරි දින තිහ අතර තුර ඔබට හැර යම් දෙවි කෙනකුට හෝ මිනිසකුට හෝ යාච්ඤා කරන කවරකු වුව, සිංහ ගුහාවට හෙළා දමන බවට ආඥාවක් ඔබ ප්‍රකාශයට පත් කළා නො වේ දැ?” යි ඇසූහ. රජු පිළිතුරු දෙමින්, “එසේය, නියමය වලංගුව පවතී. මේදියානු හා පර්සියානුවන්ගේ අවලංගු කළ නො හැකි නීතියට එය අනුකූල යැ” යි පැවසී ය. එවිට රජු ඉදිරිපිට ඔවුහු කතා කරමින්, “අහෝ රජතුමනි, යූදාහි පිටුවහලුන්ගෙන් කෙනකු වූ දානියෙල් ඔබටත්, ලිඛිත ව ඔබතුමා පැන වූ ආඥාවටත් කිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. තවමත් ඔහු දවසට තුන් වරක් යාච්ඤා කරතැ” යි කීහ.
දානියෙල් 6:1-13 Sinhala Revised Old Version (SROV)
මුළු රාජ්‍යයෙහි සිටීම පිණිස රාජ්‍යය කෙරෙහි දිසාපතීන් එකසිය විසි දෙනෙක්ද, රජුට අලාභ නොපැමිණෙන පිණිස ඒ දිසාපතීන්ගෙන් ගණන්ගැනීමට ඔවුන් කෙරෙහි අමාත්‍යයන් තුන්දෙනෙක්ද පත්කිරීමට දාරියුස් සතුටුවිය; ඒ තුන්දෙනාගෙන් දානියෙල් එක්කෙනෙක්ය. එකල මෙම දානියෙල් තුළෙහි උතුම් ආත්මයක් තිබුණු නිසා, ඔහු අමාත්‍යයන්ටත් දිසාපතීන්ටත් වඩා උතුම්විය; රජතෙමේ මුළු රාජ්‍යය කෙරෙහි ඔහු පත්කරන්ට සිතුවේය. එකල අමාත්‍යයෝද දිසාපතීහුද රාජ්‍යය ගැන දානියෙල්ට විරුද්ධව කාරණයක් අල්ලාගන්ට සෙවුවෝය; නුමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලාගන්ට ඔවුන්ට නොහැකිවිය; මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය, ඔහුගේ කිසි වරදක්වත් දෝෂයක්වත් සම්බ නොවීය. එවිට ඒ මනුෂ්‍යයෝ: ඒ දානියෙල්ගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්බ නොවන්නේයයි කීවෝය. එකල ඒ අමාත්‍යයෝද දිසාපතීහුද රජු වෙතට රැස්ව ඔහුට කථාකොට: දාරියුස් රජ්ජුරුවෝ සදාකාලයටම ජීවත්වේවා. රජ්ජුරුවෙනි, කවුරුනුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවි කෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා රාජ පනතක් පනවා, ස්ථිර තහනමක් පිහිටුවන්ට රාජ්‍යයේ සියලු අමාත්‍යයෝද අධිපතිවරුද දිසාපතීහුද මන්ත්‍රීවරුද ආණ්ඩුකාරයෝද මන්ත්‍රණයකරගත්තෝය. ඉතින් රජ්ජුරුවෙනි, වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද ව්‍යවස්ථාව ප්‍රකාරයට තහනම වෙනස් නොවී තිබෙන පිණිස, එය ස්ථිරකොට පත්‍රය අත්සන්කළ මැනවැයි කීවෝය. ඒ නිසා දාරියුස් රජ පත්‍රය හා නියමය අත්සන්කෙළේය. ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය. එකල ඒ මනුෂ්‍යයෝ ඇතුළට වැද, දානියෙල් තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤා හා කන්නලව්කරනවා දුටුවෝය, එවිට ඔව්හු රජු ඉදිරියට ළංවී රාජ තහනම ගැන කථාකොට: රජ්ජුරුවෙනි, කොයි මනුෂ්‍යයෙක් නුමුත් තිස් දවසක් යන තුරු ඔබගෙන් මිස යම් දෙවිකෙනෙකුගෙන්වත් මනුෂ්‍යයෙකුගෙන්වත් යම් ඉල්ලීමක් ඉල්ලුවොත්, ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේය කියා ඔබ තහනම් පත්‍රයක් කොට අත්සන්කළා නොවේදැයි ඇසුවෝය. රජද උත්තරදෙමින්: වෙනස් නොවන්නාවූ මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනතේ හැටියට කාරණය සැබෑයයි කීවේය. එවිට ඔව්හු රජු ඉදිරියේ උත්තරදෙමින්; රජ්ජුරුවෙනි, යූදාරටෙන් අල්ලාගන ආ තැනැත්තන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් ඔබ සහ ඔබ විසින් අත්සන්කළ තහනම නොසලකා, දවසට තුන්වරක් තමාගේ යාච්ඤාව ඔප්පුකරන්නේයයි කීවෝය.
