ක්‍රියා 20:7-11
ක්‍රියා 20:7-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සතියේ පළමු දවසේ රොටි කැඩීමට අපි එක් රැස් වුණෙමු. එහි රැස්වූවන්ට පාවුල් දේශනා කළේ ය. ඊළඟ දවසේ එපෙදෙසින් සමු ගැනීමට අදහස් කළ බැවින්, රෑ මැදියම වන තුරුත් ඔහු දිගට ම කතා කළේ ය. අප රැස් ව සිටි උඩු මහල් කාමරයේ බොහෝ පහන් දල්වා තිබිණි. යුතිකස් නම් තරුණයෙක් ජනෙල් පඩිය මත හිඳ, නිදි කිරමින් සිටියේ ය. පාවුල් දිගට ම කතා කර ගෙන යද්දී, තද නින්දට පත් හෙතෙම තෙවන මහලේ සිට ඇද වැටිණි. ඔහු එසවූ කල මැරී සිටියේ ය. පාවුල් පහළට අවුත්, තරුණයා මත දිගා වී ඔහු වැලඳ, “බිය නො වන්න; ඔහුට පණ ඇතැ” යි කීවේ ය. ඉන්පසු නැවතත් උඩු මහලට ගිය ඔහු රොටි කඩා අනුභව කළේ ය. පාවුල් පිටත් ව ගියේ, පසු දිනට පහන් වන තෙක් ම ඔවුන් හා කතා කළ පසුව ය.
ක්‍රියා 20:7-11 Sinhala Revised Old Version (SROV)
සතියේ පළමුවෙනිදා අපි රොටි කඩන්ට රැස්වූ කල, පාවුල් පසුවදා යන්ට අදහස්කරගෙන, ඔවුන්ට අනුශාසනාකෙළේය; ඔහුගේ කථාව මධ්‍යම රාත්‍රිය දක්වා පැවතුණේය. අප රැස්ව සිටි උඩුමහලේ බොහෝ පහන් තිබුණේය. යුතිකස් නම් එක් තරුණයෙක් බොහෝ නිදිබරව කවුළුව උඩ ඉඳගෙන උන්නේය; පාවුල් තව දුරට අනුශාසනාකරද්දී යුතිකස් නින්දේ තදකම නිසා තුන්වෙනි මහලින් පහළට වැටුණේය, ඔහු ඔසවාගත් කල මැරී සිටියේය. එවිට පාවුල් බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳගන: ඝෝෂා නොකරන්න; මක්නිසාද මොහුගේ ප්‍රාණය මොහු තුළ තිබේයයි කීවේය. ඔහු නැවත උඩට ගොස්, රොටි කඩා කා, ඔවුන් සමඟ බොහෝ වේලාවක් එනම් පහන්වන තුරු කථාකර, පසුව පිටත්ව ගියේය.
ක්‍රියා 20:7-11 Sinhala New Revised Version (NRSV)
සතියේ පළමු වැනි දා අප රොටි කඩන්නට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය; අප රැස් ව සිටි උඩු මහලේ බොහෝ පහන් දල්වා තිබිණි. යුතිකස් නම් එක් තරුණයෙක් නිදි කිරා වැටෙමින් කවුළුව උඩ උන්නේ ය; පාවුලු දිගින් දිගට අනුශාසනා කරද්දී යුතිකස් බර නින්ද නිසා තුන්වැනි මහලින් පහළට වැටිණි. ඔහු ඔසවා ගත් කල මැරී සිටියේ ය. එවිට පාවුලු බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳ ගෙන: “කරදර නොවන්න, මොහුට තව ම පණ තිබේ ය”යි කී ය. ඔහු නැවත උඩුමහලට ගොස්, රොටි කඩා වළඳා, ඔවුන් සමඟ පහන් වන තුරු බොහෝ වේලාවක් කතා කර, පසුව පිටත් ව ගියේ ය.
ක්‍රියා 20:7-11 Sinhala New Revised Version 2018 (SNRV)
සතියේ පළමු වැනි දා අප පූප කැඩීමට රැස් වූ කල, පාවුලු පසුවදා යන්නට අදහස් කළ බැවින්, මැදියම් රැය දක්වා, ඔහු ඔවුන්ට අනුශාසනා කෙළේ ය; අප රැස් ව සිටි උඩු මහලේ බොහෝ පහන් දල්වා තිබිණි. යුතිකස් නම් එක් තරුණයෙක් නිදි කිරා වැටෙමින් කවුළුව උඩ උන්නේ ය; පාවුලු දිගින් දිගට අනුශාසනා කරද්දී යුතිකස් බර නින්ද නිසා තුන්වැනි මහලින් පහළට වැටිණි. ඔහු ඔසවා ගත් කල මැරී සිටියේ ය. එවිට පාවුලු බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳ ගෙන: “කරදර නොවන්න, මොහුට තව ම පණ තිබේ ය”යි කී ය. ඔහු නැවත උඩුමහලට ගොස්, පූප කඩා වළඳා, ඔවුන් සමඟ පහන් වන තුරු බොහෝ වේලාවක් කතා කර, පසුව පිටත් ව ගියේ ය.
ක්‍රියා 20:7-11 New International Version (NIV)
On the first day of the week we came together to break bread. Paul spoke to the people and, because he intended to leave the next day, kept on talking until midnight. There were many lamps in the upstairs room where we were meeting. Seated in a window was a young man named Eutychus, who was sinking into a deep sleep as Paul talked on and on. When he was sound asleep, he fell to the ground from the third story and was picked up dead. Paul went down, threw himself on the young man and put his arms around him. “Don’t be alarmed,” he said. “He’s alive!” Then he went upstairs again and broke bread and ate. After talking until daylight, he left.