ක්‍රියා 7:54-59

ක්‍රියා 7:54-59 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ ඇසූ ඔවුහු කෝපාවිෂ්ට ව ඔහුට එරෙහිව දත්මිටි කන්නට වූහ. එහෙත් ස්තේපන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, ස්වර්ගය දෙස ඉහළ බැලූ කල, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය ද දෙවියන්වහන්සේගේ දකුණු පස යේසුස්වහන්සේ සිටගෙන සිටිනු ද දැක, “අන්න! ස්වර්ගයේ දොරටු ඇරී තිබේ. මනුෂ්‍ය පුත්‍රයාණෝ දෙවියන්වහන්සේගේ දකුණු පස සිටගෙන සිටිනු මට පෙනේ” යි කීවේ ය. එවිට තම කන්වල ඇඟිලි ගසා ගත් ඔවුහු, යටි ගිරියෙන් බෙරිහන් දෙමින්, සැවොම එකට දුව ගොස් ස්තේපන් පිටට පැන, නගරයෙන් පිටතට ඔහු ඇදගෙන ගොස්, ඔහුට ගල් ගැසූහ. සාක්ෂිකරුවෝ තම වස්ත්‍ර සාවුල් නම් වූ තරුණයකු පාමුල තැබූහ. ඔවුන් එසේ ගල් ගසද්දී ස්තේපන්, “යේසුස් ස්වාමිනි, මා ආත්මය බාරගත මැනවි” යි යාච්ඤා කළේ ය.

ක්‍රියා 7:54-59 Sinhala Revised Old Version (SROV)

ඔව්හු ඒ දේ ඇසූ විට, අනිනලද සිත් ඇතුව, ඔහුට විරුද්ධව දත්මිටිකෑවෝය. නුමුත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව, ස්වර්ගය දෙස බලා, දෙවියන්වහන්සේගේ මහිමයත් දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ යේසුස්වහන්සේ නැගිට සිටිනවාත් දැක: බලව, ස්වර්ගය විවරවී තිබෙනවාත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවාත් මට පෙනේයයි කීවේය. නුමුත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරගසා, තමුන්ගේ කන් වසාගෙන, එක්සිත්ව ඔහු කරා වේගයෙන් දිව ගොස්, ඔහු නුවරින් පිටතලා ඔහුට ගල්ගැසුවෝය. සාක්ෂිකාරයෝ වනාහි තමුන්ගේ වස්ත්‍ර සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබුවෝය. ස්වාමිවූ යේසුස්වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනව කියා ස්තේපන් යාච්ඤාකරද්දී ඔව්හු ඔහුට ගල්ගැසුවෝය.

ක්‍රියා 7:54-59 Sinhala New Revised Version (NRSV)

ඔව්හු ඒ අසා, ඔහුට විරුද්ධ ව කෝපයෙන් දිළිහී දත්මිටි කෑහ. එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැඟිට සිටිනවාත් දැක, “අන්න, ස්වර්ගය විවර වී ඇත, මනුෂ්‍ය-පුත්‍රයාණන් දෙවියන් වහන්සේගේ දකුණු පස නැඟිට සිටිනවා මට පෙනේ ය”යි කී ය. එහෙත් ඔව්හු මහත් ශබ්දයෙන් මොරහඬගසා, තමන්ගේ කන් වසා ගෙන, එක සිතින් ඔහු පිටට කඩා පැන, ඔහු නුවරින් පිටතට ඇද ඔහුට ගල් ගැසූ හ. සාක්ෂිකාරයෝ තමන්ගේ ඇඳුම් සාවුල් නම් යෞවනයෙකුගේ පාමුල තැබූ හ. “ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනවැ”යි කියා ස්තේපන් යාච්ඤා කරද්දී ඔව්හු ඔහුට ගල් ගැසූ හ.

ක්‍රියා 7:54-59 Sinhala New Revised Version 2018 (SNRV)