ක්රියා 2:19-20
ක්රියා 2:19-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඉහළ අහසේ අරුමයන් ද පහත පොළොවේ ලේ ද ගිනි ද ධූම තරංග ද යන ලකුණු ද දක්වමි. ස්වාමින්වහන්සේගේ ඒ මහා තේජෝබල දවස පැමිණෙන්නට පළමු හිරු අන්ධකාරයට හැරෙන්නේ ය; සඳු ලෙයට හැරෙන්නේ ය.
බෙදාගන්න
ක්රියා 2 කියවන්නක්රියා 2:19-20 Sinhala Revised Old Version (SROV)
තවද උඩ අහසෙහි පුදුමද පාත පොළොවෙහි ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් වලාපටලත් දක්වන්නෙමි. ස්වාමීන්වහන්සේගේ මහත්වූ තේජවත්වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය.
බෙදාගන්න
ක්රියා 2 කියවන්නක්රියා 2:19-20 Sinhala New Revised Version (NRSV)
තවද, ඉහළ අහසේ අරුමපුදුම දේ ද, පහත පොළොවේ ලකුණු ද දක්වාලමි. ලේ ද ගිනි ද දුම්වලාපටල ද ඇති වේ. සමිඳාණන් වහන්සේගේ උදාර තේජාන්විත ඒ දවස පහළ වන්නට පෙර, ඉර අඳුරු වන්නේ ය. හඳ ලේ පාට වන්නේ ය.
බෙදාගන්න
ක්රියා 2 කියවන්න