ක්රියා 2:1-2
ක්රියා 2:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුහු සියල්ලෝ එක් තැනක එක් ව සිටියහ. හදිසියේ ම සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් ඇසී, ඔවුන් හිඳ සිටි නිවස මුළුමනින් එයින් පිරී ගියේ ය.
බෙදාගන්න
ක්රියා 2 කියවන්නක්රියා 2:1-2 Sinhala Revised Old Version (SROV)
තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එකතැනක රැස්ව සිටියෝය. තද හුළඟක් හමන්නාක්මෙන් ශබ්දයක් අහසෙන් හදිසියෙන් පැමිණ, එයින් ඔවුන් හිඳගෙන උන්නාවූ මුළු ගෙය පිරුණේය.
බෙදාගන්න
ක්රියා 2 කියවන්නක්රියා 2:1-2 Sinhala New Revised Version (NRSV)
තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ. එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය.
බෙදාගන්න
ක්රියා 2 කියවන්න