කොලොස්සි 4:2-4
කොලොස්සි 4:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්තුතිවන්තකමින් යුතු ව සිහි බුද්ධියෙන් දිගට ම යාච්ඤාවේ නිරත වන්න. මා සිර-බැඳුම් ලැබීමට හේතු වූ ක්රිස්තුස්වහන්සේ පිළිබඳ අබිරහස ප්රකාශ කෙරෙන පණිවුඩයේ වචනය ප්රකාශ කරන්නට හැකි වන ලෙස දෙවියන්වහන්සේ අපට දොරක් ඇර දෙන පිණිස, අප උදෙසාත් යාච්ඤා කරන්න. කළ යුතු පරිදි පැහැදිලි ව එය ප්රකාශ කරන්නට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.
කොලොස්සි 4:2-4 Sinhala Revised Old Version (SROV)
ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න; තවද මා විසින් කථාකළයුතුව තිබෙන අන්දමට ක්රිස්තුස්වහන්සේගේ රහස එළිදරව්කරන පිණිස, එය කියාදීමට දෙවියන්වහන්සේ අපට වචනයේ දොරක් අරින ලෙස අප උදෙසාත් යාච්ඤාකරන්න. ඒ රහස නිසා මම බැඳුම් ලැබ සිටිමි.
කොලොස්සි 4:2-4 Sinhala New Revised Version (NRSV)
අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න. ඒ සමඟ ම ක්රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ප්රකාශ කරන පිණිස දහම් පණිවුඩය දේශනා කරන්නට දෙවියන් වහන්සේ අපට දොරක් ඇර දෙන ලෙස යාච්ඤා කරන්න. මා දැන් හිරභාරයේ සිටින්නේ ඒ සඳහා ම ය. හැකි පමණ පැහැදිලි ලෙස එය ප්රකාශ කිරීමට මට වරම් ලැබෙන සේ යාච්ඤා කරන්න.
කොලොස්සි 4:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න. ඒ සමඟ ම ක්රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ප්රකාශ කරන පිණිස දහම් පණිවුඩය දේශනා කරන්නට දෙවියන් වහන්සේ අපට දොරක් ඇර දෙන ලෙස යාච්ඤා කරන්න. මා දැන් හිරභාරයේ සිටින්නේ ඒ සඳහා ම ය. හැකි පමණ පැහැදිලි ලෙස එය ප්රකාශ කිරීමට මට වරම් ලැබෙන සේ යාච්ඤා කරන්න.
කොලොස්සි 4:2-4 New International Version (NIV)
Devote yourselves to prayer, being watchful and thankful. And pray for us, too, that God may open a door for our message, so that we may proclaim the mystery of Christ, for which I am in chains. Pray that I may proclaim it clearly, as I should.
