ආමොස් 8:1-14
ආමොස් 8:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පරමාධිපති ස්වාමින්වහන්සේ මට පෙන්නුම් කළේ මෙයයි. මෙන්න! ගිම්හාන පලතුරු පැසක්. උන්වහන්සේ මා අමතමින්, “ඔබට පෙනෙන්නේ කුමක් ද ආමෝස් යැ” යි ඇසූ සේක. “ගිම්හාන පලතුරු පැසකි” යි මම පිළිතුරු දුනිමි. එවිට ස්වාමින්වහන්සේ මා අමතමින්, “මගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ කාලය අවසන් ව ඇත. නැවතත් මම ඔවුන්ට කමා නො කරන්නෙමි. “ඒ දවසේ දේව මාලිගයේ ගීතිකා, වැලපීමකට හැරෙනු ඇතැ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක: “බොහොමයක් වූ මළ කඳන් ය! ඒවා හැම තැන විසිරී ඇත. නිහැඬියාව ය!” දුගියන් පාගා දමන, දේශයේ දුප්පතුන් නැති-භංග කරන්නානනි, මේ අසනු! නුඹලා කියන්නේ, “අපට ධාන්‍ය විකුණා ගන්නට නව සඳ දවස ගෙවෙන්නේ කවදා ද? තිරිඟු වෙළඳාම් කරන්නට සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද?” ඒෆාව කුඩා කර, හොරට මැන, ෂෙකෙල් මිල වැඩි කර, හොර තරාදිවලින් වංචා කරන්නට. රිදීවලට දුප්පතුන් ද පාවහන් සඟලකට අනාථයින් ද මිලට ගෙන, බොල් හා පුහු සමඟ තිරිඟු විකුණන්නට. ස්වාමින්වහන්සේ, යාකොබ්ගේ අභිමානය වන තමන් ගැන ම දිවුළ සේක්: “ඔවුන් කර ඇති කිසිවක්, කිසි විට මම අමතක නො කරමි. “මෙනිසා දේශයේ පොළොව සලිත නො වී තියේ ද? එහි වෙසෙන සියල්ලන් නො වැලපී සිටී ද? එවිට එහි ඇති සියල්ල නයිල් ජලය සේ ඉහළ නැග, කලඹනු ලැබ, ඊජිප්තු ගංගාව සේ යළි ගිලා බසිනු ඇතැ” යි පැවසූ සේක. පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “ඒ දවසේ, මම මද්දහනට හිරු බැස යන්නට සලස්වා, මහ දහවල ම පොළොව අන්ධකාර කරවන්නෙමි. මම, නුඹලාගේ ආගමික මංගල්‍ය ශෝකවීමකට ද නුඹලාගේ ගීතිකා වැලපීමකට ද හරවන්නෙමි. නුඹලා සියල්ලන්ගේ ඉණට ගෝණි රෙදි හඳවා, හැම හිසක් ම මුඩුකරවන්නෙමි. එය එක ම පුතු ගැන වැලපෙන කාලයක් සේ වන්නට සලසමි. එහි කෙළවර දුක්ඛිත දවසක් මෙන් වන්නේ ය. “මෙන්න! ඒ දවස් පැමිණේ” යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ සේක. “දේශය පිට මම සාගතයක් එවන්නෙමි. එය, ආහාර අහේනියක් හෝ දිය පිපාසයක් හෝ වන සාගතයක් නො වේ; ස්වාමින්වහන්සේගේ වචනය ඇසීමේ එකකි. ඔවුහු සයුරෙන් සයුරට එතෙර ව, උතුරේ සිට නැගෙනහිරට ඉබාගාතෙ යමින්, ස්වාමින්වහන්සේගේ වචනය සොයමින්, එහෙ මෙහෙ දුවනු ඇත. එහෙත් එය ඔවුන්ට හමු නො වන්නේ ය. “ඒ දවසේ, “මනහර කන්‍යාවියන් හා තරුණයින් පිපාසිත ව ක්ලාන්ත වනු ඇත. සමාරියේ අපරාධය ගැන දිවුරන්නෝ ‘එම්බා දාන්! නුඹේ දෙවියා ජීවත් වන්නා සේ’ කියා හෝ ‘බෙයර්ෂෙබාගේ දෙවියා ජීවත් වන්නා සේ’ කියා කියන්නෝ වැටී යති; කිසි දින යළි නො නැගිටිති.”
