ක්‍රියා 4:27-31

ක්‍රියා 4:27-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඇත්තෙන් ම ඔබවහන්සේගේ ආලේපය ලද ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට හෙරෝද් හා පොන්තියුස් පිලාත්, අන්‍ය-ජාතීන් හා ඉශ්‍රායෙල් ජනයා සමඟ මේ නගරයේදී එක් රැස් වී ඇත. ඔවුන් කර ඇත්තේ, ඔබවහන්සේගේ බලය හා අභිප්‍රාය පරිදි මතු සිදු විය යුතු බවට ඉහතදී ඔබවහන්සේ නියම කළ ලෙසයි. අහෝ ස්වාමින්වහන්ස, දැන් ඔවුන්ගේ තර්ජන ගැන බලා, ඔබවහන්සේගේ වචනය මහා නිර්භීතකමින් කතා කරන්නට ඔබවහන්සේගේ දාසයින් වූ අපට වර දුන මැනව. ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේගේ නාමයෙන් සුව කිරීමට ද විස්මිත ලකුණු හා හාස්කම් දැක්වීමට ද ඔබවහන්සේගේ හස්තය දිගු කළ මැනව” යි කීහ. එසේ යාච්ඤා කර නිම වූ කල, ඔවුන් එක් රැස් ව සිටි ස්ථානය දෙදරුම් කෑවේ ය. ඔවුහු සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ව කතා කළෝ ය.

ක්‍රියා 4:27-31 Sinhala Revised Old Version (SROV)

කුමක්හෙයින්ද ඔබගේ අතින්ද ඔබගේ මන්ත්‍රණයෙන්ද සිද්ධවන්ට නියමකළ කොයි දෙයක් නුමුත් ඉෂ්ටකරන පිණිස, ඔබ ආලේපකළ ඔබගේ ශුද්ධ සේවකවූ යේසුස්වහන්සේට විරුද්ධව සැබවින් හෙරොද්ද පොන්තියුස් පිලාත්ද අන්‍ය ජාතීන් හා ඉශ්‍රායෙල් සෙනඟ සමඟ මේ නුවර රැස්වූවෝය. දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කල, ඔබගේ වචනය නිර්භීතකමින් කථාකරන්ටත් ඔබගේ ශුද්ධ සේවකයාවූ යේසුස්වහන්සේගේ නාමය කරණකොටගෙන හාස්කම්ද පුදුමද කරන්ටත් ඔබගේ දාසයන්ට වර දුන මැනවයි කීවෝය. ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.

ක්‍රියා 4:27-31 Sinhala New Revised Version (NRSV)

සැබැවින් ම, ඔබ ආලේප කළ ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේට විරුද්ධ ව හෙරොද් හා පොන්තියුස් පිලාත්, විජාතීන් ද, ඉශ්රායෙල් ජනයා ද සමඟ මේ නුවර රැස් වූ හ. එසේ කෙළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටුවන පිණිස ය. දැන් ඉතින් ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීත ව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව. සුව කිරීමට ඔබගේ හස්තය දිගු කළ මැනව; තවද, ඔබගේ සුවිශුද්ධ සේවකයාණන් වූ ජේසුස් වහන්සේගේ නාමානුභාවයෙන් ලකුණු ද අරුමපුදුම දේ ද සිදු කළ මැනව.” මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.

ක්‍රියා 4:27-31 Sinhala New Revised Version 2018 (SNRV)