ක්‍රියා 27:1-4 - Compare All Versions

ක්‍රියා 27:1-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අප ඉතාලිය බලා යාත්‍රා කළ යුතු යයි තීරණය වූ කල, පාවුල් හා තවත් සිරකරුවන් ඇතැම් දෙනකු අධිරාජ බලඇණියේ සියයේ සෙන්පතියකු වූ ජුලියස් භාරයට පත් කෙරිණි. ආසියා කලාපයේ වෙරළබඩ වරායන් බලා පිටත්වීමට සූදානමින් තිබූ අද්‍රාමුත්තියේ නැවකට ගොඩ නැගුණු අපි වෙරළින් ඈත් වන්නට වීමු. තෙසලෝනිකයෙහි අරිස්තාර්කස් නම් මකිදෝනි වැසියෙක් ද අප සමඟ විය. පසු දින අපි සීදොන්ට ගොඩ බැස්සෙමු. ජුලියස්, පාවුල්ට කාරුණික වී, ඔහුගේ මිතුරන් හමුවට යෑමටත්, ඔවුන් වෙතින් ඔහුගේ අවශ්‍යතා සපයා ගැනීමටත් ඉඩ දුන්නේ ය. එතැනින් යළි පිටත් ව ගිය ද, සුළඟ අපට විරුද්ධ ව හැමූ බැවින් අපි සයිප්‍රස් ගොඩ බිම් මුවාවෙන් යාත්‍රා කළෙමු.

බෙදාගන්න
ක්‍රියා 27 SCV

ක්‍රියා 27:1-4 SROV (Sinhala Revised Old Version)

ඉතාලියට නැව් නැගී යන්ට අපට නියමකරනු ලැබූ කල්හි පාවුල්ද වෙනත් සමහර හිරකාරයෝද අගොස්තීනු කණ්ඩායමට අයිතිවූ ජුලියස් නම් සියයකට මුලාදෑනියෙකුට භාරදෙනලද්දෝය. අපි ආසියාවේ මුහුදුබඩ ස්ථානවලට යාත්‍රාකරන්ට තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැගී පිටත්වුණෙමුව; තෙසලෝනිකයේ මකිදෝනියෙක්වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේය. පසුවදා සීදොන්ට පැමිණියෙමුව. ජුලියස් පාවුල්ට මිත්‍රකම් පෙන්වමින්, ඔහුගේ මිත්‍රයන් ළඟට යන්ටද පහසු ලබන්ටද ඔහුට ඉඩ ඇරියේය. එතැනින් පිටත්වී, හුළඟ විරුද්ධව තිබුණු බැවින් කුප්‍රසේ මුවාවෙන් යාත්‍රාකර ගියෙමුව.

බෙදාගන්න
ක්‍රියා 27 SROV

ක්‍රියා 27:1-4 NRSV (Sinhala New Revised Version)

ඉතාලියට නැව් නැඟී යන්නට තීරණය කරනු ලැබූ විට, පාවුලු සමඟ තවත් සිරකාරයෝ සමහර දෙනෙක්, අගොස්තීනු නම් බලඇණියේ, ජුලියස් නම් ශතාධිපතියාට භාර දෙන ලද්දෝ ය. අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය. පසුවදා අපි සීදොනට ළඟා වීමු. ජුලියස් පාවුලුට කරුණාව දක්වමින් ඔහුගේ මිත්‍රයන් හමු වීමට යන්නටත්, ඔවුන්ගෙන් සත්කාර ලබන්නටත් ඔහුට ඉඩ දුන්නේ ය. එතැනින් පිටත් වී යන විට, සුළඟ අපට විරුද්ධ ව හැමූ බැවින් සයිප්‍රසයේ වෙරළාසන්නයෙන් යාත්‍රා කෙළෙමු.

බෙදාගන්න
ක්‍රියා 27 NRSV

ක්‍රියා 27:1-4 SNRV (Sinhala New Revised Version 2018)

ඉතාලියට නැව් නැඟී යන්නට තීරණය කරනු ලැබූ විට, පාවුලු සමඟ තවත් සිරකාරයෝ සමහර දෙනෙක්, අගොස්තීනු නම් බලඇණියේ, ජුලියස් නම් ශතාධිපතියාට භාර දෙන ලද්දෝ ය. අපි ආසියාවේ මුහුදුබඩ වරායවලට යාත්‍රා කරන්නට සූදානම් ව තිබුණු අද්‍රාමුත්තියේ නැවකට නැඟී පිටත් වුණෙමු. තෙසලෝනිකයේ මසිදෝනි වැසියෙක් වූ අරිස්තාර්කස් අප සමඟ සිටියේ ය. පසුවදා අපි සීදොනට ළඟා වීමු. ජුලියස් පාවුලුට කරුණාව දක්වමින් ඔහුගේ මිත්‍රයන් හමු වීමට යන්නටත්, ඔවුන්ගෙන් සත්කාර ලබන්නටත් ඔහුට ඉඩ දුන්නේ ය. එතැනින් පිටත් වී යන විට, සුළඟ අපට විරුද්ධ ව හැමූ බැවින් සයිප්‍රසයේ වෙරළාසන්නයෙන් යාත්‍රා කෙළෙමු.

බෙදාගන්න
ක්‍රියා 27 SNRV

ක්‍රියා 27:1-4 NIV (New International Version)

When it was decided that we would sail for Italy, Paul and some other prisoners were handed over to a centurion named Julius, who belonged to the Imperial Regiment. We boarded a ship from Adramyttium about to sail for ports along the coast of the province of Asia, and we put out to sea. Aristarchus, a Macedonian from Thessalonica, was with us. The next day we landed at Sidon; and Julius, in kindness to Paul, allowed him to go to his friends so they might provide for his needs. From there we put out to sea again and passed to the lee of Cyprus because the winds were against us.

බෙදාගන්න
ක්‍රියා 27 NIV