දානියෙල් 12:6-7 - Compare All Versions

දානියෙල් 12:6-7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

හණ පිළි හැඳ, ගං ජලයට ඉහළින් සිටි මිනිසා ඇමතූ ඉන් කෙනෙක්, “මේ විස්මිත දෑ ඉටු වීමට තව කොතෙක් කල් ගත වේ දැ?” යි ඇසී ය. හණ පිළි හැඳ, ගං ජලයට ඉහළින් සිටි මිනිසා තම දකුණත ද වමත ද ස්වර්ගය දෙසට ඔසවා, සදහට ම වැඩ වසන තැනැන්වහන්සේ නමින් දිවුරමින්, මෙසේ කියනු මට ඇසිණි. “ඊට කාලයක් ද කාලයන් ද අඩ කාලයක් ද ගත වේ. ශුද්ධ වූ ජනයාගේ බලය බිඳිනු ලැබූ කල, මේ සියල්ල සම්පූර්ණ කෙරෙනු ඇතැ” යි පැවසී ය.

බෙදාගන්න
දානියෙල් 12 SCV

දානියෙල් 12:6-7 SROV (Sinhala Revised Old Version)

එවිට සිහින් හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට එක්කෙනෙක් කථාකොට: මේ අපූරු දේවල් තීන්දුවීමට කොපමණ කල් ගතවෙනවා ඇද්දැයි ඇසුවේය. එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.

බෙදාගන්න
දානියෙල් 12 SROV

දානියෙල් 12:6-7 NRSV (Sinhala New Revised Version)

එවිට සිහින් හණ රෙදි හැඳගෙන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට මම කතා කොට, “මේ අරුමපුදුම දේවල් තීන්දු වීමට කොපමණ කල් ගතවනු ඇද්දැ”යි ඇසුවෙමි. එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.

බෙදාගන්න
දානියෙල් 12 NRSV

දානියෙල් 12:6-7 NIV (New International Version)

One of them said to the man clothed in linen, who was above the waters of the river, “How long will it be before these astonishing things are fulfilled?” The man clothed in linen, who was above the waters of the river, lifted his right hand and his left hand toward heaven, and I heard him swear by him who lives forever, saying, “It will be for a time, times and half a time. When the power of the holy people has been finally broken, all these things will be completed.”

බෙදාගන්න
දානියෙල් 12 NIV