ආමොස් 5:1-27

ආමොස් 5:1-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

නුඹ ගැන මා නගන ශෝක-විලාපයේ මේ වචනවලට සවන් දෙන්න, එම්බා ඉශ්‍රායෙල් වංශය: “ඉශ්‍රායෙල් කන්‍යාවිය වැටී ගියා ය, යළි ඇය නැගිටින්නේ නැත. නැගිට සිටුවන්නට කාත්-කවුරුවත් නැතිව තමන්ගේ ම දේශයේදී ඇය අත්හරිනු ලැබ ඇත.” පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: “පුරවරයකින් පිටත් වන දහසකගෙන් ඉතිරි වන්නේ සිය දෙනකු පමණි. අන් තැනකින් පිටත් ව යන සියයකගෙන් ඉශ්‍රායෙල් වංශයට ඉතිරි වන්නේ දස දෙනකු පමණි.” මන්ද ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් වංශයට පවසන්නේ මෙයයි: “මා වෙත හැරී, ජීවත් වන්න; බෙතෙල් දෙස නො හැරෙන්න, ගිල්ගාල් වෙත ඇතුළු නො වන්න, බෙයර්ෂෙබා හරහා ගමන් නො කරන්න. මන්ද, ගිල්ගාල් නියතයෙන් ම වහල්කමට පිට මං කෙරේ. බෙතෙල් ශූන්‍ය බවට පත් වේ.” ස්වාමින්වහන්සේ සොයා, ජීවත් වන්න. නැතහොත් උන්වහන්සේ යෝසෙප් වංශය සිසාරා ගින්නක් පැතිර යනු ඇත. එය නිවා දමන්නට කිසිවකු නොමැතිව බෙතෙල් පුරය සමඟ දැවී යනු ඇත. අහෝ යුක්තිය තිත්ත-කෂායකට හරවන නුඹලා, දමිටුකම බිමට ඇද දමන්නහු ය. හත්දින්නත හා මුව සිරස සෑදූ, රෑ-කළුවර, අරුණාලෝකයට ද දහවල, රෑ අඳුරට ද හරවන, සාගර ජලය ඉහළට කැඳවා, පොළෝ තලේ පිට වගුරු වන තැනැන්වහන්සේගේ නාමය ස්වාමින්වහන්සේ ය. ශක්තිවන්තයිනට එරෙහිව විනාශය විද හරින උන්වහන්සේ එසේ බළකොටුව පිටට විනාශය ගෙනෙන සේක. ඔවුහු පුර දොරටු අධිකරණයේදී තරවටු කරන්නාට වෛර කරති. ඇත්ත කතාකරන්නාට ගර්හා කරති. එබැවින් නුඹලා දුප්පතුන් පාගා දමමින්, අයුතු-බදු මගින් ඔවුන්ගේ ධාන්‍ය උදුරා ගන්න නිසා නුඹලා ගලින් බැඳි මාලිග තනතත්, ඒවායේ වාසයට නුඹලාට ඉඩ නො ලැබේ; නුඹලා මනරම් මිදි වතු වැව්වත්, ඒ මිදිවල යුෂ බොන්නට නුඹලාට වර නො ලැබේ. මන්ද, නුඹලාගේ අයුතුකම් කොපමණ ද කියාත්, නුඹලාගේ පාප කොතෙක් ඉමහත් ද කියාත් මම දනිමි. දමිටුන්ට පීඩා පමුණුවමින්, අල්ලස් ගන්නා නුඹලා පුර දොරටු අධිකරණයේදී යුක්තිය පෙරළා, දුප්පතුන් පෙළති. එබැවින් නුවණැත්තෝ එකල්හි නිහඬතාව සුරකින්නෝ ය. මන්ද එය නපුරු කාලයක් වන බැවිනි. ඔබ ජීවත් වන පිණිස යහපත කරන්න. නපුර නො වේ. එවිට, ඔබ කියා ඇති පරිදි, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක. නපුරට වෛර කරන්න; යහපතට ප්‍රේම වන්න. පුර දොරටු අධිකරණයේදී යුක්තිය ස්ථාපන කරන්න. එවිට, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යෝසෙප් වංශික ඉතිරි ස්වල්ප දෙනාට දයාන්විත වන සේක. එබැවින්, ස්වාමි වූ සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: “හැම එළිමහන් පිටියක ම අඳෝනා නැගෙනු ඇත; හැම වීදියක ම අහෝ! අහෝ! යයි කියනු ලබන්නේ ය. ශෝක වන පිණිස ගොවීන් ද ලතෝනි දීමට කුලියට හඬන ශිල්පීන් ද කැඳවනු ලබනු ඇත. හැම මිදි වත්තක ම අඳෝනා නැගේ; මන්ද, මම ඔබ මධ්‍යයේ ඔබ පසු කර යන්නෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක. ස්වාමින්වහන්සේගේ ස්වාමින්වහන්සේගේ දවස ගැන දැඩි ආශාවෙන් සිටින අයට දුක් වේ! ඔබ ස්වාමින්වහන්සේගේ දවස බලා සිටින්නේ ඇයි? එය අන්ධකාරය ය. ආලෝකය නො වේ. ඒ දවස, සිංහයකුගෙන් බේරෙන්නට දුවන මිනිසාට වලසකු හමුවන්නා වැනි ය. තම නිවසට පිවිසෙන මිනිසා ගෙදර බිත්තියට අත තැබූ කල, සර්පයකු දෂ්ට කරන්නා වැනි ය. ස්වාමින්වහන්සේගේ දවස අන්ධකාරය ම නො වන්නේ ද? එය ආලෝකය නො වේ. එක් බිඳකුදු දීප්තියක් නැති කළුවර ම ය. “නුඹලාගේ ආගමික මංගල්‍යවලට මම ද්වේෂ කරමි; ඒවා නීච කොට සලකමි. නුඹලාගේ එක් රැස්වීම් මට රුස්සන්නේ නැත. ඔබ මට දවන යාග පූජා ගෙනෙතත්, ධාන්‍ය පූජා ගෙනෙතත්, මම ඒවා නො පිළිගන්නෙමි. ශාන්ති පූජා සඳහා තර කළ සතුන් ගෙනෙතත්, මම ඒ දෙසවත් නො බලමි. ඔබේ ගීත කරච්චලය නවත්වන්න. ඔබේ වීණා සංගීතයට මම සවන් නො දෙන්නෙමි. එහෙත් යුක්තිය ගංගාවක් සේ ද දමිටුකම සදා නො සිඳෙන දිය දහරක් සේ ද ගලා යේවා! “පුරා හතළිස් වසරක් පාළුකරයේදී නුඹලා මා වෙත යාග හා පූජා ගෙන ආවා ද, එම්බා ඉශ්‍රායෙල් වංශිකයිනි? නුඹලා, නුඹලාගේ රජුන්ගේ ධාතුකරඬු ද නුඹලා උදෙසා නුඹලා ම තනා ගත් නුඹලාගේ දේව පිළිමත්, නුඹලාගේ දෙවියන්ගේ තාරකාවත් ඔසවා ගත්තහු ය. එබැවින්, මම දමස්කය පුරයෙනුත් එපිටට නුඹලා රටින් පිට මං කර දමන්නෙමි” යි සේනාංකවල දෙවියන්වහන්සේ යන නාමය ඇති ස්වාමින්වහන්සේ පවසන සේක.

ආමොස් 5:1-27 Sinhala Revised Old Version (SROV)

එම්බා ඉශ්‍රායෙල් වංශය, මා විසින් නුඹලා ගැන පවත්වන විලාපයවන මේ වචනය අසන්න. ඉශ්‍රායෙල් කන්‍යාව වැටුණාය; ඈ තවත් නොනැගිටින්නීය. ඈ නැගුටුවන්ට කිසිවෙක් නැතුව ඇගේ භූමිය පිට ඈ වැටී ඉන්නවාය. මක්නිසාද: යම් නුවරකින් දහසක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් සිය දෙනෙක්ද, යම් නුවරකින් සියයක් පිටත්ව ගියෝද ඔවුන්ගෙන් දසදෙනෙක්ද ඉශ්‍රායෙල් වංශයට ඉතුරුවන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එසේය, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියනසේක: මා සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය. නුමුත් බෙතෙල් නොසොයන්න, ගිල්ගාල්ට ඇතුල් නොවෙන්න, බෙයර්-ෂෙබාට නොයන්න. මක්නිසාද ගිල්ගාල් සැබවින් වහල්කමට යනවා ඇත, බෙතෙල්ද හිස්කමට පැමිණෙවා ඇත. යුක්තිය කොසඹවලට හරවන්නාවූ, ධර්මිෂ්ඨකම බිම හෙළන්නාවූ තැනැත්තෙනි, ස්වාමීන්වහන්සේ සොයන්න, එවිට නුඹලා ජීවත්වන්නහුය; නැත්නම් උන්වහන්සේ ගින්නක් මෙන් යෝසෙප් වංශය පිටට පැමිණෙනවා ඇත, බෙතෙල්හි නිවන්ට කෙනෙක් නැතුව එය ඇවිළෙනවා ඇත. උන්වහන්සේ නම් හත්දින්නද මුවසිරසද සෑදුවාවූ, මරණ සෙවණ උදයේ එළියට හරවන්නාවූ, දවාල රාත්‍රිය මෙන් අන්ධකාරකරන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝ තලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය. උන්වහන්සේ බලය ඇත්තා පිටට විනාශය හදිසියෙන් පමුණුවනසේක, විනාශය බලකොටුව පිටට පැමිණෙනවා ඇත. දොරටුවෙහි අවවාදකරන්නාට ඔව්හු වෛරවෙති, අවංකලෙස කථාකරන්නාටද පිළිකුල්කරති. එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය. මක්නිසාද නුඹලාගේ වරදවල් කොපමණ වැඩිව, නුඹලාගේ පාපවල් කොපමණ තදබලව තිබෙනවාද කියාදනිමි; නුඹලා ධර්මිෂ්ඨයාට පීඩාකරන්නහුය, අල්ලසක් ගෙන, යුක්තිය නොකොට දිළිඳුන් දොරටුවෙහි අහක්කරන්නහුය. එබැවින් ඒ කාලය නපුරු නිසා නුවණ ඇත්තා ඒ කාලයෙහි නිශ්ශබ්දව සිටින්නේය. නුඹලා ජීවත්වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා කියන ලෙස නුඹලා සමඟ සිටිනසේක. නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත. එබැවින් ස්වාමිවූ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියලු පළල් මාවත්වල වැලපීමවන්නේය; සියලු වීථිවල ඔව්හු-අනේ, අනේයයි කියන්නෝය; වැලපෙන පිණිස ගොවියාටත් විලාප කියන පිණිස ළතෝනි කීමෙහි දක්ෂ අයටත් අඬගසන්නෝය. සියලු මිදිවතුවලත් වැලපීම වන්නේය. මක්නිසාද නුඹ මැදින් යන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වාමීන්වහන්සේගේ දවසට ආශාවන්නෙනි, නුඹලාට දුක්වේ! ස්වාමීන්වහන්සේගේ දවස නුඹලාට ඕනෑකරන්නේ මක්නිසාද? එය ආලෝකය නොව අන්ධකාරයය. එය සිංහයෙකු ඉදිරියෙන් මනුෂ්‍යයෙක් පලායද්දී වලසෙකුට අසුවෙන්නාක්මෙන්ය; නොහොත් ගෙට ඇතුල්වී තමාගේ අත භිත්තියේ තබන විට සර්පයෙක් ඔහුට දෂ්ටකරන්නාක්මෙන්ය. ස්වාමීන්වහන්සේගේ දවස එළිය නොව අඳුර නොවන්නේද? දීප්තියක් නැතිව ඉතා කළුවරව නොතිබෙන්නේද? නුඹලාගේ මංගල්‍යවලට ද්වේෂකර ඒවා සුළුකොට සිතමි, නුඹලාගේ මංගල්‍ය රැස්වීම්වලටද මම ප්‍රසන්න නොවෙමි. නුඹලා දවන පූජාද නුඹලාගේ ආහාර පූජාද මට ඔප්පුකරන නුමුත් ඒවා පිළිනොගන්නෙමි. නුඹලාගේ තර සතුන්ගෙන් ඔප්පුකරන ශාන්ති පූජාවන්ද නොසලකන්නෙමි. නුඹේ ගීතිකා ඝෝෂාව මා වෙතින් අහක්කරගන්න; නුඹේ වීණා නාදයත් නාසන්නෙමි. නුමුත් යුක්තිය ජලය මෙන්ද ධර්මිෂ්ඨකම බලවත් දියපාරක් මෙන්ද ගලායාවා. එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා යාගද ආහාර පූජාද කාන්තාරයේදී සතළිස් අවුරුද්දක් මට ඔප්පු කළහුද? එසේය, නුඹලාගේ රජුගේ මණ්ඩපයත් නුඹලා සාදාගත්තාවූ නුඹලාගේ දේවරූපවූ කීයුන් වන නුඹලාගේ දෙවියන්ගේ තාරකාවත් නුඹලා ගෙනගියහුය. ඒ නිසා දමස්කයෙන් එපිටට වහල්කමට නුඹලා යවන්නෙමියි සේනාවල දෙවියන්වහන්සේ නම්වූ ස්වාමීන්වහන්සේ කියනසේක.

