ක්‍රියා 27:14-44
ක්‍රියා 27:14-44 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වැඩි වේලාවක් යන්නට මත්තෙන්, යූරකුලෝ නමින් හැඳින්වෙන චණ්ඩ මාරුතය ගොඩ බිම දෙසින් ගසා හමන්නට වන්නේ ය; නැව කුණාටුවට හසුවූයෙන්, එය සුළං අතට හරවා ගැනීමට බැරි විය. එබැවින් ඒ ප්‍රයත්නය අත් හළ විට අප ගසා ගෙන යැවිණ. අප කවුදා නම් කුඩා දිවයිනෙහි ගොඩ බිම් මුවාවෙන් පාවී යද්දී, මහත් වෙහෙසක් දරා ජීවිතාරක්ෂක බෝට්ටුව බේරා ගතිමු. බෝට්ටුව ඔසවා නැවට ගත් නැවියෝ, නැව්බඳ සවිමත් කරන්නට කඹ නැව යටින් දමා බැන්දහ. සර්ටිස්හි වැලි කණ්ඩිවල නැව ගැටේ ය යන බියෙන් ඔවුහු පාවෙන නැංගුරම දමා, නැව පාවී යන්නට ඉඩ හළහ. කුණාටුව සැහැසි ව අපට පහර දෙන්නට වූයෙන්, ඔවුහු පසු දා නැව් බඩු නැවෙන් පිටතට දැමූහ. තුන් වන දිනයේ ඔවුහු නැවේ උපකරණ ද තම අත්වලින් ම නැවෙන් පිටත හෙළූහ. දින ගණනාවක් හිරු හෝ තරු හෝ නො පෙනී, කුණාටුව ද නො නැවතීම වියරු වූයෙන්, ගැලවීම ගැන තිබූ සියලු බලාපොරොත්තු අවසානයේදී අපි අත්හැර දැමීමු. ඔවුන් බොහෝ දිනක් කිසි අහරක් නො ගෙන සිටියදී, පාවුල් ඔවුන් ඉදිරියට ගොස්, “මිනිසුනි, ක්‍රීතයේ සිට යාත්‍රා නො කරන ලෙස මා දුන් අවවාදය ඔබ පිළිගත යුතු ව තිබුණා. එසේ වී නම් මේ හානියත්, අලාභයත් නො වන්න තිබුණා. කෙසේ වුවත්, දැන් මා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ, ධෛර්යවත් ව සිටින ලෙසයි. ජීවිත හානියක් ඔබ කිසිවකුටත් සිදු වන්නේ නෑ; විනාශ වනු ඇත්තේ නැව පමණයි. මා අයිති, මා සේවය කරන දෙවියන්වහන්සේගේ දූතයෙක් ඊයේ රෑ මා පසෙකින් සිට, ‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා. එබැවින් මිනිසුනේ, ධෛර්යය ඇතිකර ගන්න; මන්ද මම දෙවියන්වහන්සේ විශ්වාස කරමි. සිදු වන්නේ උන්වහන්සේ මට කී විදියටමයි. කෙසේ වෙතත්, අප කිසියම් දිවයින් වෙරළකට ගසා ගෙන යා යුතු ව ඇතැ” යි පැවසී ය. දාහතර වන දවසේ රැයේ අප සිටියේ අද්‍රියාතික මුහුදේ ගසා ගෙන යමින් ය. රෑ මැදියම පමණ වන විට, අප ගොඩ බිමකට ළඟා වන බැව් නැවියන්ට දැනී ගියේ ය. ඔවුන් එතැන ගැඹුර මැන බැලූ කල, බඹ විස්සක් වග පෙනී ගියේ ය; මද වෙලාවකට පසු යළි මැන බැලූ කල, ගැඹුර බඹ පහළොවක් විය. ගල් පරවල අප හැපෙතැයි බයෙන් ඔවුහු නැව් අවරයෙන් නැංගුරම් හතරක් දමා, හිරු උදාව තෙක් ආශාවෙන් බලා සිටියහ. නැව් ඇණියෙන් ද නැංගුරම් ලන්නට යන වග ඇඟවූ නැවියෝ නැවෙන් පලා යන්නට බලමින් නැවේ බෝට්ටුව මුහුදට පහත් කළහ. එවිට පාවුල්, “මේ මිනිසුන් නැවේ ම සිටියොත් මිස, ඔබට ගැලවී යා නො හැකි” යි සියයේ හේවාපන්න නිලධාරියා හා හේවායින්ට කී ය. එවිට හේවායෝ බෝට්ටුව නැවට බැඳ තිබූ රැහැන් කපා එය ඉවත පාවී යන්නට හැරියහ. පහන් වන්නට ආසන්නයේ යමක් ආහාරයට ගන්නැයි පාවුල් උදක් ම ඔවුන්ගෙන් ඉල්ලී ය. “කුමක් වේ දෝයි නො දැන දිගට ම දෙගිඩියාවෙන් පසුගිය දවස් දාහතර ඔබ ගත කළේ නිරාහාර ව; ඔබ කිසිවක් කෑවේ නෑ. දැන් මා ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලනවා ආහාරයක් ගන්නා ලෙස. එය ඔබගේ දිවි රැක ගැනීමට අවශ්‍ය ය; ඔබ කිසිවකුගේ හිසකේ ගසකටවත් හානියක් සිදු වන්නේ නැතැ” යි පැවසූ පාවුල්, අනතුරුව රොටි ගෙන, ඔවුන් හැම බලා සිටියදී දෙවියන්වහන්සේට ස්තුති කර, ඒවා කඩා, කෑමට වන්නේ ය. ඉන් අනුබල ලද ඔවුහු කැමැත්තෙන් ම ආහාර ගත්හ. නැවෙහි වූ අප සියල්ලෝ දෙසිය හැත්තෑ හයදෙනෙකි. ඇති තරම් කෑ ඔවුහු, නැවේ තිබූ ධාන්‍ය ද මුහුදේ හෙළා නැව සැහැල්ලු කළහ. දවස උදා වූ පසු, ඒ ගොඩ බිම හඳුනා ගැනීමට ඔවුන්ට බැරි විය. එහෙත් වෙරළක් සහිත මුහුදු බොක්කක් දුටු ඔවුහු හැකි වේ නම් නැව එහි ගෙන යෑමට තීරණය කළහ. නැංගුරම් කපා, ඒවා මුහුදට හැර දැමූ ඔවුහු, සුක්කානම් හබල් බැඳි රැහැන් ද මුදා හළහ. ඉන්පසු ඔවුහු නැවේ ඉදිරි රුවල නගා, නැව සුළඟින් වෙරළට ගසා ගෙන යන්නට සැලැස්වූහ. එහෙත් නැව වැලි කණ්ඩියක හැපී, වැල්ලේ එරිණි. නැව් ඇණිය එරී සොලවන්නට බැරි විය; නැව් අවරය හැපී, බිඳෙන සැඩ රළින් කෑලිවලට කැඩී යන්නට විණි. සිරකරුවන් පිහිනා පැන යෑම වැළැක්වීමට හේවායෝ ඔවුන් මරා දමන්නට සැරසුණහ. එහෙත් පාවුල් ආරක්ෂා කිරීමට ඕනෑ වූ සියයේ හේවාපන්න නිලධාරියා ඔවුන්ගේ සැලසුම වැළැක්විය. පිහිනීමට හැකි අය පළමු කොට නැවෙන් පැන ගොඩට යන ලෙස ඔහු අණ කළේ ය. සෙසු අය ලෑලි හෝ නැවේ සුන්බුන්වල ආධාරයෙන් ගොඩට යා යුතු විය. මෙසේ සියල්ලෝ ම ආරක්ෂා සහිත ව ගොඩ බිමට වන්හ.