ආමොස් 8:1-14 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ මට පෙන්නූසේක: බලව, ඉදුණු ඵල පෙට්ටියක් විය. උන්වහන්සේ: ආමොස්, නුඹට පෙනෙන්නේ කුමක්දැයි මාගෙන් ඇසූසේක. මමද: ඉදුණු ඵල පෙට්ටියක්යයි කීවෙමි. එකල ස්වාමීන්වහන්සේ: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට අන්තිමය පැමිණ තිබේ; මම නැවත තවත් ඔවුන්ට අච්චු නොකර නොසිටින්නෙමි. මාළිගාවේ ගීතිකා ඒ දවසේදී දුකෙන් කෑගැසීම් වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. බොහෝ මළකඳන් තිබෙනවා ඇත; ඔවුන් සෑම තැනම ඒවා නිශ්ශබ්දලෙස පිටත දමනවා ඇතැයි මට කීසේක. දිළින්දා ගිලදැමීමටත් දේශයේ යටහත් අය නැතිකිරීමටත් හතිදමාගනයමින්, ඒඵාව කුඩාකර, ෂෙකෙල මහත්කර, හොර තරාදිවලින් වංචාකම්කරන්නාවූ, දුප්පතුන් රිදීවලටද දිළින්දා වහන් සඟළකටද ගන්ටත් බොල් ධාන්‍ය විකුණන්ටත් ලැබෙන හැටියට, අප විසින් භෝග විකුණන පිණිස අමාවකද, ධාන්‍ය කඩ අරින පිණිස සබත් දවසද පසුවෙන්නේ කොයි වේලාවේදැයි කියන්නාවූ තැනැත්තෙනි, මෙය අසන්න. ඔවුන්ගේ සියලු ක්‍රියාවල් කවදාවත් මතකනැති නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ තේජස ගැන දිවුරා තිබේ. ඒ ගැන දේශය නොවෙවුලන්නේද? එහි වසන සියල්ලෝම නොවැලපෙන්නෝද? එසේය, ඒක ගංගාව මෙන් මුළුමනින්ම ගලා, කැලඹී, මිසරයේ ගංගාව මෙන් බැසයනවා ඇත. තවද මම ඒ කාලයේ ඉර මුදුන් වේලාවට ඉර බසින්ට සලස්වා, එළිය ඇති දවසේදී දේශය අන්ධකාරකරන්නෙමි. නුඹලාගේ මංගල්‍යවල් වැලපීමටත් නුඹලාගේ සියලු ගීතිකා විලාපයටත් හරවා, සියලුම ඉඟටිවලට ගෝණි රෙදිද සියලුම හිස්වලට මුඩුකමද පමුණුවා, ඒක එකම පුත්‍රයෙකු නිසා වැලපීම මෙන්ද එහි අන්තිමය තික්තවූ දවසක් මෙන්ද කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. බලව, හානියක්, එනම් කෑම හානියක්වත් වතුර පිපාසායක්වත් නොව ස්වාමීන්වහන්සේගේ වචන ඇසීමේ හානියක්, මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේය. එවිට මනුෂ්‍යයෝ ස්වාමීන්වහන්සේගේ වචනය සොයන පිණිස මුහුදෙන් මුහුදට ගමන්කරන්නෝය, උතුරේ සිට නැගෙනහිරටද ඔබ මොබ දුවනවා ඇත, නුමුත් ඔවුන්ට සම්බවෙන්නේ නැත. සමාරියේ අපරාධය ගැන දිවුරන්නාවූ, දාන්, නුඹේ දෙවියන් ජීවමාන බව සැබෑවා සේම කියාත් බෙයෙර්-ෂෙබාහි මාර්ගය ජීවමාන බව සැබෑවා සේම කියාත් කියන්නාවූ, ශෝභන කන්‍යාවෝද තරුණයෝද ඒ කාලයේදී පිපාසායෙන් ක්ලාන්තවී, නැවත නොනැගිටින හැටියට වැටෙන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
ආමොස් 8:1-14 Sinhala New Revised Version (NRSV)
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මේ දර්ශනය මට දැක්වූ සේක. මම පැසුණු පලතුරු ඇති කූඩයක් දිටිමි. එවිට සමිඳාණන් වහන්සේ, “ආමොස්, නුඹ කුමක් දකින්නෙහි දැ”යි ඇසූ සේක. “පැසුණු පලතුරු ඇති කූඩයකැ”යි මම පිළිතුරු දුනිමි. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් සෙනඟගේ විනාශය පඩිසන් දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස් මම වෙනස් නොකරමි. ඒ දවසේ දී මාලිගාවේ ගී ගායනා දුක් ගාවිනා බවට හැරේ, සෑම තැන ම මළකඳන් දක්නට ලැබේ. කිසි තැනක ශබ්දයක් ඇසෙන්නට නැත.” දිළිඳුන් පාගාදමා, අසරණයන්ට පීඩා කරන, ඔබ මෙයට සවන් දෙන්න. ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය; අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.” ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: “ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි. එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත. ඒ දවසේ දී, මද්දහන වේලාවේ ඉර බසින්නට සලස්වන්නෙමි; මහා දවාලේ පොළොව අන්ධකාරවන්ට සලස්වන්නෙමි. මේ වචන වදාළේ දෙවි ස්වාමීන් වන මම ය. නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය. “දේශය මුළුල්ලේ මහා සාගතයන් එවන කාලය ළං වන්නේ ය. ඒ සාගින්න කෑම සඳහා නොවේ; පිපාසය වතුර සඳහා නොවේ. එය සමිඳාණන් වහන්සේගේ වචනය ඇසීමට ඇති වන සාපිපාසය වේ. මෙසේ කියන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය. එවිට සෙනඟ සමිඳාණන් වහන්සේගේ වචනය සොයමින් උතුරේ සිට දකුණට ද නැගෙනහිර සිට බස්නාහිරට ද ඔබමොබ දුවනවා ඇත. එහෙත්, එය ඔවුන්ට සම්බ වන්නේ නැත. ඒ දවසේ දී රූමත් තරුණියෝ ද ශක්තිමත් තරුණයෝ ද පිපාසයෙන් ක්ලාන්ත වී වැටෙන්නෝ ය. ‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”
ආමොස් 8:1-14 Sinhala New Revised Version 2018 (SNRV)

ආමොස් 8:1-14 New International Version (NIV)
This is what the Sovereign LORD showed me: a basket of ripe fruit. “What do you see, Amos?” he asked. “A basket of ripe fruit,” I answered. Then the LORD said to me, “The time is ripe for my people Israel; I will spare them no longer. “In that day,” declares the Sovereign LORD, “the songs in the temple will turn to wailing. Many, many bodies—flung everywhere! Silence!” Hear this, you who trample the needy and do away with the poor of the land, saying, “When will the New Moon be over that we may sell grain, and the Sabbath be ended that we may market wheat?”— skimping on the measure, boosting the price and cheating with dishonest scales, buying the poor with silver and the needy for a pair of sandals, selling even the sweepings with the wheat. The LORD has sworn by himself, the Pride of Jacob: “I will never forget anything they have done. “Will not the land tremble for this, and all who live in it mourn? The whole land will rise like the Nile; it will be stirred up and then sink like the river of Egypt. “In that day,” declares the Sovereign LORD, “I will make the sun go down at noon and darken the earth in broad daylight. I will turn your religious festivals into mourning and all your singing into weeping. I will make all of you wear sackcloth and shave your heads. I will make that time like mourning for an only son and the end of it like a bitter day. “The days are coming,” declares the Sovereign LORD, “when I will send a famine through the land— not a famine of food or a thirst for water, but a famine of hearing the words of the LORD. People will stagger from sea to sea and wander from north to east, searching for the word of the LORD, but they will not find it. “In that day “the lovely young women and strong young men will faint because of thirst. Those who swear by the sin of Samaria— who say, ‘As surely as your god lives, Dan,’ or, ‘As surely as the god of Beersheba lives’— they will fall, never to rise again.”