ආමොස් 5:1-27 Sinhala New Revised Version (NRSV)

අහෝ ඉශ්රායෙල් ජනයෙනි! ඔබ හැම ගැන නඟන මාගේ මේ විලාපයට සවන් දෙන්න: “ඉශ්රායෙල් කන්‍යාව වැටී ඇත, යළි නැඟිටීමක් ඈට නැත. පොළොව මත ඈ වැටී සිටියි. උදව් දෙන්නට කවුරුත් නැත.” මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි එක් නගරයකින් සටනට යන භටයින් දහසකින් ආපසු එන්නේ සියයකි. සියයක් යන තව නගරයකින් ආපසු එන්නේ දසදෙනෙකි.” ඉශ්රායෙල් සෙනඟට සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මා වෙත හැරී එන්න; එසේ ඇවිත් ජීවත් වන්න. එහෙත්, නමදින පිණිස බෙයර්-ෂෙබාවට නොයන්න; මා සොයන පිණිස බෙතෙල්ට නොයන්න. බෙතෙල් නැත්තට ම නැති වේ. ගිල්ගාලයට වත් නොයන්න. එහි සෙනඟ වහල්කමට ගෙනයනු ලබති.” දෙවියන් වහන්සේ වෙත හැරී යන්න; ගොස් ජීවත් වන්න. නොගියොත් උන් වහන්සේ ගින්නක් මෙන් ජෝසෙප්ගේ වංශය පිට පැමිණෙන සේක. බෙතෙල්හි සෙනඟ ගින්නට දැවී යනු ඇත. එය නිවීමට හැකි කිසිවෙක් නැත. යුක්තිය නොපිට පෙරළන, මානව අයිතිවාසිකම් වළක්වන, ඔබට වන විපතක මහත! හත්දින්න ද මුවසිරස ද මවාලන, රෑ අඳුර එළිය කරන, දිවා එළිය රෑ කරන, මුහුදු දියට හඬගසා පොළොව පුරා ගලා යවන, පවුරු හා බලකොටු පිට විනාශය පමුණුවන එතුමාණන්ගේ නම සමිඳාණෝ වන සේක. ඔබ උසාවිය මඟින් යුක්තිය ඉටු කරන්නාට වෛර වන්නහු ය; අවංක ලෙස කතා කරන්නාට පිළිකුල් කරන්නහු ය. ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත. ඔබේ පව් කොපමණ බරපතල ද කියාත්, ඔබේ අපරාධ කොපමණ බහුල ද කියාත් මම දනිමි. නුඹලා දමිටුන්ට පීඩා කරන්නහු ය; අල්ලස් ගෙන උසාවිය මඟින් යුක්තිය ඉටු කරගැනීමට දුප්පතුන්ට ඉඩ නොදෙන්නහු ය. කාලය නපුරු බැවින් නැණැතියෝ වුව ද නිහඬ ව සිටිති. ජීවත් වන පිණිස නපුර නොව යහපත සොයන්න. එවිට ඔබ සමඟ සිටින සේකැ යි ඔබ කියන සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ඇත්තෙන් ම ඔබ සමඟ සිටින සේක. නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රිය කරන්න, උසාවිය මඟින් යුක්තිය ඉටු කරවන්න. සමහරවිට, සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මේ රටේ ඉතිරි ව සිටින ජනයාට කරුණා කරනු ඇත. සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නගරයේ හැම වීථියක හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය; වැලපෙන පිණිස ගම්වැසියන්ටත්, කුලියට ළතෝනි කියන්නන්ටත් අඬගසනු ලැබේ. සියලු මිදි වතුවලත් වැලපීම වන්නේ ය. මන්ද, නුඹලාට දඬුවම් කරන පිණිස මම එන්නෙමි.” සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවස ආසාවෙන් බලා සිටින ඔබට වන්නට යන විපතක මහත! ඒ දවසේ ඔබට කිසි යහපතක් වෙයි ද? එය ආලෝකයේ දවසක් නොව, අන්ධකාරයේ දවසක් වන්නේ ය. ඒ දවසේ දී සිදු වන්නේ, සිංහයෙකුගෙන් බේරී දුවන මිනිසෙකු වලසෙකුට අසුවීම වැනි දෙයකි. නැතහොත්, මිනිසෙකු තම නිවෙසට පැමිණ බිත්තියේ අත තැබූ විට සර්පයෙකු දෂ්ට කිරීම වැනි දෙයකි. සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවසේ දී ඇතිවන්නේ, අන්ධකාරය මිස ආලෝකය නොවේ. එය දීප්තියක් නැති තිත්ත කළුවර දවසක් වන්නේ ය. “නුඹලාගේ මංගල්‍යවලට මම ද්වේෂ කරමි. ඒවා මට රුස්සන්නේ නැත. නුඹලා දවන යාග පූජා ද ආහාර පූජා ද මට ඔප්පු කරන නමුත්, මම ඒවා නොපිළිගනිමි. සහභාගිකමේ පූජා වශයෙන් මට ඔප්පු කරන පිණිස නුඹලා තර කළ සතුන් මම නොපිළිගනිමි. නුඹලාගේ ගීත ඝෝෂාව නතර කරන්න; නුඹලාගේ වීණා නාදයට මම සවන් නොදෙමි. යුක්තිය ගලා බහින දිය දහරක් මෙන් ද ධර්මිෂ්ඨකම නොසිඳී ගලන ගඟක් මෙන් ද පැවතිය යුතු ය. “ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයේ සිටිය මට පුද පූජා ඔප්පු කළහු ද? නැත. එහෙත් නුඹලා, දැන් නුඹලා උදෙසා ම තනාගත් ‘සක්කුත්’ සහ ‘කයිවාන්’ යන ග්‍රහ දේව රූප කර තබාගෙන යන්නහු ය; එබැවින් මම දමස්කයෙන් එපිට රටක වහල්කමට නුඹලා ගෙනයන්නෙමි”යි සියලු බලැති දෙවියන් යන නම ඇති සමිඳාණන් වහන්සේ වදාරන සේක.