දානියෙල් 6:1-13 Sinhala New Revised Version (NRSV)
දාරියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාර ව සිටින පිණිස දිශාධිපතීන් එකසිය විසිදෙනෙකු පත් කිරීමට සතුටු විය. ඔහු ඔවුන්ට ඉහළින් ප්‍රධාන ඇමතිවරුන් තිදෙනෙකු ද පත් කෙළේ ය. මේ තිදෙනාට වගකීම පැවරී තිබුණේ ය. දාරියුස් මෙසේ කෙළේ ඔහුට කිසි හානියක් නොවන පිණිස ය. ඒ අමාත්‍යවරුන්ගෙන් එක් කෙනෙක් දානියෙල් විය. දානියෙල්ට ඇති පුදුම කුශලතා නිසා, ඔහු ඇමතිවරුන්ටත්, දිශාධිපතීන්ටත් වඩා උත්කෘෂ්ට බව පෙනී ගියේ ය. එබැවින් රජතුමා මුළු රාජ්‍යය පාලනය කිරීම පිණිස දානියෙල් පත් කරන්නට අදහස් කෙළේ ය. මෙයට අසතුටු වූ ඇමතිවරු හා දිශාධිපතිවරු දානියෙල්ගේ පාලනයේ යම් වරදක් සොයන්නට මාන බැලුවෝ ය. එහෙත්, එවැනි කිසි ම වරදක් ඔවුන්ට සොයාගත නොහැකි විය. මන්ද, ඔහු විශ්වාසවන්ත ව කටයුතු කෙළේ ය. ඔහුගේ කිසි වරදක් වත්, දෝෂයක් වත් නො වී ය. එවිට ඔව්හු, “දානියෙල්ට විරුද්ධ ව පැමිණිලි කරන පිණිස ඔහුගේ ආගම සම්බන්ධයෙන් යම් කරුණක් සොයා ගත්තොත් මිස, අන් කිසි කරුණක් අපට කිසි කලෙක සොයාගත නොහැකි ය”යි කී හ. එබැවින් ඇමතිවරු ද දිශාධිපතිවරු ද මෙසේ කී හ: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! ඔබේ රාජ්‍යයේ සියලු අමාත්‍යයෝ ද අධිපතිවරු ද මන්ත්‍රීවරු ද ආණ්ඩුකාරයෝ ද වන අපි ඉදිරිපත් කරන රාජඥාව පනවා එය ක්‍රියාත්මක කරන ලෙස ඔබෙන් ඉල්ලීමට ඒකමතික ව තීරණය කරගනිමු. එනම්, ‘තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු රජතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවේ හෙළනු ලැබේ ය’ කියා ය. ඉතින් රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද වෙනස් නොකළ හැකි ව්‍යවස්ථාවේ ප්‍රකාරයට මේ ආඥා පත්‍රය ද වෙනස් නොකළ හැකි වන ලෙස එය ස්ථිර කර අත්සන් කළ මැනව.” දාරියුස් රජ ඒ ආඥා පත්‍රය අත්සන් කෙළේ ය. රාජාඥාව පනවා ඇති බව දානියෙල්ට ආරංචි වූ විට, ඔහු ගෙදර ගොස්, උඩුමහල් මැදුරේ කවුළු ජෙරුසලම දෙසට ඇරී තිබිය දී, පුරුදු පරිදි දිනකට තුන් වරක් දණින් වැටී, තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කොට ස්තූති පුද කෙළේ ය. දානියෙල් වරදකට අසු කිරීමට බලා සිටි විරුද්ධකාරයෝ පැමිණ, දානියෙල් තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාච්ඤා හා කන්නලව් කරනු දුටුවෝ ය. එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියට පැමිණ රාජාඥාව මතක් කර, “රජතුමනි, තිස් දවසක් ඇතුළත දී යම් කෙනෙකු ඔබතුමාගෙන් මිස, අන් දෙවි කෙනෙකුගෙන් වත්, මනුෂ්‍යයෙකුගෙන් වත් කිසියම් අයැදුමක් කළොත්, ඔහු සිංහ ගුහාවට හෙළිය යුතු ය කියා ඔබතුමා ආඥා පත්‍රයක් අත්සන් කළා නොවේ දැ”යි ඇසූ හ. “එය එසේ ම යි; වෙනස් නොකළ හැකි මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද ව්‍යවස්ථාව අනුව එය ස්ථිර ය”යි රජතුමා පිළිතුරු දුන්නේ ය. එවිට ඔව්හු රජ්ජුරුවන් ඉදිරියෙහි පිළිතුරු දෙමින්, “රජතුමා ජුදා රටින් අල්ලගනු ලැබූ අයගෙන් එක් කෙනෙකු වන දානියෙල්, ඔබ හා ඔබතුමා අත්සන් කළ ආඥාව නොසලකා, දවසකට තුන් වරක් තමාගේ දෙවියන්ට අයැදුම් කරයි” යයි කී හ.
