ආමොස් 9:11-12
ආමොස් 9:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඒ දවසේ “මම දාවිත්ගේ ගරා වැටුණු කූඩාරම යළි පිහිටු වන්නෙමි. එහි බිඳුණු තැන් පිළිසකර කර, එහි නටබුන් පුනරුත්ථාන කරන්නෙමි. එය මුලින් තිබූ පරිදි ගොඩ නගන්නෙමි. එසේ කරන්නේ, ඔවුන් ඒදොම්වරුන්ගේ ඉතිරි ස්වල්ප දෙනා ද මගේ නාමය දරන සියලු ජාතීන් ද අත්කර ගනු පිණිස යැ” යි මෙකී දෑ කරන ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
ආමොස් 9:11-12 Sinhala Revised Old Version (SROV)
ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස, වැටී තිබෙන දාවිත්ගේ මණ්ඩපය මම ඒ කාලයේදී පිහිටුවා, එහි කපොලු අහුරා, කඩාදමා තිබෙන දේද පිහිටුවා, පුරාණයේ දවස්වල මෙන් ඒක ගොඩනගන්නෙමියි මෙය කරන ස්වාමීන්වහන්සේ කියනසේක.
ආමොස් 9:11-12 Sinhala New Revised Version (NRSV)
“ඒ දවසේ දී, ගරාවැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපොලු අහුරා, නටබුන් ප්රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි. එවිට ඉශ්රායෙල් ජනයා, ඒදොම් රටේ ඉතිරි අය ද, මට හිමි ව තිබුණු ජාතීන් ද අයිති කර ගන්නෝ ය.” මෙසේ වදාරන්නේ, මෙය ඉටුවන්නට සලස්වන සමිඳාණන් වහන්සේ ය.
ආමොස් 9:11-12 Sinhala New Revised Version 2018 (SNRV)
“ඒ දවසේ දී, ගරාවැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපොලු අහුරා, නටබුන් ප්රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි. එවිට ඉශ්රායෙල් ජනයා, ඒදොම් රටේ ඉතිරි අය ද, මට හිමි ව තිබුණු ජාතීන් ද අයිති කර ගන්නෝ ය.” මෙසේ වදාරන්නේ, මෙය ඉටුවන්නට සලස්වන සමිඳාණන් වහන්සේ ය.
ආමොස් 9:11-12 New International Version (NIV)
“In that day “I will restore David’s fallen shelter— I will repair its broken walls and restore its ruins— and will rebuild it as it used to be, so that they may possess the remnant of Edom and all the nations that bear my name,” declares the LORD, who will do these things.