ආමොස් 9:13-15
ආමොස් 9:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙන්න එකී දවස් පැමිණේ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “අස්වනු නෙළා නිම කරන්නට පෙර ඊළඟ කන්නයේ සී සෑම ඇරඹේ; මිදි පලදාව මිරිකා නිම වන්නට පෙර ඊළඟ වාරයට බීජ ඉසීම ඇරඹේ; කඳුවලින් අලුත් මිදි යුෂ වෑස්සේ; මුළු හෙල් අතරින් ඒවා ගලා යේ. මගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ භාග්‍යය මම යළි පිහිටු වන්නෙමි. “ගරා වැටුණු තමන්ගේ පුර නගර යළි ගොඩ නගා, ඔවුන් ඒවායේ පදිංචි වනු ඇත. ඔවුන් මිදි වතු වවා, ඒවායින් මිදි යුෂ පානය කරනු ඇත. ඔවුන් කෙත් වතු වවා, ඒවායේ පල අනුභව කරනු ඇත. මම ඔවුන්ගේ දේශයේ ඔවුන් පැළ කරන්නෙමි. මා ඔවුන්ට දුන් දේශයෙන් යළි කිසි කලෙක ඔවුන් උදුරා දැමිය නො හැකැ” යි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන සේක.
ආමොස් 9:13-15 Sinhala Revised Old Version (SROV)
හීහාන්නා ගොයම් කපන්නාටත් මුද්‍රිකඵල මඩින්නා බීජ වපුරන්නාටත් කිට්ටුවෙන දවස් පැමිණෙන්නේය; කඳු මිහිරි මිදිපැන් වස්වන්නේය, සෑම හෙල් දියවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගේ වහල්කම පහකරන්නෙමි, ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩනගා එහි වාසය කරනවා ඇත; මිදිවතු වවා ඒවායේ මුද්‍රිකපානය බොනවා ඇත; වතුද වවා ඒවායේ ඵල කනවා ඇත. මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි, මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නැතැයි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
ආමොස් 9:13-15 Sinhala New Revised Version (NRSV)
තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ. බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ. කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ. මාගේ සෙනඟ යළි සිය රටට ගෙනෙමි, ඔව්හු නටබුන් නගර යළි ගොඩනඟා එහි ජීවත් වන්නෝ ය. ඔව්හු මිදි වතු වවා මිදියුස බොන්නෝ ය. ඔව්හු වතු ද වවා එහි පල කන්නෝ ය. මා ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි. කිසි කලෙක නැවත ඔව්හු එයින් උදුරනු නොලබන්නෝ ය.” නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
ආමොස් 9:13-15 Sinhala New Revised Version 2018 (SNRV)
තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ. බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ. කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ. මාගේ සෙනඟ යළි සිය රටට ගෙනෙමි, ඔව්හු නටබුන් නගර යළි ගොඩනඟා එහි ජීවත් වන්නෝ ය. ඔව්හු මිදි වතු වවා මිදියුස බොන්නෝ ය. ඔව්හු වතු ද වවා එහි පල කන්නෝ ය. මා ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි. කිසි කලෙක නැවත ඔව්හු එයින් උදුරනු නොලබන්නෝ ය.” නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
ආමොස් 9:13-15 New International Version (NIV)
“The days are coming,” declares the LORD, “when the reaper will be overtaken by the plowman and the planter by the one treading grapes. New wine will drip from the mountains and flow from all the hills, and I will bring my people Israel back from exile. “They will rebuild the ruined cities and live in them. They will plant vineyards and drink their wine; they will make gardens and eat their fruit. I will plant Israel in their own land, never again to be uprooted from the land I have given them,”