ක්‍රියා 27:33-38 - Compare All Versions

ක්‍රියා 27:33-38 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පහන් වන්නට ආසන්නයේ යමක් ආහාරයට ගන්නැයි පාවුල් උදක් ම ඔවුන්ගෙන් ඉල්ලී ය. “කුමක් වේ දෝයි නො දැන දිගට ම දෙගිඩියාවෙන් පසුගිය දවස් දාහතර ඔබ ගත කළේ නිරාහාර ව; ඔබ කිසිවක් කෑවේ නෑ. දැන් මා ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලනවා ආහාරයක් ගන්නා ලෙස. එය ඔබගේ දිවි රැක ගැනීමට අවශ්‍ය ය; ඔබ කිසිවකුගේ හිසකේ ගසකටවත් හානියක් සිදු වන්නේ නැතැ” යි පැවසූ පාවුල්, අනතුරුව රොටි ගෙන, ඔවුන් හැම බලා සිටියදී දෙවියන්වහන්සේට ස්තුති කර, ඒවා කඩා, කෑමට වන්නේ ය. ඉන් අනුබල ලද ඔවුහු කැමැත්තෙන් ම ආහාර ගත්හ. නැවෙහි වූ අප සියල්ලෝ දෙසිය හැත්තෑ හයදෙනෙකි. ඇති තරම් කෑ ඔවුහු, නැවේ තිබූ ධාන්‍ය ද මුහුදේ හෙළා නැව සැහැල්ලු කළහ.

බෙදාගන්න
ක්‍රියා 27 SCV

ක්‍රියා 27:33-38 SROV (Sinhala Revised Old Version)

පහන්වේගන එන කල්හි පාවුල් ඔවුන් සියල්ලන්ට කෑම කන්ට අවවාදකරමින්: නුඹලා බලාසිටිමින්, කිසිත් නොකා නිරාහාරව සිට අදට දසසතරවෙනි දවසය. එබැවින් කෑම කන මෙන් නුඹලාට අවවාදකරමි. මක්නිසාද එය නුඹලාගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. නුඹලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය. ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන්වහන්සේට ස්තුති කොට කඩා කන්ට පටන්ගත්තේය. එවිට ඔවුන් සියල්ලොත් ධෛර්ය ලැබ, තුමූද කෑම කෑවෝය. නැවේ සිටි අපි සියල්ලෝම, දෙසිය සැත්තෑ සදෙනෙක්ය. කෑම කා තෘප්තියට පැමුණුණ විට ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලුකළෝය.

බෙදාගන්න
ක්‍රියා 27 SROV

ක්‍රියා 27:33-38 NRSV (Sinhala New Revised Version)

පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, “ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය. එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය. ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්නට පටන් ගත්තේ ය. එවිට ඔව්හු සියල්ලෝ ම ධෛර්යවත් වී, තුමූ ද කෑම කෑහ. නැවේ සිටි අපි සියල්ලෝ ම දෙසිය සැත්තෑසදෙනෙකි. කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ.

බෙදාගන්න
ක්‍රියා 27 NRSV

ක්‍රියා 27:33-38 SNRV (Sinhala New Revised Version 2018)

පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, “ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය. එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය. ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්නට පටන් ගත්තේ ය. එවිට ඔව්හු සියල්ලෝ ම ධෛර්යවත් වී, තුමූ ද කෑම කෑහ. නැවේ සිටි අපි සියල්ලෝ ම දෙසිය සැත්තෑසදෙනෙකි. කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ.

බෙදාගන්න
ක්‍රියා 27 SNRV

ක්‍රියා 27:33-38 NIV (New International Version)

Just before dawn Paul urged them all to eat. “For the last fourteen days,” he said, “you have been in constant suspense and have gone without food—you haven’t eaten anything. Now I urge you to take some food. You need it to survive. Not one of you will lose a single hair from his head.” After he said this, he took some bread and gave thanks to God in front of them all. Then he broke it and began to eat. They were all encouraged and ate some food themselves. Altogether there were 276 of us on board. When they had eaten as much as they wanted, they lightened the ship by throwing the grain into the sea.

බෙදාගන්න
ක්‍රියා 27 NIV