ආමොස් 1:1-5
ආමොස් 1:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තෙකෝවාහි එඬේරුන්ගෙන් කෙනකු වූ ආමෝස්ගේ වචනයයි මේ; යූදාහි රජු වූ උස්සියාගේ ද යෝවාෂ්ගේ පුත් ඉශ්‍රායෙල්හි රජු වූ යෙරොබොවම්ගේ ද දවස්හි, භූමිකම්පාවට දෙවසරකට පෙර, ඉශ්‍රායෙලය පිළිබඳ ඔහු දුටු දෑ මෙසේ පැවසේ. ඔහු මෙසේ පැවසී ය: “ස්වාමින්වහන්සේ සියොන් පුර සිට ගර්ජනා කරන සේක. යෙරුසලමේ සිට ගිගුරුම් හඬ නගන සේක. එවිට එඬේරුන්ගේ තණ බිම් වියළෙයි; කර්මෙල් කඳු මුදුන කරවී යයි.” ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “දමස්කයේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද ඔවුන් යකඩ කුළු-ගෙඩි බඳු කුළුගෙඩිවලින් ගිලියාද් තළා දමා ඇත. එබැවින් හසායෙල්ගේ මාලිගය පිට මම ගිනි බස්ස වන්නෙමි; බෙන්-හදද්ගේ බළකොටු එයින් ගිල දමනු ඇත. දමස්කයේ-පුර-දොරටු මම බිඳ හෙළන්නෙමි. ආවෙන් මිටියාවතේ සිටින වැසියා ද බෙත්-එදෙන්හි රාජ සෙංකෝලය දරන්නා ද මම සිඳ දමන්නෙමි. අරාම්හි ජනයා කීර් වෙත පිටුවහල් කරනු ලබති” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
ආමොස් 1:1-5 Sinhala Revised Old Version (SROV)
තෙකෝවාහි එඬේරුන් අතරේ සිටි ආමොස් යූදාහි රජවූ උස්සියාගේ දවස්වලද යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලද පොළෝකම්පාවට දෑවුරුද්දකට පළමුවෙන් ඉශ්‍රායෙල් ගැන දුටු කාරණය. ඔහු මෙසේ කීවේය. ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ගර්ජනාකොට, යෙරුසලමේ සිට තමන්ගේ හඬ පවත්වනවා ඇත; එවිට එඬේරුන්ගේ ගොදුරුබිම් වැලපෙනවා ඇත, කර්මෙල් මුදුනද වියළී යන්නේය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: දමස්කයේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහනොකරන්නෙමි; මක්නිසාද මඩින යකඩ යන්ත්‍රවලින් ඔවුන් විසින් ගිලියද් දේශය මඩිනලද්දේය. ඒ නිසා මම බෙන්-හදද්ගේ මාළිගා නාස්තිකරන ගින්නක් හසායෙල්ගේ ගෙදරට අරින්නෙමි. මම දමස්කයේ අගුල බිඳ, වැසියා ආවෙන්හි මිටියාවතෙන්ද, ජයකොන්තය අල්ලන්නා ඒදන් වංශයෙන්ද සිඳදමන්නෙමි. අරාම්හි වැසියෝ වහල්කමට කීර්ට යන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ආමොස් 1:1-5 Sinhala New Revised Version (NRSV)
මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය. ආමොස් මෙසේ පැවසී ය: “සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති; ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති. එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.” සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දමස්කයේ වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් යකඩ කූරු ඇති කුළුගෙඩිවලින් තළා පෙළන්නා සේ ගිලියද් වැසියන් තළා පෙළූ නිසා ඔවුන්ට මම සත්තකින් ම දඬුවම් කරමි. සිරියා රාජ්‍යය පිට මම ගින්නක් එවමි. එයින් බෙන්-හදද්ගේ බලකොටු දවා අළු කර දමමි. දමස්කයේ වාසල් දොරටු සුණු විසුණු කොට, ආවෙන් මිටියාවතේ වැසියන් හා බෙත්-ඒදන්හි අධිපතියා ඉවත් කරන්නෙමි. සිරියාවේ ජනයා හිරකරුවන් වශයෙන් කීර් දේශයට ගෙනයනු ලබන්නෝ ය.” මේ සමිඳාණන් වහන්සේගේ වචනය වේ.
ආමොස් 1:1-5 Sinhala New Revised Version 2018 (SNRV)

ආමොස් 1:1-5 New International Version (NIV)
The words of Amos, one of the shepherds of Tekoa—the vision he saw concerning Israel two years before the earthquake, when Uzziah was king of Judah and Jeroboam son of Jehoash was king of Israel. He said: “The LORD roars from Zion and thunders from Jerusalem; the pastures of the shepherds dry up, and the top of Carmel withers.” This is what the LORD says: “For three sins of Damascus, even for four, I will not relent. Because she threshed Gilead with sledges having iron teeth, I will send fire on the house of Hazael that will consume the fortresses of Ben-Hadad. I will break down the gate of Damascus; I will destroy the king who is in the Valley of Aven and the one who holds the scepter in Beth Eden. The people of Aram will go into exile to Kir,” says the LORD.