ක්‍රියා 27:13-17
ක්‍රියා 27:13-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දකුණු දිග සුළඟ මදින් මද ව හමන්නට වූ කල, තම අදහස ඉටුවිනැයි සිතූ ඔවුහු නැංගුරම් ඔසවා ක්‍රීත වෙරළ ආසන්නයේ යාත්‍රා කරන්නට වන්හ. වැඩි වේලාවක් යන්නට මත්තෙන්, යූරකුලෝ නමින් හැඳින්වෙන චණ්ඩ මාරුතය ගොඩ බිම දෙසින් ගසා හමන්නට වන්නේ ය; නැව කුණාටුවට හසුවූයෙන්, එය සුළං අතට හරවා ගැනීමට බැරි විය. එබැවින් ඒ ප්‍රයත්නය අත් හළ විට අප ගසා ගෙන යැවිණ. අප කවුදා නම් කුඩා දිවයිනෙහි ගොඩ බිම් මුවාවෙන් පාවී යද්දී, මහත් වෙහෙසක් දරා ජීවිතාරක්ෂක බෝට්ටුව බේරා ගතිමු. බෝට්ටුව ඔසවා නැවට ගත් නැවියෝ, නැව්බඳ සවිමත් කරන්නට කඹ නැව යටින් දමා බැන්දහ. සර්ටිස්හි වැලි කණ්ඩිවල නැව ගැටේ ය යන බියෙන් ඔවුහු පාවෙන නැංගුරම දමා, නැව පාවී යන්නට ඉඩ හළහ.
ක්‍රියා 27:13-17 Sinhala Revised Old Version (SROV)
දකුණු හුළඟ හීන්සැරේ ගැසූ කල, ඔව්හු, තමුන්ගේ අදහස ඉෂ්ටවුණේයයි සිතා, නැංගුරම් ඔසවා ක්රීතයේ වෙරළ අසලින්ම ගියෝය. නුමුත් මඳ වේලාවකින් එව්රකුලොන් නම් කුණාටු-හුළඟක් එතැනින් හැමුවේය. නැව ඊට අසුවී හුළඟ ඉදිරියට යන්ට බැරිවූ බැවින්, හුළඟට ගහගන යන්ට ඉඩ හැරියෙමුව. තවද ක්ලෞද කියන සුළු දිවයිනක මුවාවට දුවගොස් අමාරුවෙන් ඔරුව ගත්තෙමුව. ඔව්හු ඒක ඔසවාගත් විට ආධාර කඹ නැව යටින් දමා බැන්දෝය; සොරවැල්ලේ වැටේය යන භයින් ඔව්හු කුඹ දැව බා, එසේ ගෙනයනු ලැබුවෝය.
ක්‍රියා 27:13-17 Sinhala New Revised Version (NRSV)
දකුණෙන් මඳ සුළඟක් හැමූ කල, ඔව්හු තමන්ගේ අදහස ඉටු වී යයි සිතා නැංගුරම් ඔසවා ක්රීතයේ වෙරළ ළඟින් ම ගියහ. එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු. තවද, ක්ලෞද නම් සුළු දිවයිනක මුවාවට දුව ගොස් අමාරුවෙන් නැවේ ඔරුව රැකගත්තෙමු. ඔව්හු එය නැවට ඔසවා, ආධාර කඹ නැව යටින් දමා බැන්දාහ; සර්ටිස්හි වැලි කණ්ඩිවල ගැටේ ය යන බියෙන් ඔව්හු කුඹදැව බා, නැව ගසා ගෙන යන්නට ඉඩ දුන්හ.
ක්‍රියා 27:13-17 Sinhala New Revised Version 2018 (SNRV)
දකුණෙන් මඳ සුළඟක් හැමූ කල, ඔව්හු තමන්ගේ අදහස ඉටු වී යයි සිතා නැංගුරම් ඔසවා ක්රීතයේ වෙරළ ළඟින් ම ගියහ. එහෙත් නොබෝ වේලාවකින් ‘එව්රකුලොන්, නම් චණ්ඩ මාරුතයක් දිවයින හරහා හැමුවේ ය. නැව ඊට අසු වී, සුළඟට මුහුණ පා යන්නට බැරි වූ බැවින්, අපි එය සුළඟට ගසාගෙන යන්නට ඉඩ හැරියෙමු. තවද, ක්ලෞද නම් සුළු දිවයිනක මුවාවට දුව ගොස් අමාරුවෙන් නැවේ ඔරුව රැකගත්තෙමු. ඔව්හු එය නැවට ඔසවා, ආධාර කඹ නැව යටින් දමා බැන්දාහ; සර්ටිස්හි වැලි කණ්ඩිවල ගැටේ ය යන බියෙන් ඔව්හු කුඹදැව බා, නැව ගසා ගෙන යන්නට ඉඩ දුන්හ.
ක්‍රියා 27:13-17 New International Version (NIV)
When a gentle south wind began to blow, they saw their opportunity; so they weighed anchor and sailed along the shore of Crete. Before very long, a wind of hurricane force, called the Northeaster, swept down from the island. The ship was caught by the storm and could not head into the wind; so we gave way to it and were driven along. As we passed to the lee of a small island called Cauda, we were hardly able to make the lifeboat secure, so the men hoisted it aboard. Then they passed ropes under the ship itself to hold it together. Because they were afraid they would run aground on the sandbars of Syrtis, they lowered the sea anchor and let the ship be driven along.