ක්‍රියා 6:1-8

ක්‍රියා 6:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අනුගාමික සංඛ්‍යාව වර්ධන වෙමින් පැවති එකල, ග්‍රීක් කතා කළ යුදෙව්වරුන් හෙබ්‍රෙව් කතා කළවුනට දොස් පවරන්නට වූයේ, දිනපතා ආහාර බෙදීමේදී ඔවුන්ගේ වැන්දඹුවන් නො සලකා තිබූ බැවිනි. එබැවින් මුළු ගෝල සමූහයා කැඳවූ දොළොස් දෙනා කතා කරමින්, “දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමේ මෙහෙවර අතපසු කරමින්, අප මේසවල සේවයේ නියැළීම සුදුසු නො වේ. එබැවින් සහෝදරවරුනි, ඔබ අතරින් හොඳ පිළිගැනීමක් ඇති, ශුද්ධාත්මයාණන්ගෙන් හා ප්‍රඥාවෙන් පූර්ණ හත්දෙනකු තෝරා ගන්න. එවිට මේ කටයුතු ඔවුනට පවරා, අපි යාච්ඤාවටත්, වචනයේ මෙහෙයටත් කැප වන්නෙමු” යි කීහ. මෙම යෝජනාවට කණ්ඩායමේ සියල්ලෝ ප්‍රසන්න වූහ. එබැවින් ඔවුහු ඇදහිල්ලේ හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ස්තේපන් ද පිලිප්, ප්‍රකොරස්, නිකනෝර්, තීමෝන් හා පර්මෙනස් ද යූදා දහම වැලඳගත් අන්තියෝකියානු නිකෝලස් ද තෝරා ගත්හ. ඔවුහු ඒ මිනිසුන් අපෝස්තුලුවරුන් ඉදිරියට පැමිණ වූ කල, ඔවුහු යාච්ඤා කර ඔවුන් පිට අත් තැබූහ. මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයන්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ. ස්තේපන් අනුග්‍රහයෙන් හා බලයෙන් පූර්ණ ව, ජනයා අතරේ බලවත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය.

ක්‍රියා 6:1-8 Sinhala Revised Old Version (SROV)

ඒ දවස්වලදී ගෝලයන්ගේ ගණන වැඩිවෙන කල, දවස්පතා කෙරුණු උපස්ථානයේදී හෙල්ලීන යුදෙව්වරුන්ගේ වැන්දඹුවන් නොසලකනු ලැබූ නිසා හෙබ්‍රෙව්වරුන්ට විරුද්ධව කෙඳිරීමක් විය. එවිට දොළොස්දෙනා ගෝල සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: අප විසින් දෙවියන්වහන්සේගේ වචනය හැරදමා මේසවල සේවයකිරීම සුදුසු නැත. එහෙයින්, සහෝදරයෙනි, මේ වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්‍රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගන්න. අපි වනාහි යාච්ඤාවෙහිද වචනයේ මෙහෙකිරීමෙහිද ස්ථිරලෙස යෙදී සිටින්නෙමුයයි කීවෝය. ඒ කීම මුළු සමූහයාට ප්‍රියවිය. එවිට ඔව්හු ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක් වන ස්තේපන්ද පිලිප්ද ප්‍රොකොරස්ද නිකනොර්ද තීමොන්ද පර්මෙනස්ද යුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලස්ද තෝරාගෙන, ඔවුන් ප්‍රේරිතයන් ඉදිරියෙහි සිටෙවුවෝය. ඔව්හු යාච්ඤාකොට ඔවුන් පිට අත් තැබුවෝය. තවද දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය. ස්තේපන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව, පුදුමද හාස්කම්ද සෙනඟ අතරේ සිදුකෙළේය.

ක්‍රියා 6:1-8 Sinhala New Revised Version (NRSV)

ඒ දවස්වල දී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල, හෙබ්‍රෙව් බස කතා කරන ජුදෙව්වන්ට විරුද්ධ ව, ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ: දිනපතා සහනාධාර දීමේ දී, තමන්ගේ වැන්දඹුවන් නොසලකා හරිනු ලබති යි ඔව්හු කී හ. එවිට දොළොස් දෙනා ගෝල සමූහය රැස් කරවා, “අප දෙව් දහම දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතුවල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත. එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න. ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ. මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූ හ. එවිට ඔව්හු, ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන් ද ඔහු සමඟ පිලිප් ද ප්‍රොකොරස් ද නිකනොර් ද තීමොන් ද පර්මෙනස් ද ජුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලොස් ද තෝරාගත්හ. ඔව්හු මේ අය ප්‍රේරිතයන් වෙත ඉදිරිපත් කළහ. ප්‍රේරිතයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ. තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ. ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය.

ක්‍රියා 6:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

ඒ දවස්වල දී ශ්‍රාවකයන්ගේ ගණන වැඩි වන කල, හෙබ්‍රෙව් බස කතා කරන ජුදෙව්වන්ට විරුද්ධ ව, ග්‍රීක බස කතා කරන ජුදෙව්වරු පැමිණිල්ලක් ඉදිරිපත් කළහ: දිනපතා සහනාධාර දීමේ දී, තමන්ගේ වැන්දඹුවන් නොසලකා හරිනු ලබති යි ඔව්හු කී හ. එවිට දොළොස් දෙනා ගෝල සමූහය රැස් කරවා, “අප දෙව් දහම දේශනා කිරීම අතපසු කොට සහනාධාර කටයුතුවල යෙදී සිටීම කිසිසේත් සුදුසු නැත. එබැවින් සහෝදරයෙනි, මේ තනතුරට පත් කරන පිණිස, යහපත් යයි පිළිගත්, එසේ ම ශුද්ධාත්මයෙන් ද ප්‍රඥාවෙන් ද පූර්ණ සත්දෙනෙකු ඔබ අතරෙන් තෝරා ගන්න. ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ. මේ යෝජනාව ගැන මුළු මහත් පිරිස සතුටු වූ හ. එවිට ඔව්හු, ඇදහිල්ලෙන් හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ මිනිසෙකු වන ස්තේපන් ද ඔහු සමඟ පිලිප් ද ප්‍රොකොරස් ද නිකනෝර් ද තීමොන් ද පර්මෙනස් ද ජුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලොස් ද තෝරාගත්හ. ඔව්හු මේ අය අපෝස්තුළුවරු වෙත ඉදිරිපත් කළහ. අපෝස්තුළුවරයෝ යාච්ඤා කොට ඔවුන් මත අත් තැබූ හ. තවද දෙවියන් වහන්සේගේ වචනය පැතිරී ගියේ ය. ජෙරුසලමේ ශ්‍රාවකයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය. පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදහිල්ල පිළිගත්හ. ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය.