ක්‍රියා 5:17-19
ක්‍රියා 5:17-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් උත්තම පූජකයා ද සද්දුසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඔහුගේ හවුල්කරුවෝ සියලු දෙනා ද අපෝස්තුලුවරුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පිරී, ඔවුන් අත්අඩංගුවට ගෙන, පොදු සිර ගෙයි දැමූහ. එහෙත් එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිර ගෙයි දොරටු හැර, ඔවුන් පිටතට ගෙනවුත්, කතා කොට
ක්‍රියා 5:17-19 Sinhala Revised Old Version (SROV)
නුමුත් උත්තම පූජකයාද සද්දුසිවරුන්ගේ ලබ්ධියෙහිවූ ඔහු සමඟ සිටි සියල්ලෝද නැගිට, ඊර්ෂ්‍යාවෙන් පිරී, ප්‍රේරිතයන් අල්ලා ප්‍රසිද්ධ හිරගෙයි දැමුවෝය. නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් රාත්‍රියේ හිරගෙයි දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනැවිත්
ක්‍රියා 5:17-19 Sinhala New Revised Version (NRSV)
එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට, ප්‍රේරිතයන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ. එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දුතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට
ක්‍රියා 5:17-19 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට උත්තම පූජකයා සහ ඔහු සමඟ එහි සිටි සද්දුසි පක්ෂයේ අය, ඊර්ෂ්‍යාවෙන් පිරී නැඟී සිට, අපෝස්තුළුවරුන් අල්ලා පොදු හිරගෙයි දැමූ හ. එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට
ක්‍රියා 5:17-19 New International Version (NIV)
Then the high priest and all his associates, who were members of the party of the Sadducees, were filled with jealousy. They arrested the apostles and put them in the public jail. But during the night an angel of the Lord opened the doors of the jail and brought them out.