දානියෙල් 4:34 - Compare All Versions
දානියෙල් 4:34 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එම කල දවස් ගෙවුණු පසු, නෙබුකද්නෙසර් වන මම, ස්වර්ගය දෙසට මගේ ඇස් එසවීමි. මගේ ප්‍රකෘති සිහිය යළි මම ලදිමි. එවිට මම, මහෝත්තමයාණන්ට ප්‍රශංසා කළෙමි; සදාතනික ව වාසය කරන උන්වහන්සේට ගෞරව කළෙමි. මහිමය දුනිමි. මන්ද උන්වහන්සේගේ ආධිපත්‍යය සදාතනික රාජාධිපත්‍යයකි. උන්වහන්සේගේ රාජ්‍යය පරපුරින් පරපුරට පවතී.
දානියෙල් 4:34 SROV (Sinhala Revised Old Version)
ඒ දවස්වලට පසු නෙබුකද්නෙශර් වන මම මාගේ ඇස් ස්වර්ගය දෙසට එසවීමි, මාගේ සිහිය නැවත මට පැමුණුණේය, මම මහෝත්තමයාණන්වහන්සේට ප්‍රශංසාකොට, සදාකාලේටම ජීවත්වන්නාවූ සදාකාල ආණ්ඩුවක්ද පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජ්‍යයක්ද ඇත්තාවූ තැනන්වහන්සේ වර්ණනාකොට ගෞරව දුනිමි.
දානියෙල් 4:34 NRSV (Sinhala New Revised Version)
අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.
දානියෙල් 4:34 NIV (New International Version)
At the end of that time, I, Nebuchadnezzar, raised my eyes toward heaven, and my sanity was restored. Then I praised the Most High; I honored and glorified him who lives forever. His dominion is an eternal dominion; his kingdom endures from generation to generation.