දානියෙල් 10:12-13
දානියෙල් 10:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද ඔහු, “බිය නො වන්න දානියෙල්; අවබෝධය ලබන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියේ යටත්වන්නටත් ඔබ ඔබේ මනස යොමු කළ මුල් දවසේ පටන් ඔබේ යාච්ඤා අසනු ලැබී ය. මා පැමිණියේ ඊට ප්‍රතිචාර වශයෙනි. එහෙත් පර්සියානු රාජධානියේ අධිපතියා විසිඑක් දවසක් මට එරෙහිව සිටියේ ය. එවිට ප්‍රධාන අධිපතීන්ගෙන් කෙනකු වන මිකායෙල් මගේ උපකාරයට පැමිණියේ ය. මන්ද මම පර්සියානු රජු වෙත රඳවා තබා සිටියෙමි.
දානියෙල් 10:12-13 Sinhala Revised Old Version (SROV)
ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි. පර්සියා රාජ්‍යයේ අධිපතියා විසිඑක් දවසක් මට විරුද්ධව සිටියේය; නුමුත් ප්‍රධාන අධිපතීන්ගෙන් එක්කෙනෙක් වන මීකායෙල් තෙම මට උපකාරකරන්ට ආයේය. එසේ මම පර්සියාවේ රජවරුන් වෙත එහි ප්‍රමාදවුණෙමි.
දානියෙල් 10:12-13 Sinhala New Revised Version (NRSV)
“ඔහු මට කතා කොට, මෙසේ කී ය: ‘දානියෙල්, බිය නොවන්න. නුඹ කරුණු තේරුම්ගැනීමට සැදී පැහැදී සිටින්නෙහි ය. නුඹේ දෙවියන් වහන්සේට නුඹ යටහත් වූ පළමු වන දා පටන් නුඹේ වචන අසනු ලැබී ය. මා පැමිණියේ නුඹේ වචන නිසා ය. පර්සියා රාජ්‍යයේ අධිපතියා විසිඑක් දවසක් මට විරුද්ධ ව සිටියේ ය. එසේ වුව ද, ප්‍රධාන අධිපතීන්ගෙන් එක් කෙනෙකු වන මිකායෙල් තෙමේ, මා එහි තනි ව’ සිටින බව දැක, මට උපකාර කරන්නට ආයේ ය.
දානියෙල් 10:12-13 New International Version (NIV)
Then he continued, “Do not be afraid, Daniel. Since the first day that you set your mind to gain understanding and to humble yourself before your God, your words were heard, and I have come in response to them. But the prince of the Persian kingdom resisted me twenty-one days. Then Michael, one of the chief princes, came to help me, because I was detained there with the king of Persia.