ක්‍රියා 27:14-44 Sinhala Revised Old Version (SROV)
නුමුත් මඳ වේලාවකින් එව්රකුලොන් නම් කුණාටු-හුළඟක් එතැනින් හැමුවේය. නැව ඊට අසුවී හුළඟ ඉදිරියට යන්ට බැරිවූ බැවින්, හුළඟට ගහගන යන්ට ඉඩ හැරියෙමුව. තවද ක්ලෞද කියන සුළු දිවයිනක මුවාවට දුවගොස් අමාරුවෙන් ඔරුව ගත්තෙමුව. ඔව්හු ඒක ඔසවාගත් විට ආධාර කඹ නැව යටින් දමා බැන්දෝය; සොරවැල්ලේ වැටේය යන භයින් ඔව්හු කුඹ දැව බා, එසේ ගෙනයනු ලැබුවෝය. තද කුණාටුවට අසුවී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලුකරන්ට පටන්ගත්තෝය; තුන්වෙනිදා තමුන්ගේම අත්වලින් නැවේ උපකරණ වීසිකළෝය. බොහෝ දවස් ඉරවත් තාරකාවත් නොපෙනුණ බැවින්ද තද කුණාටුවක් පැවතුණු බැවින්ද අපේ ගැළවිල්ල ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් නැතිවී ගියේය. කෑමෙන් අප බොහෝසෙයින් වැලකී සිටියාට පසු පාවුල් ඔවුන් මැද සිට: මනුෂ්‍යයෙනි, මේ අන්තරාය සහ අලාභයත් නොපැමිණෙන පිණිස ක්‍රීතයෙන් පිටත් නොවන්ට මා කී වචනයට ඇහුම්කන් දෙන්ට යුතුව තිබුණේය. දැන් ඉතින් ධෛර්යවත්ව සිටින ලෙස නුඹලාට අවවාදකරමි. මක්නිසාද නැව මිසක් නුඹලා අතරේ ජීවිත නැතිවීමක් නොවන්නේය. කුමක්හෙයින්ද මා අයිතිවූ, මා සේවයකරන්නාවූ දෙවියන්වහන්සේගේ දූතයෙක් මේ රාත්‍රියේ මා ළඟ සිට: පාවුල් භය නොවන්න; නුඹ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, නුඹ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ නුඹට දුන්සේකැයි කීවේය. එබැවින්, මනුෂ්‍යයෙනි, ධෛර්ය ඇතුව සිටින්න. මක්නිසාද මම දෙවියන්වහන්සේව විශ්වාසකරමි, මට කියන්ට යෙදුණු ප්‍රකාරයටම සිද්ධවන්නේයයි විශ්වාසකරමි. එසේ වුවත් අප එක් දිවයිනකට වැටෙන්ට ඕනෑයයි කීවේය. දසසතරවෙනි රාත්‍රිය පැමිණ අප අද්‍රිය මුහුදේ ඔබ මොබ ගෙනයනු ලබන කල, මධ්‍යම රාත්‍රිය පමණේදී නැව්කාරයෝ, අප ගොඩකට ළංවෙනවායයි සිතා, ගැඹුර බලා විසි බඹයක් බව දැනගත්තෝය. තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා, පසළොස් බඹයක් බව දැනගත්තෝය. එකල අප ගල් ඉඩම්වල වැටේය යන භයින් ඔව්හු අවරෙන් නැංගුරම් හතරක් දමා, පහන්වෙනවා ආශාවෙන් බලා සිටියෝය. නැව්කාරයන් නැවෙන් පලායන්ට සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්ට යන්නාක්මෙන් ඔරුව මුහුදට බැස්සෙවු කල, පාවුල් කථාකොට: මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් නුඹලාට ගැළවෙන්ට නුපුළුවනැයි සියයකට මුලාදෑනියාටද හේවායන්ටද කීවේය. එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඒක යන්ට ඇරියෝය. පහන්වේගන එන කල්හි පාවුල් ඔවුන් සියල්ලන්ට කෑම කන්ට අවවාදකරමින්: නුඹලා බලාසිටිමින්, කිසිත් නොකා නිරාහාරව සිට අදට දසසතරවෙනි දවසය. එබැවින් කෑම කන මෙන් නුඹලාට අවවාදකරමි. මක්නිසාද එය නුඹලාගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. නුඹලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය. ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන්වහන්සේට ස්තුති කොට කඩා කන්ට පටන්ගත්තේය. එවිට ඔවුන් සියල්ලොත් ධෛර්ය ලැබ, තුමූද කෑම කෑවෝය. නැවේ සිටි අපි සියල්ලෝම, දෙසිය සැත්තෑ සදෙනෙක්ය. කෑම කා තෘප්තියට පැමුණුණ විට ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලුකළෝය. පහන්වූ කල ඔව්හු ඒ දේශය කිමෙක්දැයි නොහැඳින්නෝය. නුමුත් වෙරළක් ඇති බොකු වරායක් දැක, එහි නැව පමුණුවන්ට පුළුවන්වේදෝ කියා කථාකරගත්තෝය. නැංගුරම් පහකරදමා මුහුදේ තිබෙන්ට හැර, ඒ එක්කම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල හුළඟට නගා වෙරළ බලා ගියෝය. නුමුත් මුහුදු දෙකක් යාවෙන තැනකට පැමිණ නැව බිමට වැද්දෙවුවෝය; එවිට ඇණිය එරී තදවුණේය, රැළවල වේගය නිසා අවරය බිඳෙන්ට පටන්ගත්තේය. තවද හිරකාරයන්ගෙන් කිසිවෙක් පීනා ගැළවී නොයන පිණිස ඔවුන් මැරීමට හේවායන්ගේ අදහසක් වූයේය. නුමුත් සියයකට මුලාදෑනියා පාවුල් ආරක්ෂා කරනු කැමතිව ඒ අදහසින් ඔවුන් වලක්වා, පීනන්ට පුළුවන් අයට පළමුකොට මුහුදට පැන ගොඩට යන්ටත්, සෙස්සන්ට සමහරු ලෑලිවලින්ද සමහරු නැවේ කෑලිවලින්ද ගොඩට යන්ටත් අණකෙළේය. මෙසේ සියල්ලෝම ගැළවී ගොඩට පැමින්නෝය.
ක්‍රියා 27:14-44 Sinhala New Revised Version (NRSV)
එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු. තවද, ක්ලෞද නම් සුළු දිවයිනක මුවාවට දුව ගොස් අමාරුවෙන් නැවේ ඔරුව රැකගත්තෙමු. ඔව්හු එය නැවට ඔසවා, ආධාර කඹ නැව යටින් දමා බැන්දාහ; සර්ටිස්හි වැලි කණ්ඩිවල ගැටේ ය යන බියෙන් ඔව්හු කුඹදැව බා, නැව ගසා ගෙන යන්නට ඉඩ දුන්හ. තද කුණාටුවකට අසු වී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලු කරන්නට පටන්ගත්හ. තුන් වන දා ඔව්හු තමන්ගේ ම අත්වලින් නැවේ බඩු බාහිරාදිය මුහුදට වීසි කළහ. බොහෝ දවස් ඉර වත් තාරකා වත් නොපෙනුණ බැවින් ද, තද කුණාටුවක් පැවතුණ බැවින් ද අපේ ආරක්ෂාව ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් සුන් වී ගියේ ය. අප බොහෝ දිනක් කෑම නොගෙන සිටි බැවින්, පාවුලු ඔවුන් මැද සිට, “භවතුනි, ක්‍රීතයෙන් පිටත් නොවන ලෙස මා දුන් අවවාදයට ඇහුම්කන් දිය යුතු ව තිබිණි. එසේ කෙළේ නම් මෙවැනි අන්තරාවක් හා අලාභයක් පැමිණෙන්නේ නැත. කෙසේ වෙතත් දැන් ඉතින් ධෛර්යවත් ව සිටින