දානියෙල් 3:25-27

දානියෙල් 3:25-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට ඔහු, “අර බලන්න! මිනිසුන් සතර දෙනෙක් බැඳුම් නොමැතිව, ගින්න මැද ඇවිදිනු මට පෙනේ; ඔවුන්ට උපද්‍රවයක් නැත. සතරවැන්නා පෙනුමෙන් දෙවියන්ගේ පුත්‍රයකු වගේ” යි පැවසී ය. එවිට නෙබුකද්නෙසර් ඇවිළෙන උදුනෙහි පිවිසුම අසලට ළං වී, මොර ගසා, “ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! මහෝත්තම දෙවියන්වහන්සේගේ සේවකයිනි, පිටතට එන්න! මෙහි එන්නැ” යි කියා පෑ ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ගින්නෙන් පිටතට ආහ. දේශාධිපතීහු, ප්‍රදේශාධිපතීහු, ආණ්ඩුකරුවෝ හා රාජකීය උපදේශකයෝ ද ඔවුන් වටකර ගත්හ. ඒ තිදෙනාගේ සිරුරුවලට ගින්න කිසි උපද්‍රවයක් කර නැති වග, ඔවුන්ගේ හිස කෙසකුදු දැවී නැති වග ඔවුහු දුටුවහ. ඔවුන්ගේ සළුවලට ගින්න වැදී තිබුණේ නැත. ඔවුන් ළඟ ගිනි ගඳ තිබුණේ ද නැත.

දානියෙල් 3:25-27 Sinhala Revised Old Version (SROV)

ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය. එවිට නෙබුකද්නෙශර් ඇවිළෙන ගිනි උදුනේ දොරකඩට ළංවී: මහෝත්තම දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන් වන ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, පිටතට එන්නැයි කීවේය. එවිට ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගින්න මැද සිට පිටතට ආවෝය. දිසාපතීහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද රජුගේ මන්ත්‍රීවරුද රැස්ව, ඒ මනුෂ්‍යයන්ගේ ශරීර කෙරෙහි ගින්න බල නොපැවැත්වූ බවත් ඔවුන්ගේ ඉසකේවත් නොදෑ බවත් ඔවුන්ගේ පොරෝන වෙනස්වෙලාවත් ගිනිගඳ ඔවුන්ට වැදීලාවත් නැති බවත් දුටුවෝය.

දානියෙල් 3:25-27 Sinhala New Revised Version (NRSV)

එවිට රජතුමා, “අන්න, මිනිසුන් සතරදෙනෙකු සිටිනු මට පෙනේ, කිසි පීඩාවක් නැති ව ඔව්හු ගින්න මැද ඇවිදිති. සතරවැනියා පෙනුමෙන් දේව පුත්‍රයෙකු වැනි ය”යි කී ය. එසේ කියා ඔහු ඇවිලෙන ගිනි උදුනේ දොරකඩට ළං වී, “මහෝත්තම දෙවියන් වහන්සේගේ සේවකයන් වන ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ පිටතට එන්න, මෙහි එන්නැ”යි කී ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගින්න මැද සිට පිටතට ආහ. දිශාධිපතීහු ද අධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රජුගේ මන්ත්‍රීවරු ද ඔවුන් වටේ රැස් ව, ඒ තිදෙනාගේ ශරීරවලට ගින්නෙන් කිසි පීඩාවක් නුවූ බවත්, ඔවුන්ගේ කෙස්ගහක් වත්, පිළිස්සී නැති බවත්, ඇඳුම්වලට ගින්න වැදී නැති බවත්, ඔවුන්ගේ ඇඟපතේ ගිනි ගඳක් වත් නොවූ බවත් දුටුවෝ ය.