ආමොස් 5:1-27 Sinhala New Revised Version 2018 (SNRV)

ආමොස් 5:1-27 New International Version (NIV)

Hear this word, Israel, this lament I take up concerning you: “Fallen is Virgin Israel, never to rise again, deserted in her own land, with no one to lift her up.” This is what the Sovereign LORD says to Israel: “Your city that marches out a thousand strong will have only a hundred left; your town that marches out a hundred strong will have only ten left.” This is what the LORD says to Israel: “Seek me and live; do not seek Bethel, do not go to Gilgal, do not journey to Beersheba. For Gilgal will surely go into exile, and Bethel will be reduced to nothing.” Seek the LORD and live, or he will sweep through the tribes of Joseph like a fire; it will devour them, and Bethel will have no one to quench it. There are those who turn justice into bitterness and cast righteousness to the ground. He who made the Pleiades and Orion, who turns midnight into dawn and darkens day into night, who calls for the waters of the sea and pours them out over the face of the land— the LORD is his name. With a blinding flash he destroys the stronghold and brings the fortified city to ruin. There are those who hate the one who upholds justice in court and detest the one who tells the truth. You levy a straw tax on the poor and impose a tax on their grain. Therefore, though you have built stone mansions, you will not live in them; though you have planted lush vineyards, you will not drink their wine. For I know how many are your offenses and how great your sins. There are those who oppress the innocent and take bribes and deprive the poor of justice in the courts. Therefore the prudent keep quiet in such times, for the times are evil. Seek good, not evil, that you may live. Then the LORD God Almighty will be with you, just as you say he is. Hate evil, love good; maintain justice in the courts. Perhaps the LORD God Almighty will have mercy on the remnant of Joseph. Therefore this is what the Lord, the LORD God Almighty, says: “There will be wailing in all the streets and cries of anguish in every public square. The farmers will be summoned to weep and the mourners to wail. There will be wailing in all the vineyards, for I will pass through your midst,” says the LORD. LORD Woe to you who long for the day of the LORD! Why do you long for the day of the LORD? That day will be darkness, not light. It will be as though a man fled from a lion only to meet a bear, as though he entered his house and rested his hand on the wall only to have a snake bite him. Will not the day of the LORD be darkness, not light— pitch-dark, without a ray of brightness? “I hate, I despise your religious festivals; your assemblies are a stench to me. Even though you bring me burnt offerings and grain offerings, I will not accept them. Though you bring choice fellowship offerings, I will have no regard for them. Away with the noise of your songs! I will not listen to the music of your harps. But let justice roll on like a river, righteousness like a never-failing stream! “Did you bring me sacrifices and offerings forty years in the wilderness, people of Israel? You have lifted up the shrine of your king, the pedestal of your idols, the star of your god— which you made for yourselves. Therefore I will send you into exile beyond Damascus,” says the LORD, whose name is God Almighty.