ක්‍රියා 7:2-8

ක්‍රියා 7:2-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්තේපන් මෙසේ පිළිතුරු දෙන්නට වන්නේ ය: “සහෝදරයිනි, පියවරුනි, මට සවන් දෙන්න. අප ආදි පිය වූ ආබ්‍රහම්, හාරාන්හි විසීමට පෙර, මෙසපොතාමියාවේ සිටියදී, තේජසේ දෙවියන්වහන්සේ ඔහුට පෙනී, ‘ඔබේ දේශය ද ඔබේ නෑයින් ද අත්හැර, මා ඔබට පෙන්වන දේශයට යන්නැ’ යි පැවසූ සේක. “එබැවින් ඔහු කල්දිවරුන්ගේ දේශයෙන් පිට වී ගොස්, හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ මරණයෙන් පසු, දැන් ඔබ වෙසෙන මේ දේශයට දෙවියන්වහන්සේ ඔහු ගෙනා සේක. උන්වහන්සේ මෙහි කිසි උරුමයක් ඔහුට දුන්නේ නැත. බිම් අඩියක්වත් දුන්නේ නැත. එහෙත් මේ දේශය ඔහුටත්, ඔහුගෙන් පසු, ඔහුගේ දරු පරපුරටත් හිමි කොට දෙන බවට උන්වහන්සේ පොරොන්දු වූයේ, ඒ වන විටත් ආබ්‍රහම් දරුවකු නො ලැබ සිටියදී ය. දෙවියන්වහන්සේ ඔහුට පැවසූයේ, ‘ඔබේ දරු පරපුර වසර හාරසියයක් අනුන්ගේ දේශයක වහල් භාවයට හා තාඩන පීඩනයට පත් වෙමින්, විදේශීන් ව ගත කරනු ඇත. එහෙත් ඔවුන් වහල්කමේ යෙදවූ ජාතියට මම දඬුවම් කරන්නෙමි’ යනුවෙනි. දෙවියන්වහන්සේ ඔහුට කතා කරමින්, ‘ඉන්පසු ඔවුන් ඒ දේශයෙන් පිට වී අවුත්, මේ ස්ථානයේදී මට නමස්කාර කරනු ඇතැ’ යි පැවසූ සේක. ඉන්පසු උන්වහන්සේ චර්මඡේද ගිවිසුම ආබ්‍රහම්ට දුන් සේක. මෙසේ ආබ්‍රහම් ඊසාක්ගේ පියා බවට පත් ව, අ‍ට වන දවසේ ඔහු චර්මඡේද කළේ ය. ඊසාක්, යාකොබ්ගේ පියා විය. යාකොබ්, මුල් දොළොස් ගෝත්‍රපතීන්ගේ පියා විය.

ක්‍රියා 7:2-8 Sinhala Revised Old Version (SROV)

ස්තේපන් කථාකොට කියනුයේ: ‍ සහෝදරයෙනි, පියවරුනි, ඇහුම්කන්දෙන්න. අපගේ පියවූ ආබ්‍රහම් හාරන්හි විසීමට පළමුවෙන් මෙසොපොතාමියෙහි සිටි කාලයෙහි මහිමාන්විත දෙවියන්වහන්සේ ඔහුට පෙනී: නුඹේ දේශයෙන්ද නෑයන් කෙරෙන්ද තුරන්ව, මා නුඹට පෙන්වන දේශයට එවයි කීසේක. එකල ඔහු කල්දියයන්ගේ දේශයෙන් පිටත්ව හාරන්හි විසුවේය. ඔහුගේ පියා මළ කල්හි, දෙවියන්වහන්සේ ඔහු එතැනින් නුඹලා දැන් වසන්නාවූ මේ දේශයට ගෙනාසේක. එහි එක පියවරක් තබන්ට පමණවත් ඔහුට උරුමයක් නොදී ඔහු දරුවෙකු නොලැබ සිටියදී, මේ දේශය ඔහුටද ඔහුගෙන් පසු ඔහුගේ වංශයටද උරුම කොට දෙන්ට පොරොන්දුවූසේක. තවද දෙවියන්වහන්සේ මෙසේ කීසේක, කෙසේද: ඔහුගේ වංශය අන්‍ය දේශයක විදේශීව සිටිනවා ඇත, ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන, අවුරුදු හාරසියයක් මුළුල්ලෙහි ඔවුන්ට පීඩාකරනවා ඇත. දෙවියන්වහන්සේ කථාකොට–ඔව්හු යම් ජාතියකට වහල්වන්නෝද ඒ ජාතිය විනිශ්චයකරන්නෙමි. ඉන්පසු ඔව්හු පිටත්ව ඇවිත් මේ ස්ථානයෙහි මට මෙහෙකරන්නෝයයි කීසේක. උන්වහන්සේ චර්මඡේද්‍ය ගිවිසුම ඔහුට දුන්සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය, ආබ්‍රහම් අටවෙනිදා ඔහු චර්මඡේද්‍යකෙළේය; ඊසාක්ට දාව යාකොබ්ද යාකොබ්ට දාව කුලජේයෂ්ඨයන් දොළොස්දෙනාද උපන්නෝය.

ක්‍රියා 7:2-8 Sinhala New Revised Version (NRSV)

ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී, ‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක. එවිට ඔහු කල්දීයයන්ගේ දේශයෙන් නික්ම ගොස් හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ ඇවෑමෙන් දෙවියන් වහන්සේ ඔහු එතැනින් ඉවත් කොට ඔබ දැන් වසන මේ දේශයට ගෙනා සේක; එහි අඩියක් පමණ වත් උරුමයක් ඔහුට නුදුන් සේක. එහෙත්, එවකට ඔහුට දරුවෙකු නොසිටි නමුත්, මේ දේශය ඔහුට ද ඔහුගේ දරු පරම්පරාවට ද උරුම කර දීමට පොරොන්දු වූ සේක. දෙවියන් වහන්සේ වදාළ දේ නම් මේ ය: ‘ඔහුගේ දරු පරම්පරාව අන්‍ය දේශයක ආගන්තුකයන් ව සිටිනවා ඇත. ඒ දේශවාසීන් ඔවුන් වහල්කමට ගෙන අවුරුදු හාර සියයක් මුළුල්ලේ ඔවුන්ට පීඩා කරනු ඇත. ඔව්හු යම් ජාතියකට වහල් වෙත් ද, මම ඒ ජාතිය විනිශ්චයට පමුණුවමි; ඉන්පසු ඔව්හු පිටත් ව අවුත් මේ ස්ථානයෙහි මට නමස්කාර කරති.’ තවද, උන් වහන්සේ ගිවිසුමේ ලකුණක් වශයෙන් චර්මඡේදනය ඔහුට දුන් සේක. මෙසේ ආබ්‍රහම්ට දාව ඊසාක් ද උපන්නේ ය. ආබ්‍රහම් අට වන දා ඔහු චර්මඡේදනය කෙළේ ය. ඊසාක්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව කුලපතියෝ දොළොස් දෙනා ද උපන්හ. ඔව්හු සියල්ලෝ චර්මඡේදනය කරනු ලැබූ හ.

ක්‍රියා 7:2-8 Sinhala New Revised Version 2018 (SNRV)