කොලොස්සි 1:17-20
කොලොස්සි 1:17-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සෑම මැවිල්ලකට ම පූර්වයෙන් උන්වහන්සේ සිටින සේක. මවන ලද සියලු දේ උන්වහන්සේ තුළ එකට එක් ව පවතී. සභාව වන ශරීරයේ හිස උන්වහන්සේ ය. මූලාරම්භය උන්වහන්සේ ය. මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණෝ උන්වහන්සේ ය. මෙසේ, සියලු දේහි ප්රමුඛ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේ සතු ය. මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රිය මනාපය වූයේ, ස්වකීය දේවත්වය ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ ව පැවතීමත්, පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මගින් සියලු දේ ම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය.
කොලොස්සි 1:17-20 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක, සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය. උන්වහන්සේ සභාව නමැති ශරීරයට හිසව සිටිනසේක. උන්වහන්සේ පටන්ගැන්මව මළවුන්ගෙන් කුළුඳුලාව සිටිනසේක. එසේව සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානව සිටින පිණිසය. මක්නිසාද උන්වහන්සේ තුළ මුළු පූර්ණකම පැවතීමටත්, උන්වහන්සේගේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා, උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක.
කොලොස්සි 1:17-20 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය. උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක. මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය. උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක.
කොලොස්සි 1:17-20 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය. උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක. මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය. උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක.
කොලොස්සි 1:17-20 New International Version (NIV)
He is before all things, and in him all things hold together. And he is the head of the body, the church; he is the beginning and the firstborn from among the dead, so that in everything he might have the supremacy. For God was pleased to have all his fullness dwell in him, and through him to reconcile to himself all things, whether things on earth or things in heaven, by making peace through his blood, shed on the cross.