ලෙස ඔබට අවවාද කරමි. මන්ද, නැවට මිස ඔබ අතර ජීවිතහානියක් නොවන්නේ ය. මා වැඳුම්පිදුම් කරන මාගේ ම දෙවියන් වහන්සේගේ දුතයෙක් ඊයේ රාත්‍රියේ මා ළඟ සිට, ‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය. එබැවින්, භවතුනි, ධෛර්යවත් වන්න. මන්ද, මම දෙවියන් වහන්සේ විශ්වාස කරමි; මට කී ලෙස ම සිද්ධ වන්නේ යයි විශ්වාස කරමි. එසේ වුවත් අප යම් දිවයිනකට ගසා ගෙන යා යුතු ය”යි කී ය. දසසතර වන රාත්‍රියේ දී අප මධ්‍යධරණි මුහුදේ ඔබමොබ ගෙනයනු ලබන කල, මධ්‍යම රාත්‍රිය පමණේ දී නැව්කාරයන් අප වෙරළකට ළං වෙති යි සිතා, ගැඹුර බලා, මීටර් සතළිසක් බව දැනගත්හ. තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා මීටර් තිහක් බව දැනගත්හ. එකල අප ගල්පරවල හැපේ ය යන බියෙන් ඔව්හු අවරෙන් නැංගුරම් සතරක් දමා, පහන් වන තෙක් ආශාවෙන් බලා සිටියහ. නැවියන් නැවෙන් පලා යන්නට මඟක් සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්නට යන්නාක් මෙන් ඔරුව මුහුදට පහත් කළ විට පාවුලු කතා කර, “මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් ඔබට ගැළවෙන්නට නොපිළිවනැ”යි ශතාධිපතියාට ද හේවායනට ද කී ය. එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඔරුව පාවී යන්නට ඇරියහ. පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, “ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය. එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය. ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්නට පටන් ගත්තේ ය. එවිට ඔව්හු සියල්ලෝ ම ධෛර්යවත් වී, තුමූ ද කෑම කෑහ. නැවේ සිටි අපි සියල්ලෝ ම දෙසිය සැත්තෑසදෙනෙකි. කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ. පහන් වූ කල ඒ දේශය කිමෙක් දැ යි බැලූ නැවියන්ට එය හඳුනාගත නොහැකි විය. එහෙත් වෙරළක් ඇති මුහුදු බොක්කක් දැක, පුළුවන් නම්, නැව එහි ගෙන යන්නට තීරණය කරගත්හ. නැංගුරම් පහ කර මුහුදේ තිබෙන්නට හැර, ඒ සමඟ ම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල සුළඟට නඟා වෙරළ බලා ගියෝ ය. එහෙත් සැඩ පහරින් ගසාගන ගිය නැව වැලි කණ්ඩියක හැපුණේ ය. එවිට ඇණිය එරී තද වුණේ ය, රැළ වේගය නිසා අවරය බිඳෙන්න පටන් ගත්තේ ය. තවද හිරකාරයන්ගෙන් කිසිවෙකු පීනා පැන නොයන පිණිස ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ. එහෙත් ශතාධිපතියා පාවුලු ආරක්ෂා කරනු කැමැති ව ඒ අදහසින් ඔවුන් වළක්වා පීනන්නට පුළුවන් අය පළමුකොට මුහුදට පැන ගොඩට යන්නටත්, සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ.
