ක්‍රියා 3:2-7

ක්‍රියා 3:2-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උපතේ පටන් කොර මිනිසෙක් ද මෙවේලේ දේව මාලිගයේ සුදර්ශන නම් දොරටුව වෙත ගෙන යනු ලැබී ය. දේව මාලිගයට පිවිසෙන්නන්ගෙන් සිඟමන් යදින පිණිස, දිනපතා ඔහු එම දොරටුව අසල තබන ලදී. පේතෘස් හා යොහන් දේව මාලිගයට පිවිසෙන්නට යනු දුටු හෙතෙම, ඔවුන්ගෙන් සිඟමන් ඉල්ලී ය. පේතෘස්, යොහන් සමඟ එක එල්ලේ ඔහු දෙස බලා, ඔහු අමතමින්, “බලන්න, මෙහෙ අප දිහා” යි කීවේ ය. ඔහු ඕනෑකමින් ඔවුන් දෙස බැලුවේ යමක් ඔවුන්ගෙන් ලැබේ ය යන බලාපොරොත්තුවෙනි. එවිට පේතෘස්, “රිදීවත්, රත්රන්වත් මට නැත; එහෙත් මට ඇති දේ ඔබට දෙමි, නාසරෙත්හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නැගිට, ඇවිදින්නැ” යි පවසා, ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගුටු වී ය. එකෙණෙහි ම ඔහුගේ කොර පාද හා වළලුකර සවිවූයෙන්

ක්‍රියා 3:2-7 Sinhala Revised Old Version (SROV)

මවුකුස පටන් කොරව සිටි එක්තරා මනුෂ්‍යයෙක් ගෙනයනු ලැබුවේය. ඔහු මාළිගාවට ඇතුල්වෙන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුවයයි කියන මාළිගාවේ දොරටුව ළඟ දවස්පතා තබනලද්දේය. ඔහු පේතෘස්ද යොහන්ද දේවමාළිගාවට ඇතුල්වෙන්ට යනවා දැක, සිඟමන් ඉල්ලුවේය. පේතෘස් යොහන් සමඟ ඔහු දෙස ඇස් හෙළා: අප දෙස බලන්නැයි කීවේය ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය. පේතෘස්ද: රන් රිදී මට නැත; නුමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරිය යේසුස්වහන්සේගේ නාමයෙන්, ඇවිදින්නැයි කියා, ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙවුවේය. එකෙණෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය.

ක්‍රියා 3:2-7 Sinhala New Revised Version (NRSV)

උපන් දා පටන් කොර ව සිටි එක්තරා මිනිසෙක් විය. දේව මාලිගාවට ඇතුළු වන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස, දේව මාලිගාවේ ‘සුදර්ශන’ නම් ලත් දොරටුව ළඟ දිනපතා ඔහු තබන ලදී. ඔහු පේදුරු සහ ජොහන් දේව මාලිගාවට ඇතුළුවන්නට යන බව දැක සිඟමන් ඉල්ලී ය. පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය. ඔහු ද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස ඕනෑකමින් බැලී ය. එවිට පේදුරු, “රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය. එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය.

ක්‍රියා 3:2-7 Sinhala New Revised Version 2018 (SNRV)