කොලොස්සි 1:15-22

කොලොස්සි 1:15-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපය වන උන්වහන්සේ, සකල මැවිල්ලේ කුලුඳුලාණන් ය; මන්ද සියල්ල ම මවන ලද්දේ උන්වහන්සේ මගිනි; ස්වර්ගය තුළ ද පොළොව පිට ද ඇති දෑ, දෘශ්‍යමාන මෙන් ම අදෘශ්‍යමාන දෑ, සිංහාසන වේවා, පරාක්‍රම වේවා, පාලකයින් හෝ බලධාරීන් වේවා, සියල්ල මවන ලද්දේ උන්වහන්සේ මගිනි. උන්වහන්සේ වෙනුවෙනි. සෑම මැවිල්ලකට ම පූර්වයෙන් උන්වහන්සේ සිටින සේක. මවන ලද සියලු දේ උන්වහන්සේ තුළ එකට එක් ව පවතී. සභාව වන ශරීරයේ හිස උන්වහන්සේ ය. මූලාරම්භය උන්වහන්සේ ය. මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණෝ උන්වහන්සේ ය. මෙසේ, සියලු දේහි ප්‍රමුඛ ශ්‍රේෂ්ඨත්වය උන්වහන්සේ සතු ය. මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රිය මනාපය වූයේ, ස්වකීය දේවත්වය ක්‍රිස්තුස්වහන්සේ තුළ පරිපූර්ණ ව පැවතීමත්, පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මගින් සියලු දේ ම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය. කලක් ඔබත් දෙවියන්වහන්සේට පිටස්තරයින් ව, නපුර කිරීමෙන් ඔබේ සිතින් උන්වහන්සේගේ සතුරන් ව සිටියහ. එහෙත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසික ශරීරයේ මරණය මගින් දෙවියන්වහන්සේ, තමන්වහන්සේ සමඟ ඔබ සමඟි කර ගෙන ඇත්තේ, තමන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ශුද්ධ ව, නො කැළැල් ව, නිදොස් ව පිළිගැන්වෙනු පිණිස ය.

කොලොස්සි 1:15-22 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුඳුලාණෝය; මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නාවූ දේවල්ද නොපෙනෙන්නාවූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුළ මවන ලද්දේය; සියලු දේ උන්වහන්සේ කරණකොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ; උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක, සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය. උන්වහන්සේ සභාව නමැති ශරීරයට හිසව සිටිනසේක. උන්වහන්සේ පටන්ගැන්මව මළවුන්ගෙන් කුළුඳුලාව සිටිනසේක. එසේව සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානව සිටින පිණිසය. මක්නිසාද උන්වහන්සේ තුළ මුළු පූර්ණකම පැවතීමටත්, උන්වහන්සේගේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා, උන්වහන්සේ කරණකොටගෙන සියලු දේ, එනම් පොළොවෙහි තිබෙන දේවල් වුවත් ස්වර්ගවල තිබෙන දේවල් වුවත්, උන්වහන්සේ කරණකොටගෙන තමන්ට සමඟිකරගැනීමටත් පියාණන්වහන්සේ ප්‍රසන්නවූසේක. පසුගිය කාලයේදී අන්‍යයන්ව, නුඹලාගේ නපුරු ක්‍රියාවලින් සිතින් සතුරන්ව සිටියාවූ නුඹලා, ශුද්ධවූ නොකැලැල්වූ නිදොස්වූ තැනැත්තන් කොට තමන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරගන්න පිණිස, උන්වහන්සේගේ මාංසමයවූ ශරීරයෙහි මරණය කරණකොටගෙන සමඟිකරගත්සේක.

කොලොස්සි 1:15-22 Sinhala New Revised Version (NRSV)

ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක. මක්නිසා ද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල් ද නොපෙනෙන්නා වූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේ ය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ; උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය. උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක. මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය. උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක. පසුගිය කාලයේ දී ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වී සිටියහු ය. ඔබේ නපුරු ක්‍රියා නිසා ඔබ උන් වහන්සේට සිතින් සතුරු ව සිටියහු ය. එහෙත් දැන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන්ගේ ජීවිතය හා මරණය කරණකොටගෙන තමන් හට ඔබ සමඟි කරගත් සේක. එසේ කෙළේ ඔබ ශුද්ධ, නොකැළැල්, නිදොස් අය හැටියට දැන් උන් වහන්සේ ඉදිරියට පමුණුවාගැනීම සඳහා ය.

කොලොස්සි 1:15-22 Sinhala New Revised Version 2018 (SNRV)