ක්‍රියා 27:14-44 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු. තවද, ක්ලෞද නම් සුළු දිවයිනක මුවාවට දුව ගොස් අමාරුවෙන් නැවේ ඔරුව රැකගත්තෙමු. ඔව්හු එය නැවට ඔසවා, ආධාර කඹ නැව යටින් දමා බැන්දාහ; සර්ටිස්හි වැලි කණ්ඩිවල ගැටේ ය යන බියෙන් ඔව්හු කුඹදැව බා, නැව ගසා ගෙන යන්නට ඉඩ දුන්හ. තද කුණාටුවකට අසු වී සිටි බැවින් පසුවදා ඔව්හු නැව සැහැල්ලු කරන්නට පටන්ගත්හ. තුන් වන දා ඔව්හු තමන්ගේ ම අත්වලින් නැවේ බඩු බාහිරාදිය මුහුදට වීසි කළහ. බොහෝ දවස් ඉර වත් තාරකා වත් නොපෙනුණ බැවින් ද, තද කුණාටුවක් පැවතුණ බැවින් ද අපේ ආරක්ෂාව ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් සුන් වී ගියේ ය. අප බොහෝ දිනක් කෑම නොගෙන සිටි බැවින්, පාවුලු ඔවුන් මැද සිට, “භවතුනි, ක්‍රීතයෙන් පිටත් නොවන ලෙස මා දුන් අවවාදයට ඇහුම්කන් දිය යුතු ව තිබිණි. එසේ කෙළේ නම් මෙවැනි අන්තරාවක් හා අලාභයක් පැමිණෙන්නේ නැත. කෙසේ වෙතත් දැන් ඉතින් ධෛර්යවත් ව සිටින ලෙස ඔබට අවවාද කරමි. මන්ද, නැවට මිස ඔබ අතර ජීවිතහානියක් නොවන්නේ ය. මා වැඳුම්පිදුම් කරන මාගේ ම දෙවියන් වහන්සේගේ දූතයෙක් ඊයේ රාත්‍රියේ මා ළඟ සිට, ‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය. එබැවින්, භවතුනි, ධෛර්යවත් වන්න. මන්ද, මම දෙවියන් වහන්සේ විශ්වාස කරමි; මට කී ලෙස ම සිද්ධ වන්නේ යයි විශ්වාස කරමි. එසේ වුවත් අප යම් දිවයිනකට ගසා ගෙන යා යුතු ය”යි කී ය. දසසතර වන රාත්‍රියේ දී අප මධ්‍යධරණි මුහුදේ ඔබමොබ ගෙනයනු ලබන කල, මධ්‍යම රාත්‍රිය පමණේ දී නැව්කාරයන් අප වෙරළකට ළං වෙති යි සිතා, ගැඹුර බලා, මීටර් සතළිසක් බව දැනගත්හ. තව ටිකක් ඈතට ගොස් නැවතත් ගැඹුර බලා මීටර් තිහක් බව දැනගත්හ. එකල අප ගල්පරවල හැපේ ය යන බියෙන් ඔව්හු අවරෙන් නැංගුරම් සතරක් දමා, පහන් වන තෙක් ආශාවෙන් බලා සිටියහ. නැවියන් නැවෙන් පලා යන්නට මඟක් සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්නට යන්නාක් මෙන් ඔරුව මුහුදට පහත් කළ විට පාවුලු කතා කර, “මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් ඔබට ගැළවෙන්නට නොපිළිවනැ”යි ශතාධිපතියාට ද හේවායනට ද කී ය. එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඔරුව පාවී යන්නට ඇරියහ. පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, “ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය. එබැවින් කෑම කන මෙන් ඔබට අවවාද කරමි. මන්ද, ඔබගේ දිවි රැකගැනීම සඳහා එසේ කිරීම අවශ්‍ය ය. ඔබ කිසිවෙකුගෙන් ඉසකේ ගහක් තරමට වත් කිසිත් නැති නොවන්නේ ය”යි කී ය. ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියෙහි දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්නට පටන් ගත්තේ ය. එවිට ඔව්හු සියල්ලෝ ම ධෛර්යවත් වී, තුමූ ද කෑම කෑහ. නැවේ සිටි අපි සියල්ලෝ ම දෙසිය සැත්තෑසදෙනෙකි. කෑම කා සෑහීමට පැමිණි ඔව්හු ධාන්‍ය මුහුදට දමා නැව සැහැල්ලු කළහ. පහන් වූ කල ඒ දේශය කිමෙක් දැ යි බැලූ නැවියන්ට එය හඳුනාගත නොහැකි විය. එහෙත් වෙරළක් ඇති මුහුදු බොක්කක් දැක, පුළුවන් නම්, නැව එහි ගෙන යන්නට තීරණය කරගත්හ. නැංගුරම් පහ කර මුහුදේ තිබෙන්නට හැර, ඒ සමඟ ම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල සුළඟට නඟා වෙරළ බලා ගියෝ ය. එහෙත් සැඩ පහරින් ගසාගන ගිය නැව වැලි කණ්ඩියක හැපුණේ ය. එවිට ඇණිය එරී තද වුණේ ය, රැළ වේගය නිසා අවරය බිඳෙන්න පටන් ගත්තේ ය. තවද හිරකාරයන්ගෙන් කිසිවෙකු පීනා පැන නොයන පිණිස ඔවුන් මැරීමට හේවායෝ අදහස් කළහ. එහෙත් ශතාධිපතියා පාවුලු ආරක්ෂා කරනු කැමැති ව ඒ අදහසින් ඔවුන් වළක්වා පීනන්නට පුළුවන් අය පළමුකොට මුහුදට පැන ගොඩට යන්නටත්, සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ.