දානියෙල් 6:1-13 New International Version (NIV)
It pleased Darius to appoint 120 satraps to rule throughout the kingdom, with three administrators over them, one of whom was Daniel. The satraps were made accountable to them so that the king might not suffer loss. Now Daniel so distinguished himself among the administrators and the satraps by his exceptional qualities that the king planned to set him over the whole kingdom. At this, the administrators and the satraps tried to find grounds for charges against Daniel in his conduct of government affairs, but they were unable to do so. They could find no corruption in him, because he was trustworthy and neither corrupt nor negligent. Finally these men said, “We will never find any basis for charges against this man Daniel unless it has something to do with the law of his God.” So these administrators and satraps went as a group to the king and said: “May King Darius live forever! The royal administrators, prefects, satraps, advisers and governors have all agreed that the king should issue an edict and enforce the decree that anyone who prays to any god or human being during the next thirty days, except to you, Your Majesty, shall be thrown into the lions’ den. Now, Your Majesty, issue the decree and put it in writing so that it cannot be altered—in accordance with the law of the Medes and Persians, which cannot be repealed.” So King Darius put the decree in writing. Now when Daniel learned that the decree had been published, he went home to his upstairs room where the windows opened toward Jerusalem. Three times a day he got down on his knees and prayed, giving thanks to his God, just as he had done before. Then these men went as a group and found Daniel praying and asking God for help. So they went to the king and spoke to him about his royal decree: “Did you not publish a decree that during the next thirty days anyone who prays to any god or human being except to you, Your Majesty, would be thrown into the lions’ den?” The king answered, “The decree stands—in accordance with the law of the Medes and Persians, which cannot be repealed.” Then they said to the king, “Daniel, who is one of the exiles from Judah, pays no attention to you, Your Majesty, or to the decree you put in writing. He still prays three times a day.”