ක්‍රියා 27:14-44 New International Version (NIV)
Before very long, a wind of hurricane force, called the Northeaster, swept down from the island. The ship was caught by the storm and could not head into the wind; so we gave way to it and were driven along. As we passed to the lee of a small island called Cauda, we were hardly able to make the lifeboat secure, so the men hoisted it aboard. Then they passed ropes under the ship itself to hold it together. Because they were afraid they would run aground on the sandbars of Syrtis, they lowered the sea anchor and let the ship be driven along. We took such a violent battering from the storm that the next day they began to throw the cargo overboard. On the third day, they threw the ship’s tackle overboard with their own hands. When neither sun nor stars appeared for many days and the storm continued raging, we finally gave up all hope of being saved. After they had gone a long time without food, Paul stood up before them and said: “Men, you should have taken my advice not to sail from Crete; then you would have spared yourselves this damage and loss. But now I urge you to keep up your courage, because not one of you will be lost; only the ship will be destroyed. Last night an angel of the God to whom I belong and whom I serve stood beside me and said, ‘Do not be afraid, Paul. You must stand trial before Caesar; and God has graciously given you the lives of all who sail with you.’ So keep up your courage, men, for I have faith in God that it will happen just as he told me. Nevertheless, we must run aground on some island.” On the fourteenth night we were still being driven across the Adriatic Sea, when about midnight the sailors sensed they were approaching land. They took soundings and found that the water was a hundred and twenty feet deep. A short time later they took soundings again and found it was ninety feet deep. Fearing that we would be dashed against the rocks, they dropped four anchors from the stern and prayed for daylight. In an attempt to escape from the ship, the sailors let the lifeboat down into the sea, pretending they were going to lower some anchors from the bow. Then Paul said to the centurion and the soldiers, “Unless these men stay with the ship, you cannot be saved.” So the soldiers cut the ropes that held the lifeboat and let it drift away. Just before dawn Paul urged them all to eat. “For the last fourteen days,” he said, “you have been in constant suspense and have gone without food—you haven’t eaten anything. Now I urge you to take some food. You need it to survive. Not one of you will lose a single hair from his head.” After he said this, he took some bread and gave thanks to God in front of them all. Then he broke it and began to eat. They were all encouraged and ate some food themselves. Altogether there were 276 of us on board. When they had eaten as much as they wanted, they lightened the ship by throwing the grain into the sea. When daylight came, they did not recognize the land, but they saw a bay with a sandy beach, where they decided to run the ship aground if they could. Cutting loose the anchors, they left them in the sea and at the same time untied the ropes that held the rudders. Then they hoisted the foresail to the wind and made for the beach. But the ship struck a sandbar and ran aground. The bow stuck fast and would not move, and the stern was broken to pieces by the pounding of the surf. The soldiers planned to kill the prisoners to prevent any of them from swimming away and escaping. But the centurion wanted to spare Paul’s life and kept them from carrying out their plan. He ordered those who could swim to jump overboard first and get to land. The rest were to get there on planks or on other pieces of the ship. In this way everyone reached land safely.